විදෙස්

ජන්දෙන් දින්න අඛේගෙන් උතුරු කොරියාවට අනතුරු ඇගවීමක්

ජන්දෙන් දින්න අඛේගෙන් උතුරු කොරියාවට අනතුරු ඇගවීමක්

උතුරු කොරියාව පිළිබද ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බව මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් ජපාන අගමැති ෂින්ෂෝ අඛේ මහතා පවසනවා. ඒ 3 න් 2ක බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. තමන් උතුරු කොරියාව සම්බන්දයෙන් අවශ්‍ය පියවර ගැනීම සදහා ඉල්ලා සිටි ජනවරම හිමිව ඇති බවයි ජපාන අගමැතිවරයා පවසන්නේ. ඒ අනුව උතුරු කොරියාවේ තර්ජනවලින් සිය ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා බවද ඔහු අවධාරණය කර තිඛෙනවා. ලබන මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් මහතා ජපානයේ සංචාරය කිරීමට නියමිතයි. එය උතුරු කොරියාවට තීරණාත්මක වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
මියුනිච් නගරයේදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

මියුනිච් නගරයේදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

ජර්මනියේ මියුනිච් නගරයේදී තියුණු ආයුධයක් රැගත් පුද්ගලයකු සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා. ප්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මේ වන විට එම සැකකරු නගරයේ මධ්‍ය කොටසේ සැගව සිටින බවයි. සැකකරු අත්අඩංගුවට ගන්නා තෙක් නිවාසවලින් පිටතට ගමන් නොකරන ලෙසයි මියුනිච් පොලිසිය ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැක මතුව තිඛෙනවා.
තරු දෙකක් ගැටී විශ්වයටම බලපෑම්

තරු දෙකක් ගැටී විශ්වයටම බලපෑම්

පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති න්‍යුට්රෝන තාරකා දෙකක්‌ අධි වේගයෙන් ගැටීම නිසා විශ්වය සෙලවීමකට ලක්‌වී ඇති බව විද්‍යාඥයන් පවසනවා. නාසා ආයතනය දක්‌වන්නේ මෙම න්‍යුට්රෝන තාරකා දෙකේ විෂ්කම්භය සැතපුම් 12 ක්‌ හෙවත් දැවැන්ත නගර 2ක් තරම් වන බවයි.  තාරකා දෙක එකිනෙක ගැටීම නිසා විශ්වය පුරා ගුරුත්වාකර්ෂණ තරංග පහත වැටී වැටී අතර ගුරුත්ව තරංග විශ්වය පුරා රැල්ලක් ලෙස විසිර ගොස් තිඛෙනවා. මේ හරහා විශ්වයේ පිහිටීමට මෙන්ම එය සමතුලිතාවයටද බලපෑමක් එල්ලවී ඇති බවත් දීර්ඝ කාලයක් එය බලපානු ඇති බවත් විදයාඥයන් සදහන් කරනවා.
151 ක් බේරා ගනිමින් යානයක් හදිසි ගොඩබෑමක

151 ක් බේරා ගනිමින් යානයක් හදිසි ගොඩබෑමක

මැලේසියාවට අයත් එයාර් ඒෂියා ගුවන් සේවයේ යානයක් හදිසියේ ගොඩබස්වා තිඛෙනවා. එම ගුවන් සේවය නිවේදනය කළේ අඩි 20000 ක් ඉහල ගුවනේදී යානය තුල වායු පීඩනය වැඩිවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි. ඒ වන විට යානය ඔස්ටේ්‍රලියාවේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් පැවතියා. ඒ කාර්ය මණ්ඩලයද සහිතව පුද්ගලයින් 151 දෙනකු සහිතවයි. කෙසේ වෙතත් හදිසි තත්ත්වය හේතුවෙන් යානය යළිත් පර්ත් ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමටයි පියවර ගෙන තිබුණේ.
නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

ලාස් වේගාස් හී දී වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සමාන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන සිදුකළ පුද්ගලයකු නිව් යෝර්ක් හීදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ කොලරාඩෝ හී මෘදුකාංග සමාගමක සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු 34 වන වියේ පසුවනවා. ඔහු යම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධදැයි සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි. පසුගියදා ලාස් වේගාස් හී හෝටල් කාමරයක සිට පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමෙන් 54 දෙනකු මිය ගියා. තුවාල ලැබු ගණන 524 ක්.
අතුරුදන්වූ මාධ්‍යවේදිනියගේ කපා වෙන් කළ හිස සොයාගනී

අතුරුදන්වූ මාධ්‍යවේදිනියගේ කපා වෙන් කළ හිස සොයාගනී

මාස 2කට පෙර අතුරුදන්වූ ස්වීඩන මාධ්‍යවේදීනි කිම් වෝල්ගේ කපා වෙන්කරන ලද හිස හා සිරුරු කොටස් කිහිපයක් සොයාගෙන තිඛෙනවා. ඒ නෙදර්ලන්ත මුහුදේ පාවෙමින් තිබියදීයි. නදර්ලන්තයේ නව නිෂ්පාදකයකු වන පීටර් මෑඩ්සන් නැමැත්තා විසින් නිවසේදී නිර්මාණය කළ සබ්මැරීනයක් පිළිබද වාර්තා කිරීමට ගිය අවස්ථාවේ අගෝස්තු 10 වනදා ඇය අතුරුදන්වුණා. සිද්ධියට අදාළව පීටර් මෑඩ්සන් අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිසියට පවසා තිබුණේ ඇය සබ්මැරීනයේ ගැටී මිය ගිය බවයි. ඒ අනුව සැකකරුට එරෙහිව නඩු පවරා තිඛෙනවා. මාධ්‍යවේදිනියාගේ මළ සිරුරේ පිහි ඇණුම් පහර 15ක් පවතින බවයි අනාවරණවී ඇත්තේ.
සදට යළි මිනිසුන් යවන්න / ට්‍රම්ප්ගෙන් නාසා ආයතනයට නියෝග

සදට යළි මිනිසුන් යවන්න / ට්‍රම්ප්ගෙන් නාසා ආයතනයට නියෝග

අමෙරිකාව විසින් දශක කිහිපයක් පුරා අත්හිටුවා තිබූ සද ගමන් යළි ආරම්භ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජනාධිපතිවරයා විසින් නාසා බලධාරීන්ට නියෝගය ලබාදී ඇති බවයි. 1972 වසරෙන් පසු අමෙරිකාව සද වෙත මිනිසකු යොමුකර නැහැ. බැරක් ඔබාමා පාලනයට මෙම යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප වී තිබුණා. ඔබාමා ජනාධිපතිවරයා උපෙදෙස් ලබාදී තිබුණේ සද නොව අගහරු ඉලක්ක කර ගනිමින් නාසා මිනිසුන් සහිත මෙහෙයුම් සිදුකරන ලෙසයි. එහෙත් ට්‍රම්ප් මහතා විසින් ලබාදුන් නියෝගය අනුව අමෙරිකානු සද තරණ මෙහෙයුම් යලි ඇරඹෙනු ඇති බවයි අමෙරිකානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවියට එරෙහි ICAN ආයතනයට

නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවියට එරෙහි ICAN ආයතනයට

2017 නොඛෙල් සාම ත්‍යාගය න්‍යෂ්ඨික අවි වැලැක්වීම සදහා කටයුතු කරන the International Campaign to Abolish Nuclear Weapons (ICAN) ආයතනයට පිරිනැමීමට තීරණය කර තිඛෙනවා. නොඛෙල් කමිටුව නිවේදනය කළේ න්‍යෂ්ඨික අවි 15,000 ක් අක්‍රිය කිරීම සදහා ලෝකය පෙලඹවීමට මෙම සංවිධානය කටයුතු කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය නොවන සංවිධානයක් වන (ICAN) ආයතනයට මෙවර නොඛෙල් සාම ත්‍යාගය පිරිනමා ඇත්තේ සංවිධාන හා පුද්ගල නාමයන් 300ක් අතරිනුයි.
මංකොල්ලකරුවකු ලෙස සැරසුණු නළුවකුට අමෙරිකානු පොලිසියෙන් වෙඩි

මංකොල්ලකරුවකු ලෙස සැරසුණු නළුවකුට අමෙරිකානු පොලිසියෙන් වෙඩි

අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේදී මංකොල්ලකරුවකු ලෙස සැරසී රංගනයක නිරතව සිටි නළුවකුට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා. ඒ ගිනි අවියක් දරා සිටින තැනැත්තකු වෙළදසැලක දොරටුව අසලටවී තර්ජනය කරමින් සිටින බවට ලද හදිසි ඇමතුමක් හේතුවෙන්. ඒ අනුව එම ස්ථානයේ රූගත කිරීමක් සිදුවන බව නොදැන සිටි පොලිස් නිලධාරීන් මංකොල්ලකරුට යටත්වීමට අණ කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක්ම ඔහුට එල්ල කළද වාසනාවකට එම වෙඩි ඉලක්කයට යොමුවන්නේ නැහැ. පසුව රංගන ශිල්පියා විසින් මෙය රූගත කිරීමක් බව පවසමින් ගිනි අවිය පසෙක දමා පොලිසියට යටත් වන ආකාරයේ වීඩියෝ දසුනක්ද නිකුත්වී තිඛෙනවා. ඉන් පසු සිදුකල පරීක්ෂාවේදීයි පොලිසිය අත්වැරදීමක් සිදුව ඇති බව පිලිගෙන ඇත්තේ. පසුගියදා ලාස් වේගාස්හී සිදුවූ වෙඩි තැබීම හේතුවෙන් අමෙරිකානු පොලිසිය ගිනි අවි සම්බන්ධ සිද්ධීන් පිළිබද දැඩිව කටයුතු කරමින් සිටිනවා.
නොඛෙල් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ඉෂිගුරෝට

නොඛෙල් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ඉෂිගුරෝට

2017 නොඛෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා අද නම් කෙරුණා. ඒ අනුව ජපාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක කසුවෝ ඉෂිගුරෝ මහතායි සම්මානයේ හිමිකරුවා බවට පත්ව ඇත්තේ. ඔහු මීට පෙර බුකර් සම්මානයද දිනාගත් ලේඛකයෙක්. මේ දක්වා ග්‍රන්ථ 8ක් රචනා කළ ඔහු මිනිස් හැගීම් හා මානුෂික අදහස් පල කිරීමේ සමත් විශිෂ්ට ලේඛකයකු ලෙස නම් කර තිඛෙනවා.
ඉන්දියාවට ගහන්න පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් හදලා

ඉන්දියාවට ගහන්න පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් හදලා

ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානය විසින් නව ත්‍රස්ත කණ්ඩායමක් නිර්මාණය කර ඇති බවට චෝදනා එල්ලවනවා. ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ හලාල් ඩස්ටා ලෙසින් මෙම ත්‍රස්ත කණ්ඩායම නිර්මාණය කර ඇති බවයි. නව ස්වරූපයකින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීම මෙම කණ්ඩායමේ අපේක්ෂාව බවටයි තොරතුරු හෙලිවන්නේ. මෙම කණ්ඩායම නිර්මාණය කිරීම පසුපස පකිස්ථාන බුද්ධි අංශ රැදී සිටින බවටද කරුණු හෙලිව ඇති බව ඉන්දීය වාර්තා සදහන් කරනවා. එහිදී ලක්ෂ්කාර් ඊ තායිබා සංවිධානයේ නායකත්වය හා පකිස්ථාන බුද්ධි අංශ අතර සාකච්ජාවක් පවත්වා ඇති බවටද ඉන්දීය බුද්ධි අංශ තොරතුරු හෙලිකරගෙන තිඛෙනවා.මෙය දෙරට අතර අර්බුධ වර්ධනය කරන්නක් වනු ඇති බවටද අනාවැකි පලවනවා.
ලාස් වේගාස් ප්‍රහාරයේ මරණ 59 යි / තුවාලකරුවන් 527 යි

ලාස් වේගාස් ප්‍රහාරයේ මරණ 59 යි / තුවාලකරුවන් 527 යි

ලාස් වේගාස් හීදී විවෘත වෙඩි තැබීමක් සිදුකර 59 දෙනකු ඝාතනය කළ තැනැත්තා උමතු මානසික රෝගියකු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පවසන්නේ ඉදිරියේදී මෙවන් තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොදිය යුතු බවයි. ලාස් වේගාස් හී පැවැති සංගීත ප්‍රසංගයක් මුල් කර ගනිමින් ප්‍රහාරය එල්ල වුණා. එහිදී තුවාල ලැබූ ගණන 527 ක්. ප්‍රහාරකයා 64 වන වියේ පසුවන අතර ප්‍රහාරයට හේතුවක් හෙලිව නැහැ. ඝාතකයාගේ නිවසේ තිබී ගිනි අවි 23ක් සොයා ගෙන තිබුණා.
කැටලිනාවට කැඩෙන්න බෑ / ස්පාඤ්ඤ රජු ජාතිය අමතයි

කැටලිනාවට කැඩෙන්න බෑ / ස්පාඤ්ඤ රජු ජාතිය අමතයි

ස්පාඤ්ඤයේ කැටලිනා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව පැවැති ජනමත විචාරණය නීති විරෝධී බව එරට 6 වන පිලිප් රජු පවසනවා. ස්පාඤ්ඤයේ රූපවාහිනී නාලිකා එරට එරට ජනතාව අමතමින් ඔහු මේ බව අවධාරණය කළා. ස්පාඤ්ඤය සෑමවිටම එක්සත් රටක් වන අතර එහි වෙනත් රටවල් බිහි කිරීමට හැකියාවක් නැති බවයි පිලිප් රජු අවධාරණය කරන්නේ. ස්පාඤ්ඤ නීතියට අනුව මෙවන් ජනමත විචාරණයක් කිසිවකුට හෝ පැවත්විය නොහැකි බවයි රජු පෙන්වා දෙන්නේ. මේ අතර කැටලිනාව වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජනමත විචාරණයෙන් පසු හටගත් ගැටුම්වලින් 900 දෙනකු පමණ තුවාල ලබා සිටිනවා.
කියුබා තානාපති නිලධාරීන් අමෙරිකාවෙන් පන්නයි

කියුබා තානාපති නිලධාරීන් අමෙරිකාවෙන් පන්නයි

අමෙරිකාවේ රැදී සිටින කියුබානු තානාපති අංශ නිලධාරීන් 15 දෙනකු එරටින් වහාම පිටුවහල් කිරීමට නියම කර තිඛෙනවා. ඒ කියුබාවේ හවානා අගනුවර රැදී සිටි අමෙරිකානු තානාපති අංශ නිලධාරීන් ආසාමාන්‍ය මානසික ප්‍රහාරයකට ගොදුරුවීමෙන් පසුවයි. හවානා හී අමෙරිකානු තානාපති අංශ නිලධාරීන් සියලු දෙනා එක්වර අසාමාන්‍ය පරිදි රෝගීවී තිබූ අතර පසුව අනාවරණවී තිබුණේ ඔවුන් ඉලක්ක කර ගනිමින් මනස හා සිතුවිලි පාලනය කල හැකි ආකාරයේ අබිරහස් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි. තම තානාපති අංශ ආරක්ෂා කිරීමට කියුබාව අසමත්වීම මේ තුලින් හෙළිවන බවයි අමෙරිකාව පවසන්නේ. ඒ අනුව සිය තානාපති නිලධාරීන් වහා යළි කැදවීමටත් කියුබානු තානාපති නිලධාරීන් දින 7ක් තුල පිටුවහල් කිරීමටත් අමෙරිකාව තීරණය කර තිබුණා.
එම් එච් 370 අවසන් වාර්තාව එයි / පරීක්ෂකයෝ විමතියෙන්

එම් එච් 370 අවසන් වාර්තාව එයි / පරීක්ෂකයෝ විමතියෙන්

මැලේසියාවට අයත්වූ එම් එච් 370 යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර තිඛෙනවා. ඒ අදාල පරීක්ෂණ මෙහෙයවූ ඔස්ටේ්‍රලියානු පර්යේෂකයින් විසින්. ඒ අනුව ගුවන් යානය මගීන් හා කාර්ය මණ්ඩාලයේ 239 දෙනකු සමග අතුරුදන්ව දින 1046 කට පසුවයි වාර්තාව එළිදැක්වුණේ. එමගින් ප්‍රකාශ කර ඇත්තේ එම් එච් 370 යානය හෝ එහි සුන්බුන් හමු නොවීම අතිශය අසාමාන්‍ය බවයි.එය නූතන දියුණු ලෝකයේ සිදුවිය නොහැක්කක් ලෙසටද මෙයින් කරුණු දක්වා තිඛෙනවා. දිනකට පුද්ගලයින් කෝටියක් පමණ ලෝකයේ ගුවන් ගමන්වල නිරතවන බැවින් මෙම යානයේ අබිරහස ලෝකයට යම් සැකයක් ඉතිරි කරන සිද්ධියක් ලෙසටයි වාර්තාවේ කරුණු දැක්වෙන්නේ.
අවුන්සාන් සුකීට තවත් ගෞරව නාමයක් අහිමි වෙයි

අවුන්සාන් සුකීට තවත් ගෞරව නාමයක් අහිමි වෙයි

මියන්මාරයේ අවුන්සාන් සුකීට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නගර පාලනය විසින් ලබාදී තිබූ ෆ්‍රීඩම් ඔෆ් ඔක්ස්ෆර්ඩ් ගෞරව නාමය අවලංගු කර තිඛෙනවා. ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ඔක්ස්ෆර්ඩ් නගර පාලනය සදහන් කළේ ඇයට තවදුරටත් එම ගෞරව නාමය දැරීමට සුදුසුකමක් හෝ අයිතියක් නොමැති බවයි. මියන්මාරයේ රෝහින්ග්යා ජනතාවට එරෙහි ක්‍රීයාකාරකම් වෙනුවෙන් සුකී නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම මෙම සිද්ධියට මුල්ව තිඛෙනවා. පසුගියදා ඔක්ස්ෆර්ඩ් සරසවියේ තැන්පත් කර තිබූ අවුන්සාන් සුකීගේ ජායාරූපයක්ද ඉන් ඉවත් කෙරුණා. මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකාවට සමස්ථ ලෝකයේම විරෝධය පලවෙමින් පවතින්නේ ඇය රෝහින්ග්යා ගැටලුව සම්බන්ධයෙන් දරන පක්ෂග්‍රාහී ස්ථාවරය හේතුවෙනුයි.