විදෙස්ගත ලාංකිකයන්ට

විදේශ රැකියා ගැන සමාජ මාධ්‍ය දැන්වීම්වලට හසුවෙන්න එපා / කාර්යාංශය දන්වයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

විදේශ රැකියා ගැන සමාජ මාධ්‍ය දැන්වීම්වලට හසුවෙන්න එපා / කාර්යාංශය දන්වයි

විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළ කරමින් සිදු කරන ජාවාරම්වලට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම්දෙයි. සාමජ මාධ්‍යයෙහි විවිධ දැන්වීම් පළ කරමින් විදෙස් රැකියා අපේක්ෂකයින් මුලා කොට විවිධ ජාවාරම් සිදු කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම සිය කාර්යංශයට ද පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. බලපත්‍රලාභි රැකියා නියෝජිතායතනවලට විදේශ රැකියා සඳහා නීත්‍යනුකූල දැන්වීම් පළ කිරීමට අනුමැතිය හිමි වන්නේ පුවත්පත්, රූපවාහිනි සහ ගුවන් විදුලි වැනි මාධ්‍යවල ඔස්සේ පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ. සමාජ මාධ්‍යවල දැන්වීම් හෝ තොරතුරු පළ කිරීමට කාර්යංශයෙන් අනුමැතිය ලබා නොදෙන බවත් සමාජ මාධ්‍යවල විදේශ රැකියා හා සම්බන්ධ දැන්වීම් පළ කිරීම කාර්යංශ පනතට අනුව නීතිවිරෝධි හා දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද එහි සඳහන් ය. එබැවින් ...
ලියාපදිංචි විදෙස්ගත ශ්‍රමිකයින්ට ආපසු ඒමට නොමිලයේ ගුවන් ටිකට්පත්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

ලියාපදිංචි විදෙස්ගත ශ්‍රමිකයින්ට ආපසු ඒමට නොමිලයේ ගුවන් ටිකට්පත්

විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියළු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ එම ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අපහසුතා තිබේනම් ඒ පිළිබඳ සොයාබලා විදේශ සේවා කාර්යාංශයේ මැදිහත්වීමෙන් ටිකට්පත් මිලදී ගෙන ලබාදීමට පියවර ගන්නැයි උපදෙස් දුන් බවයි. විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචිය සහිත විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙම සහනය ලබාදීමට නියමිතයි. "මම කාර්යාංශයට නියෝග කළා. කාර්යාංශයේ ලියාංදිංචිවෙලා විදේශගත වූ ශ්‍රමිකයෙක් වේ නම් ඔහුගේ පවුලේ සාමාජිකයෙකුත් සිටී නම්, ඔවුන්ට එවැනි ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ අපහසුතාවයක් තිබේ නම් කාර්යාංශය මගින් වහාම ඒ රටේ ඒ සියලුදෙනාමට ගුවන් ටිකට්පත ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මේ විදේශ ශ්‍රමිකයන් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට ගුවන් යානා පහසුකම් සකස්...
විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමට රු. බි.14ක තැන්පතුව යොදවයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමට රු. බි.14ක තැන්පතුව යොදවයි

කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කරවා ඇත. කාර්යාංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව මේ අවස්ථාවේදී කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත ප්‍රකාශ කළේය. මැදපෙරදිග තෙල් මිල පහළ යාම හේතුවෙන් රැකියා අහිමි වූවන් සහ කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිස් හතර දහස් හත්සිය විසි එකක් (34,721) මෙරටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉල්ලීම් ලැබී ඇතැයි ද මෙහිදී අනාවරණය විය. විදෙස් තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නිලධාරීන් නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 80 ක්...
විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න / අගමැතිගෙන් උපදෙස්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න / අගමැතිගෙන් උපදෙස්

මෙරටට පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (2021.01.26) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව අවධාරණය කළා. ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අගමැතිවරයා මෙහිදී විශ්වාසය පළ කළා. ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍යඅවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා. මෙසේ ...
ඊශ්‍රායලයේ ලාංකිකයන් පිරිසකගෙන් විශේෂ ඉල්ලීමක්
වැඩියෙන් නැරඹූ, විදෙස්ගත ලාංකිකයන්ට

ඊශ්‍රායලයේ ලාංකිකයන් පිරිසකගෙන් විශේෂ ඉල්ලීමක්

කොවිඩ් 19 වයිරසය සදහා ලබා දෙන ෆයිසර් එන්නතේ පළවෙනි සහ දෙවැනි මාත්‍රාව ලබා ගෙන අවසන්ව, නැවත දිවයිනට පැමිණීමේදී පී.සී.ආර්.පරීක්ෂණ සහ දින 14 නිරෝධායනය සිදු කළ යුතු යන්න යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල් හී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් එරට ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයෙන් ලිඛිතව විමසීමක් සිදු කර ඇත. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ නීරෝධායන නීතීය පිළිපැදිය යුතුද යන්න සොයා බලා ඒ පිළිබද දැනුවත් කරන්නැයි එම ලාංකික ශ්‍රමිකයින් පිරිසක් එරට ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයෙන් ලිඛිතව යොමු කළ ලිපියෙන් වැඩිදුරටත්  ඉල්ලා සීටී එලෙස එන්නත් ලබා ගත් විදෙස්ගත ලාංකිකයින් ලංකාවට පැමිණීමේදී පවතින නිරෝධායන ප්‍රතිපත්තිය වඩා වඩා ලිහිල් ක්‍රමවේදයක් තමන් වෙනුවෙන් අනුගමනය කරන්නැයි ද එම ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයෝ රජයෙන් ඉල්ලා සිටිති. අදාළ කොවිඩ් එන්නත් මාත්‍රාව ඊශ්‍රායලයේදී දැනටමත් ලබා ගෙන අවසන් ලාංකික ශ්‍රමිකයින් සැලකිය යුතු පිරිසක් ම...
රියාද් නුවරට එල්ලවූ මිසයිල ප්‍රහාර වළකයි
විදෙස්ගත ලාංකිකයන්ට

රියාද් නුවරට එල්ලවූ මිසයිල ප්‍රහාර වළකයි

සෞදියේ රියාද් නුවරට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වූ බවත්, සෞදි ගුවන් හමුදාව එම මිසයිල උඩු ගුවනේ දී පුපුරුවා හැරිය බවත් එරට පුවත් සේවා වාර්තා කර තිබේ. මිසයිල ප්‍රහාර එල්ල කළේ යේමනයේ සෞදි විරෝධී, ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් යැයි පැවැසෙයි. හවුති කැරැලිකරුවන් මීට පෙර ද සෞදියට මෙසේ මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. මිසයිල ප්‍රහාරය හේතුවෙන් රියාද් ගුවන්තොටුපොළේ ගුවන්ගමන් කටයුතු තාවකාලිකව නැවැත්වීමට ද බලධාරීන් පියවර ගත් බව පැවැසෙයි. මිසයිල ප්‍රහාරවලින් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත. රියාද් නුවර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේ යැයි හවුති කැරැලිකරුවන් කිසිවක් පවසා නැත. රියාද්හිදීය (ඒ.එෆ්.පී.)...
විදේශ රැකියා සඳහා යන්නන්ට ගුවන් තොටුපලේ වෙනම පිවිසුමක්
විදෙස්ගත ලාංකිකයන්ට

විදේශ රැකියා සඳහා යන්නන්ට ගුවන් තොටුපලේ වෙනම පිවිසුමක්

විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් හා සංචාර සඳහා පිටවන්නන් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂයෙන් වෙන්කල ස්ථානයකින් ඇතුල් වීමේ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. “ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන් - විදේශ රැකියා හා සංචාරක ” යනුවෙන් නම්කොට ඇති එම ස්ථානය අද දින සිට ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව කවුළුවක් හරහා දැනුවත් කිරිම හා පරික්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුව විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ප්‍රථමයෙන් හඳුනා ගෙන කඩිනමින් ඔවුන්ගේ කටයුතු, ගුවන් තොටුපල පිටත් වීමේ පර්යන්තයේ පිහිටි කාර්යංශයේ ප්‍රධාන කවුළුවේදී සිදුකෙරේ. මෙහිදී විවිධ වීසා බලපත්‍ර උපයෝගි කර ගෙන රැකියා සඳහා පිටත්ව යන අය හඳුනා ගැනිම පහසු කෙරෙනු ඇත. කොවිඩි උවදුර නිසා ගුවන්...