Month: August 2021

  • Home
  • අද මේ දක්වා ආසාදිතයන් 2,340 ක්

අද මේ දක්වා ආසාදිතයන් 2,340 ක්

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,340 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,38,421 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රතිකාර ලබමින්…

ඇෆ්ගන් යුද්ධය අවසන් කර අමෙරිකාව පිටවෙයි

දශක දෙකක යුද්ධය නිමා කරමින් අමෙරිකාව අද අලුයම ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටව ගොස් තිබේ. මේ අනූව ඇෆ්ගනිස්තානයේ මේ වන විට කිසිඳු අමෙරිකානු හමුදා හෝ රාජතාන්ත්‍රිකයෙක් නොමැති බවයි වාර්තා වන්නේ. අමෙරිකානු හමුදාවට…

දෙමව්පියන්ගේ නොසැළකිල්ලෙන් දරුවන් 20000කට කොරෝනා(Video)

දෙමව්පියන්ගේ නොසැළකිල්ල නිසා නිවසට වී සිටින දරුවන් විසිදහසකට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී තිබෙනවා. ඔබේ දරුවන්ගේ සෞඛ්‍යය ගැන පෙරට වඩා සිතිය යුතු කාලය පැමිණ ඇති බව…

උග්‍ර ලේ හිඟයක් / පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක්

ඉදිරි අවදානම සලකා ලේ පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ පැවැසුවේ පවතින සංචරණ සීමා සමග ලේ රැස් කිරීම සඳහා ජංගම සායන…

විසඳුම ප්‍රතික්ෂේප කරයි / ගුරු සංගම් අඛණ්ඩ වර්ජනයේ

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි. ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත්…

වව්නියාවේ අවමඟුලකින් කොරෝනා පොකුරක්

නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ පුද්ගලයන් 28 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. වවුනියාව, ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24වනදා පවත්වා ඇති බව සදහන්. අවමංගල්‍ය…

අසාද් සාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 14 වනදා දක්වායි තවදුරටත් රක්ෂිත…

ඊයේ කොරෝනා ආසාදිතයන් 4,562 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 974 දෙනෙකු ඊයේ (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,562කි. ඒ අනුව, කොවිඩ්…

ගුරු විදුහල්පති වැටුප් අයවැයෙන් පසු වැඩිකිරීමට අනුමැතිය

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි  ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. වැටුප් විෂමතාවට එරෙහිව…

ජනපතිගෙන් අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි

අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී…

දිනකදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා කර තිබෙනවා. එම මරණ සංඛ්‍යාව 216 ක්. මෙම මරණ 216ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක්…

මඟ හැරුණු කොරෝනා ආසාදිතයන් 5,320ක් වාර්තා කරයි

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 5,350ක් අද (30) දිනයේ දත්ත පද්ධතියට එකතු කළේය. ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,519ක් දක්වා ඉහළගොස් තිබේ.…

නව ලෝක වාර්තාවක් සමග ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල…

ඩෙල්ටා දරුණු ලෙස පැතිරෙනවා / මහාචාර්ය මනුජ් වීරසිංහ

පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා ඊයේ (29) අනතුරු ඇඟවීමක් කළේය. අපට දිනකට ලැබෙන අහුවෙන රෝගීන් සංඛ්‍යාව වගේ තුන්ගුණයක් අපි දකිනවා…

පී.සී.ආර්. වලටත් බලපෑම් කරන නව කොරෝනා විකෘතිය

රටේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ (බී. 1617.2) විකෘතිතා හඳුනා ගැනීම ඉහළ යෑමත් සමග පී.සී.ආර්. (PCR) පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට බාධා එල්ලවීමේ හැකියාවක් පවතී දැයි විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති. මේ වන විට…

තවත් කොරෝනා මරණ 192 ක්

ගතවූ දිනයේ නව කොරෝනා මරණ 192 ක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8,775 ක් බවට පත් වුණා.

අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 4,612 ක්

අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 4,612 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 426,169 ක් බවට පත්වනවා. මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 59,796ක්.

ලංකාවේ කොරෝනා මරණ සතිපතා සියයට දාහතකින් ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගී මරණ සතිපතා 17%කින් පමණ ඉහළ යමින් තිබෙන බව මේ සම්බන්ධව පර් යේෂණ කරන ලොව සුප්‍රකට වර්ල්ඩෝ මීටර් වෙබ්අඩවිය ප්‍රකාශ කරයි. පසුගිය සිකුරාදා අවසන් වූ සතිය තුළ…

කොළඹ පැතිරෙන්නේ ඩෙල්ටා බව තහවුරු කෙරේ

කොළඹ අවට පැතිරුනු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට රටේ පිට පළාත්වලටද පැතිරීමට පටන්ගෙන ඇතැයි ශ්‍රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.එහෙත් මෙරට සිදු කෙරුනු සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන්…

අද මේ දක්වා කොරෝනා ආසාදිතයන් 3,764 ක්

අද දිනයේ මේ දක්වා කාලය තුල නව කොරෝනා ආසාදිතයන් 3,764 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 420,725 ක් බවට පත්ව තිබෙනවා.