• Sun. Nov 27th, 2022

Month: May 2021

  • Home
  • රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්

අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැදවීමට පියවර ගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිඛෙනවා. රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙලෙස අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැදවන ලෙසයි රාජ්‍ය සේවා…

අද දිනට නව ආසාදිතයින් 2882ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1351 දෙනෙකු අද දිනය තුළ හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනයේ හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2882ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ලුණු හිඟයක් ඇති නොවන බවට සහතිකයක්

මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වුවත් මෙරට ලුණු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසයි. රටේ ලුණු හිඟයක් කිසිවිටක ඇති…

වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත්කරයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් 07 ක් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කොමිසමේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාට හිමිව තිබුණා. සෙසු සාමාජිකයින් 01. මහා භාණ්ඩාගාර ලේකම්…

රනිල් පාර්ලිමේන්තුවට / එජාප කෘත්‍යාධිකාරියෙන් තීරණයක්

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තීරණය කර ති‌බෙන ඒම පක්ෂයේ මහලේකම්වරයා පවසනවා. මහ ලේකම්වරයා සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව…

ජුනි 15 තෙක් පොලිසියට නිවාඩු නැහැ

සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු තවදුරටත් අවලංගු කර තිඛෙනවා. ජුනි 15 වනදා දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

පසුගිය දින 14 වියට්නාමයට ගිය මගීන්ට ලංකාවට ඇතුළු වීමට අවසර නැහැ

පසුගිය දින 14 ක කාලය තුළ වියට්නාමයේ සංචාරය කර ඇති මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් සමාගම්වලට දන්වා තිබේ.…

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාවකට අදාළව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වා…

මගී ගුවන් යානා සදහා හෙට සිට රට විවෘත වෙයි

දිවයිනේ සියලු ගුවන් තොටුපළවල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිඛෙනවා. ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසුවේ මගී ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාවක් 75ක් වන බවයි. රටතුළ…

ගිනිගත් නැව නිසා මීගමුව ආශ්‍රිත මත්ස්‍ය සම්පත දැඩි අවදානමක / නාරා ආයතනය

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායන ද්‍රව්‍ය මුහුදට මුසුවීම හේතුවෙන් මීගමුව ආශ්‍රිත මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත දැඩි අවදානමකට ලක්ව ඇති බව නාරා ආයතනය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය…

ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කළුතර උතුර (149), වැලිකඩ (105),මීරිගම (93) හා මුල්ලේරියාවෙන් (91)

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 608 ක්. මුල්ලේරියාවෙන් ආසාදිතයන් 91 ක් , වැලිකඩින් ආසාදිතයන් 105 ක් හා නවගමුවෙන් ආසාදිතයන් 43ක් හඳුනා ගැණුනා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්…

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹ සහ ගම්පහින්

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දින පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 608 දෙනෙකු වාර්තා වූ බවයි.…

ගුවන් අනතුරකින් සුප්‍රකට “ටාසන්” නළුවා ඇතුළු පවුලේ සියල්ලන් මරුට

සුප්‍රකට ටාසන් කතා මාලාවට රංගනයෙන් දායක වූ , ජෝ ලාරා ගුවන් අනතුරකින් මරණයට පත්ව තිබෙනවා. ප්‍රංශ පුවත් සේවය පැවසුවේ ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් සියළු දෙනා , නෙෂ්වැලි හිදී සිදුවූ මෙම…

වරාය භාර ඇමති ඉල්ලා අස්විය යුතුයි / පූජ්‍ය වනවාසී රාහුල හිමි

X-PRESS PEARLනෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව අමාත්‍යවරයාගේ සිට වගකිවයුතු සියලු දෙනාට දඬුවම් දිය යුතු බවත් ඔවුන් තනතුරුවලින් පහ කර දැමිය යුතු බවත් ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල…

ගුවන් ගමන් තහනම ගැන අවසන් තීරණය කොවිඩ් කමිටුවෙන්

ගුවන් තොටුපළ වසා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුව මගින් යළි සලකා බලනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය 21 වනදා සිට මෙරටට පැමිණෙන සියලු මගී…

හෙද කාර්ය මණ්ඩල දින දෙකකට ලෙඩ වෙයි

අද උදෑසන සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙද සංගම් මෙම…

තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 1441ක් දක්වා ඉහළගොස් ඇති බවයි.

අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 2,849ක්

අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 2,849ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 183,442ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය…

කොළඹ ජාතික රෝහලෙන් විශේෂ දැනුම් දීමක්

සායන සදහා සහභාගිවීම සදහා දුරකතනය ඔස්සේ දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි. රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රෝහලේ සායන සදහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට මෙම දැනුම්දීම…

තවත් කොරෝනා ආසාදිතයින් 2186ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.