විදෙස්ගත ලාංකිකයින්ට

ඔස්ට්‍රේලියානු  රැකියා දෙන නව වැඩපිළිවෙලක් අරඹයි

ඔස්ට්‍රේලියානු රැකියා දෙන නව වැඩපිළිවෙලක් අරඹයි

හොඳම සහ බුද්ධිමත්ම සේවකයින් දහස් ගණනින් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා ඇතැම් විදේශ රටවල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නියෝජනය කරන බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ. ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන යටතේ ලොව ප්‍රධාන රටවල කිහිපයකම බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ. එසේ අනියුක්ත කළ එක් නිලධාරියෙකු පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman විසින් හෙළිදරව් කළේය. අදාළ නිලධාරියා ජර්මනියේ බර්ලින් නුවර සිට සිය කටයුතු කරන බව ඔහු පැවසීය. ඊට අමතරව ලබන මාසයේදී ඇමෙරිකා එක
මෙල්බර්න් නුවරදී ලක් සිසුවෙක් අතුරුදන්

මෙල්බර්න් නුවරදී ලක් සිසුවෙක් අතුරුදන්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් කලාපයේ වාසය කළ ශ්‍රී ලාංකික අන්තර්ජාතික ශිෂ්‍යයකු වූ තිදිනික කුලතුංග නමැති තරුණයා පසුගිය ජූලි 20 වන දින සිට අතුරුදන්ව ඇතැයි වික්ටෝරියා පොලීසිය පවසයි. 21 හැවිරිදි මෙම තරුණයා සෙවීමට වික්ටෝරියා පොලීසිය මහජන සහය අපේක්ෂා කරන බවද වික්ටෝරියා පොලීසියේ නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. අතුරුදන්ව සිටින මෙම තරුණයා ව ජූලි 20 වන දින පස්වරු 1.30 ට පමණ Glen Waverley ප්‍රදේශයේදී අවසන් වරට දැක ඇති අතර ඔහු Craigieburn ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බව වාර්තා වේ. ඔහු තම 1998 Honda Accord sedan මාදිලියේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර කළු පැහැති ලෙදර් ජැකට්ටුවක් හැඳ සිට ඇත. මොහු නිරතුරුවම Alpine කලාපයේ ගමන් කරන බවට තොරතුරු ලැබී ඇති අතර Great Alpine මාර්ගයේ රිය ධාවනය කිරීමට ඔහු බෙහෙවින් කැමැත්තක
විදෙස්ගත වන ශ්‍රමිකයින්ට නව පහසුකම්

විදෙස්ගත වන ශ්‍රමිකයින්ට නව පහසුකම්

විදේශ රැකියාවට යොමුවන ශ‍්‍රමිකයන් සඳහා සුභ සාධන පහසුකම් පුළුල් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය සහ නිවාස ණය පිළිබද මෙහිදී වැඩි අවධානය යොමු කෙරෙනවා. මහජන බැංකුව සමඟ එක්ව ලබාදෙන රුපියල් පනස් දහසක පෙර විගමණික ණය මුදල රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කරගැනීම මෙහි අරමුණයි. මීට අමතරව නිවාස ණය මුදල ද රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කරන බව ද කාර්යාංශය සඳහන් කළා. මෙම කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ මහජන බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
සවුදියේදී මියයන ලාංකිකයන්ට කඩිනමින් වන්දි දෙන්න ගිවිසුමක්

සවුදියේදී මියයන ලාංකිකයන්ට කඩිනමින් වන්දි දෙන්න ගිවිසුමක්

සෞදි අරාබියේ සේවය කරන ශ්‍රීලාංකිකයකු එරටදී මරණයට පත්වුවහොත්, ඔවුන්ගේ පවුලේ යැපෙන්නන්ට කඩිනමින් වන්දි ලබා ගැනීමට එරට නීති ආයතනයක් සමඟ නව ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම නව ගිවිසුම්ගත වීම හරහා තෙවැනි පාර්ශවයක නොසැළකිලිමත්කම හේතුවෙන් මරණයට පත්වූ ශ්‍රී ලාංකිකයින්ගේ යැපෙන්නන්ට මරණ වන්දි නඩු කඩිනමින් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. එමෙන්ම සෞදි අරාබියේ දී මිනීමැරුම් නඩුවලට අදාළව ලේ වන්දි පැන නගින  ලාංකිකයන් සම්බන්ධයෙන් ද මෙම ගිවිසුම යටතේ කටයුතු කෙරෙන අතර, ඊට අදාළ නඩු කටයුතු කඩිනම් කිරීමට ද ගිවිසුම යටතේ පියවර ගැනෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමඟ අගතියට පත් පාර්ශවයන්ට කඩිනමින් යුක්තිය ඉටු කර ගැනීමත්  එම වන්දි නඩු විසඳීමේ ප‍්‍රමාදයන් වළක්වා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර අගතියට පත් පාර්ශ්වයන්ට
ඔස්ට්‍රේලියාවේ Orana කලාපයට 489 වීසා සඳහා EOI කැඳවීම අරඹයි

ඔස්ට්‍රේලියාවේ Orana කලාපයට 489 වීසා සඳහා EOI කැඳවීම අරඹයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපයට සංක්‍රමණිකයින් බාරගැනීමට ක්‍රියාත්මක වූ 489 වීසා උප ඛාණ්ඩයේ අයදුම්පත් කැඳවීම නැවත ආරම්භ කර තිබේ. පසුගිය සමයේදී Orana කලාපයට අදාළ 489 වීසා උප ඛාණ්ඩයේ අයදුම්පත් කැඳවීම නවතා තිබුණු අතර මෙහිදී නැවතත් එය ආරම්භ කර ඇත්තේ නව ක්‍රමවේදයකට අනුව බව සඳහන්. Orana කලාපයේ 489 වීසා උප ඛාණ්ඩය 2019 ජුනි 01 වන දින සිට Orana කලාපයේ ස්ථාපනය වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයින් හට ඒ සඳහා අයදුම් කළ යුත්තේ Expression of Interest හෙවත් EOI ක්‍රමය හරහා බව rdaorana නිල වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව ප්‍රථමයෙන්ම EOI එකක් යොමු කර ඒ සඳහා කැඳවීමක් කළහොත් පමණක් සම්පූර්ණ අයදුම්පත යොමු කළ යුතු බව ඔවුන් පවසයි. මෙම ජුනි මාසයේදී සලකා බැලෙන EOI පිළිබඳ rdaorana නිල වෙබ් අඩවිය පහත කොන්දේසි වාර්තා කර තිබුණි. 01. Orana කලාපයේ අවම වශයෙන් මා
කුවේට් යන ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

කුවේට් යන ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජුනි 3වන දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දි ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙනවා. මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සඳහා යන ශ්‍රමිකයින් සඳහා අනිවාර්ය වන අතර සේවකයා බදවාගනු ලබන එරට හාම්පුතා විසින් රක්ෂණ සමාගම විසින් මෙම රක්ෂණාවරණය ලබාදිය යුතු වනවා. මෙමඟින් කුවේට් රටේදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයාට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමිවනු ඇති. ශ්‍රමිකයින් රැකියාව සඳහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර, විදේශ රැකියාවට පෙර ශ්‍රි ලංකා විදේශ
ලංකාවේ වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

ලංකාවේ වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්යාලය අතුලු වෙබ් අඩවි 11කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිඛෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කළේ එය මැඩපැවැත්වීමට පියවර ගනිමින් පවතින බවයි. ඒ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශ සහායද හිමිව තිඛෙනවා.
තැපල්පතිවරයාගෙන් විශේෂ නිවේදනයක්

තැපල්පතිවරයාගෙන් විශේෂ නිවේදනයක්

දැනට දිවයිනේ පවත්නා ආරක්ෂක තත්වය පිළිබඳව සැලකිල්ට ගෙන, දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකෙරෙන පාර්සල්, තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හො බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක්,තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස සියළු තැපැල් ස්ථානාධිපතිවරු වෙත දැනුම් දී තිඛෙනවා. ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස මහජනතාව වෙත තැපැල්පතිවරයා දැනුම් දෙන අතර බැහැර සිට ඇසුරුම් කර රැගෙන එන පාර්සල් භාරගැනීම,කවුළු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම හෝ විවෘත කර පෙන්වා යළ ඇසුරුම් කරන ලෙස ,මහජනතාව වෙත තැපැල් කාර්යාලයේදී උපදෙස් ලැබිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කරයි. එහෙයින් සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සඳහා සියළු පාර්සල්, තැපැල් කාර්යාලය තුලදී ඇසුරුම් බාරදෙන ලෙස මහජානතාව වෙත දැනුම් දෙන බවද පාර්සල් භාර දෙන අය තමන්ගේ අනන
ඔස්ට්‍රේලියාවේ ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය Canberra Matrix.

ඔස්ට්‍රේලියාවේ ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය Canberra Matrix.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය වන Canberra Matrix පිළිබඳ පූර්ණ විස්තර මෙතනින්. කැන්බරා පදිංචිකරුවන් සඳහා CANBERRA RESIDENT CATEGORY OPTION POINTS Current ACT residence How long have you lived in Canberra in the last five years?   You can have holidays interstate or overseas (up to six weeks per year) without it affecting your period of ACT residency.   You can also study interstate for one or two days a week without affecting your period of ACT residency. However, if you work interstate, or study more than two days a week interstate, you will not be considered an ACT resident for that period.   Living within a 30 minute commute to Canberra is also accepted.   More than fo
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ ඇගයීම් වෙනස් කෙරේ

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ ඇගයීම් වෙනස් කෙරේ

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මෙන්ම රැකියා වීසා ලබා ගැනීමේදී තමන්ගේ නිපුණතාවන් ඇගයීමකට ලක් කෙරෙන Trade Skills Assessment වැඩසටහනේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට Trades Recognition Australia (TRA) පියවර ගෙන තිබේ. ඔස්ට්‍රේලියාව තුළ සිට හෝ විදෙස් රටක සිට නිපුණතා සංක්‍රමණික වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට අපේක්ෂා කරන පුද්ගලයින් තමන්ගේ වෘත්තීය සුදුසුකම් ඇගයීමකට ලක් කළ යුතුය. Trade Skills Assessment වැඩසටහනේ වෙනස්කම් 2019 මාර්තු 01 වන දින සිට Trade Skills Assessment වැඩසටහනේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර  ඒවා පහත වැඩසටහන් කෙරෙහි බලපාන බව tradesrecognitionaustralia වෙබ් අඩවිය පවසයි. TSS Skills Assessment Program (TSS program) Offshore Skills Assessment Program (OSAP) Trades Recognition Service (TRS) 01. සේවායෝජකත්වය සහ පුහුණුව පිළිබඳ සුදුස
ඔස්ට්‍රේලියාව තුල නව දෙමාපිය වීසා ක්‍රමය අප්‍රේල් 17 සිට

ඔස්ට්‍රේලියාව තුල නව දෙමාපිය වීසා ක්‍රමය අප්‍රේල් 17 සිට

ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා වර්ගය එළඹෙන අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබෙනවා. Temporary Sponsored Parent visa (subclass 870) නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ  වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවන බව සදහන්. Migration Amendment (Family Violence and Other Measures) Bill 2016 හෙවත් 2016 සංක්‍රමණික කටයුතු (පවුල් හිංසනය සහ වෙනත් ක්‍රියාමාර්ග) සංශෝධිත පනත පසුගිය වසරේ නොවැම්බර් 28 වන දින සෙනට් සභාව තුළදී සම්මත වීමත් සමග මෙම නව වීසා වර්ගය හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබුණු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු අමාත්‍ය David Coleman සදහන් කරනවා. ඔස්
විදෙස් ශ්‍රමිකයින්ට අයවැයෙන් සහන නිවාස ණයක්

විදෙස් ශ්‍රමිකයින්ට අයවැයෙන් සහන නිවාස ණයක්

විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට සහනදායී කොන්දේසි මත නිවාස ණය ක්‍රමයක් හදුන්වාදීමට අය වැය මගින් කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ සිහින මාළිගා නමින් මෙම නිවාස ණය හදුන්වා දෙන බවයි. ඒ අනුව මිලියන 10ක් දක්වා වන උපරිම ණය මුදලක් මේ යටතේ ලබාදෙන අතර ඒ වෙනුවෙන් අඩු පොලී අය කිරීමට නියමිතයි. එසේම වසර 2ක ණය සහන කාලයක් හා ණය ගෙවීමට වසර 15ක්ද මේ යටතේ ලබාදෙන බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.
කුවේට් කෝටි 13 ක කොල්ලයේ චෝදනා ලැබූ ලාංකිකයා නිදහස්

කුවේට් කෝටි 13 ක කොල්ලයේ චෝදනා ලැබූ ලාංකිකයා නිදහස්

කුවේට් දේශයේ නිවසක සේවය සදහා ගොස් සිටියදී රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් සොරකම් කළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ලාංකීය ශ්‍රමිකයකු නිදොස් කොට නිදහස් කර ගැනීමට කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිහු සමත්ව තිබෙනවා. සාධාරණ සාක්ෂිවලින් තොරව අත්අඩංගුවට ගෙන රදවා ගනිමින් වධහිංසාවලට ලක් කර සිටි මෙම ලාංකිකයා මේ වන විට මෙරටට ගෙන්වා ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ. ඔහු පසුගියදා තමන් බේරා ගැනීමට මැදිහත්වූ හිටපු විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය මුණ ගැසීමට පැමිණ සිය ස්තූතිය පල කළ කර තිබෙනවා. අමාත්‍යවරියගේ මැදිහත්වීම නොවන්නට තමන්ගේ ඉරණම වෙනස්විය හැකිව තිබූ බවයි මෙම ලාංකිකයා පවසන්නේ.
ගෘහ සේවිකාවන්ගේ පවුල් පසුබිම් වාර්තාව ඉවතට

ගෘහ සේවිකාවන්ගේ පවුල් පසුබිම් වාර්තාව ඉවතට

කාන්තාවක් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීමට අදාළව අනිවාර්යය කර ඇති පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් විදුලි සංදේශල ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කළ සුව දිවියට අරුණැල්ලක් වෛද්‍ය කදවුර සහ ජංගම සේවය ගාල්ල නාගොඩ, ශ්‍රී විජිතාරාමයේදී පැවැති අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. වෛද්‍ය කදවුරක් හරහා මේ ප්‍රදේයේ සිටින විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට වගේම ප්‍රදේශවාසීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. ඒ වගේම මෙතැන සිටින අයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. විගමණික පවුල් කියන්නේ රටට විශාල ආදායමක් ගෙන දෙන පිරිසක්. විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ආදායම් මාර්ගය බ
කොරියානු රැකියා ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

කොරියානු රැකියා ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත. දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලැබේ. මෙම රැකියා අවස්ථා සදහා දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට කිසිදු බලපෑමක් සිදුකළ නොහැක. කොරියානු රැකියා පෙර විගමණික පුහුණුව ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගන්නා සුදුසුකම්ලත් පුහුණු උපදේශකයින් විසිනි. කො
එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැදී සිටින්නන්ට පොදු සමා කාලයක්

එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැදී සිටින්නන්ට පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින්ට එරටින් නීත්‍යානුකූලව ඉවත්වීම සදහා මාස 3ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.ලබන මස පළමු වැනිදා සිට නොවැම්බර් පළමුවනදා තෙක් මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක වනවා. පොදු සමාකාලය තුළ එරට නීති විරෝධීව රැඳී සිටින්නන්ට නීත්‍යානුකූල ලෙස රැඳී සිටීමට අවශ්‍ය අවසරය ලබා ගැනීමට හා මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන්නන්ට නාමික ගාස්තුවක් පමණක් ගෙවාඑරටින් පිටවීමටත් මේ යටතේ අවස්ථාව හිමිවනවා. වීසා නීති උල්ලංඝණය කර එහි රැඳී සිටින්නන්ට දඩ මුදලකින් තොරව නීත්‍යානුකූල ලෙස රටින් පිටවීමට  මේ යටතේ අවස්ථාව හිමිවන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා. මේ වනවිටත්  වලංගු ගමන් බලපතක් ඇත්නම් අදාළ එමීර් බලධාරීන් වෙත යොමු වීමෙන් අවශ්‍ය සහන ලබාගත හැක
කෝටි 300 ක දියමන්තිය ඉස්සූ ලාංකිකයා ඩුබායි අත්අඩංගුවේ

කෝටි 300 ක දියමන්තිය ඉස්සූ ලාංකිකයා ඩුබායි අත්අඩංගුවේ

අමෙරිකානු ඩොලර් මිලියන 20ක් (රුපියල් කෝටි 300 ක්) වටිනා දියමන්තියක් සොරකම් කොට මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ ලාංකිකයකු ඩුබායි පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඩුබායි හී ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ලාංකිකයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවයි අරාබි පුවත් සේවා වාර්තා කළේ. කැරට් 9.33ක් වන මෙම දියමන්තිය මෙරට දුර්ලභ ගණයේ දියමන්තියක් වන අතර එය ද පොලිස් භාරයට ගෙන තිඛෙනවා. සැකකරු සොරකම කොට වෙනත් පුද්ගලයකුගේ සපත්තුවක සඟවා මුහුදු මගින් මෙරටට එවීමට සූදානම් කර තිබූ බවයි හෙළිව ඇත්තේ. මෙම දියමන්තිය Brilliant ලෙස නම් කර ඇති අතර ඊට අදාළව ඩුබායි පොලිසිය පරීක්ෂණ රැසක්ම ක්‍රියාත්මක කර තිබුණා.
වසරකට ලක් ශ්‍රමිකයින්ගේ වැඩිම මරණ සවුදි අරාබියෙන්

වසරකට ලක් ශ්‍රමිකයින්ගේ වැඩිම මරණ සවුදි අරාබියෙන්

වාර්ෂිකව මෙරටටින් විදෙස්ගත වන ශ්‍රමිකයින් පිරිසෙන් 600 ක් පමණ මැද පෙරදිගදී මරණයට පත්වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සදහන් කළේ ඒ අතරින් වැඩිම මරණ සිදුවන්නේ සවුදි අරාබිය තුලදී බවයි. හදිසි අනතුරු ඇතුලු විවිධ හේතූන් මත මෙම මරණ සිදුවන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් මරණ හා හදිසි අනතුරු සිදුවූ අවස්ථාවක ඒ පිළිබද ගත යුතු කඩිනම් පියවර පිළිබද විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන්ට නිසි අවබෝධයක් නොමැති බවද වසන්ත සේනානායක මහතා සදහන් කළා. එබැවින් සියලු තත්ත්වයන් පිළිබද විදෙස් ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
රට යන ගෘහ සේවිකාවන්ට නිල ඇදුමක් නෑ / කාර්යාංශය කියයි

රට යන ගෘහ සේවිකාවන්ට නිල ඇදුමක් නෑ / කාර්යාංශය කියයි

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හදුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා. විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බදවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයින් සදහාද ඒ ආකාරයේ නිල ඇදුමක් හදුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා. මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන කාන්තාවන් පිරිසක් නිල ඇදුමින් සැරසී රැකියා සදහා පිටත්ව යන බවට වන වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති බවද කාර්යාංශය සදහන් කළා. කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සදහා පිටත්වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇදුමකින් පිටත්වීම සම්බන්ධයෙන් පමණක් දැනු
ඊශ්‍රායලයේ නීති විරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

ඊශ්‍රායලයේ නීති විරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

මේ වන විට නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බැවින් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.  ඊශ්‍රාලයේ නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රමිකයින්ගේ දෙමාපියන් සහ භාරකරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙන්වා දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා  මේ බව සදහන් කලා. කෘෂි ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථාවන් අපිට ඊශ්‍රායලයෙන් ලැබුණා. ඒත් ඒක දැන් නතර වෙලා. ඒකට හේතුව තමයි රැකියා පන්සියයකට ගියපු අයගෙන් එකසිය පනහක් විතර ලංකාටව එන්නේ නැතිව එරට නතර වෙලා ඉන්න එක. අපි දැන් සාකච්ඡා කරලා
ලංකාවේ 1000කින් දෙදෙනෙක් වහල් සේවයේ / මැද පෙරදිග නරක අඩියක

ලංකාවේ 1000කින් දෙදෙනෙක් වහල් සේවයේ / මැද පෙරදිග නරක අඩියක

නූතන වහල්භාවය පිළිබද එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දර්ශකය අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ 130 වන ස්ථානය හිමිව තිඛෙනවා. ඒ ලෝකයේ රටවල් 167 ක් අතරිනුයි. ඒ අනුව ලෝකයේ නූතන වහල් වෙළදාම අවම රටවල් අතරට ශ්‍රී ලංකාව නම් වී තිඛෙනවා. මෙම වාර්තාවෙන් ලෝකයේ තවදුරටත් වහලුන් ලෙස නිසි ගෙවීම් හා පහසුකම්වලින් තොරව රැකියාවල යෙදෙන පුද්ගලයින් පිළිබද සිදුකළ පරීක්ෂණයේ වාර්තාවයි එළිදක්වා ඇත්තේ. අද වන විට ලෝකයේ මිලියන 40.3 ක පුද්ගලයින් මෙසේ වහල් ශ්‍රමිකයින් ලෙස සේවයේ යෙදී සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අතරින් සියයට 71 ක් කාන්තාවන් හා දැරියන් බවද වාර්තාවේ දැක්වෙනවා. ඒ අනුව ලංකාව තුල 44,000 කට ආසන්න පිරිසක් නූතන වහල් සේවයේ යෙදී සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ. එහිදී සංක්‍රමණික ජාවාරම / අවම පහසුකම් / අවධානම ආදී කරුණු සැලකිල්ලට ලක් කර තිඛෙනවා. කෙසේ වෙතත් ලංකාවේ