Month: April 2021

  • Home
  • ඕස්ට්‍රේලියාව හමුදා කදවුරුවල ආරක්ෂාව තර කරයි

ඕස්ට්‍රේලියාව හමුදා කදවුරුවල ආරක්ෂාව තර කරයි

තම රටේ හමුදා කදවුරුවල ආරක්ෂාව තර කිරීම සඳහා ඩොලර් මිලියන 581 ක හදිසි පිරිවැයක් දැරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. චීනයේ තර්ජන අවදානම මේ සඳහා බලපා ඇති බවයි ,යාහූ පුවත් සේවය…

පකිස්ථානයේ අගනුවරට ත්‍රස්ත අවදානමක්

පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තා කිරීම සමග එහි ආරක්ෂාව තර කර තිබෙනවා. පකිස්ථානයේ ධවාන් පුවත්පත වාර්තා කළේ , රජයේ ප්‍රධානීන්, ප්‍රභූවරුන් , තානාපති…

රුසියාවෙන් ඉන්දියාවට ආධාර ළගාවෙයි

ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයේ අවදානම අවම කිරීම සඳහා වන රුසියානු ආධාර ඉන්දියාවට ළගාවී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ, ගුවන් යානා 2ක් හරහා එම ආධාර ඉන්දියාවට ළගාවූ බවයි. ඔක්සිජන් හා…

තායිවානයෙන් ඉන්දියාවට ඔක්සිජන් ආධාර

කොරෝනා වසංගතය හමුවේ ඔක්සිජන් හිඟයකට ලක්ව සිටින ඉන්දියාවට තායිවානය විසින් ආධාර යොමුකර තිබෙනවා. එම ඔක්සිජන් ටැංකි ඇතුළු වෛද්‍ය ආධාර ඉදිරි දින කිහිපය තුල ඉන්දියාවට ළගාවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.…

නයිජීරියාවේ අධික ණය ගැන විශේෂඥයන්ගේ කනස්සල්ල

චීනය විසින් නයිජීරියාවට ලබාදී ඇති අධික ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ල පළ කර තිබෙනවා. ඒ අනුව යළි ගෙවා ගැනීමට අසීරු ඩොලර් බිලියන 3.3 ක ණය මුදලක් මේ වන විට චීනය…

වැඩිම ආසාදිතයන් වාර්තා කරමින් අද දිනයේ ආසාදිතයන් 1,662 ක්

අද දිනයේ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිනයේ සමස්ථ ආසාදිතයන් ගණන 1,662 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අද දිනයේ දැනට ආසාදිතයන් 922 යි

අද දිනයේ මේ දක්වා කාලය තුල නව කොරෝනා ආසාදිතයන් 922 ක් වාර්තාවී තිබෙනවා. ඒ අලුත් අවුරුදු කොරෝනා පොකුරට අදාළවයි.

ඊයේ දිනයේ PCR 17කට එක් කොරෝනා ආසාදිතයෙක්

PCR පරීක්ෂණ 17කට එක් ආසාදිතයකු හමුවන මට්ටමින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ගතවූ දිනයේ පරීක්ෂණ 27,104 ක් සිදුකර තිබෙනවා එහිදී දේශීය වශයෙන් වාර්තා…

චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසීමට පෙළඹවූ තරුණයාට ඇප

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේදී රථ පෙළට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බොරැල්ල ප්‍රදේශයේදී බාධා කරමින් නීති විරෝධි රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළ පුද්ගලයා ශරීර ඇප මත…

පිලියන්දල කොරෝනා අවදානම තවදුරටත් ඉහළට

පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර, සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වල කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. මේ අතරින් පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ පි සී…

සති දෙකකට මංගල උත්සව ඇතුළු සියලු උත්සව තහනම්

මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව නිවේදනය කළා..

ජූලි 14 තෙක් හරීන් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දි තිබෙනවා. ඒ තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා හරීන්…

මීටරයේ පරතරය මීටර දෙකක් කිරීමට විශේෂඥයන්ගෙන් උපදෙස්

නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග මෙතෙක් අනුගමනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවාගපෙන්වා දෙනවා. ඒ අනුව ඔවුන්ගේ නව…

දරුවන්ට බෝවන රෝගයක් ගැන සෞඛ්‍යයෙන් අනතුරු ඇගවීම්

මේ දිනවල කොවිඩ් 19 වෛරසය ඇතුළු තව රෝග කිහිපයක් දරුවන් අතර දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා. දීපාල් පෙරේරා මහතා…

කොරෝනා වනසන ඉන්දියාවෙන් අමෙරිකානුවන් පිටවෙයි

ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම ඒරටින් පිටවන්නැයි ඒක්සත් ජනපද රජය දැනුම් දී තිබෙනවා. ඉන්දියාවේ ඒක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය…

රාජ්‍ය ආයතනවලට දැඩි කොරෝනා අවදානමක් /PHI සංගමය කියයි

රාජ්‍ය ආයතන සියල්ලම ඉදිරි දින කීපය තුළදී ආසාදිතයන් සිටින ස්ථාන බවට පත්වීම අනිවාර්ය යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් මේ වන විට සමාජයේ සැරිසරන බැවින් ඔවුන්…

ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹ මහ නගර සභාව ,පිලියන්දල ,කළුතර හා කුරුණෑගලින්

ගතවූ දිනය තුල දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ආසාදිතයින් වාර්තා වී ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කය සටහන් වූයේ , කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ දිස්ත්‍රික්කය ලෙසයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්…

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් සාමාන්‍ය වාට්ටු යොදා ගැනීමේ තීරණයක්

වැඩිවන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ…

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

අද(30) උදෑසන 6.00 සිට මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාවුල පොලිස් වසම් හා කුරුණෑගල, පන්නල පොලිස් වසම හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර කුරුණෑගල, උඩුබැද්දාව,…

චීන ආරක්ෂක ඇමතිගේ ගමනේදී හෝන් ගැසීමට පෙළඹවූ පුද්ගලයා අත්අඩංගුවට

මෙරට සංචාරයක නිරත වූ චීන ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල…