• Sun. Nov 27th, 2022

Month: March 2022

  • Home
  • මිරිහානේ විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක් / පොලිසියෙන් කදුළු ගෑස්(Video)

මිරිහානේ විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක් / පොලිසියෙන් කදුළු ගෑස්(Video)

මිරිහානේ ජනපති නිවස ආසන්නයේ විරෝධතාවයට එක්වූ පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසිය කදුලු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ වන විට එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් පවතින අතර…

මිරිහානේ ජනපති නිවස ආසන්නයේ මහජන විරෝධතාවයක් (Video)

මිරිහාන ප්‍රදේශයට අද (31) සුළු මොහොතකට පෙර හදිසියේ විදුලිය විසන්ධි වී තිබේ. මිරිහාන, පැඟිරිවත්ත මාර්ගය අවහිර කරමින් ජනාධිපතිවරයාගේ නිවස ආසන්නව විරෝධතාවයක් ආරම්භවීම සමග මෙම පියවර ගෙන තිබුණා. 

විරෝධතාවලට අපිත් නෑ / ජවිපෙන් නිවේදනයක්

අප්‍රේල් 03 විරෝධතාවය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ප්‍රචාර දියත් කර තිබීම සම්බන්ධයෙන් එම පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි…

විරෝධතාවලට අපි නෑ / එජාපයෙන් නිවේදනයක්

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ…

විදුලි විසන්ධි කිරීම හමුවේ දුරකථන සංඥා ගැටලු

පැය ගණනාවක් අඛණ්ඩව විදුලි විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලු මතුව ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, සංඥා කුළුණුවල විදුලිය විසන්ධි වූ…

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

මරණීය දණ්ඩනය නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය (31) අද නියෝග කළේ ය. අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර…

ජනපතිගේ ෆේස් බුක් ගිණුමේ කමෙන්ටු පළ කිරීම සීමා කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව තුල පෝස්ට් සඳහා කමෙන්ටු පළ කිරීම සීමා කර තිබේ. ඊයේ රාත්‍රියේ සිට පරිශීලකයින්ට ජනාධිපති රාජපක්ෂගේ ෆේස්බුක් සටහන් සඳහා අදහස් පළ කිරීමට නොහැකි විය.…

ඉදිරියේ දී පැය 15ක විදුලි කප්පාදුවක් / විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

නොකඩවා ඉන්ධන නොදුනහොත්  ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළා. බලධාරීන් ඉන්ධන නුදුනහොත් අලුත් අවුරුදු සමයේදී ජනතාවට කළුවරේ ඉදිමට සිදුවන…

හෙට (31) පැය 13ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

හෙට(31) දිනයේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ පවතින උග්‍ර ඉන්ධන හිගය ඊට හේතුවී ඇති බවයි.…

පකිස්ථානයේ ආණ්ඩුවේ බලය අහවරයි / ඉම්රාන් ඛාන්ට බහුතරය අහිමි වෙයි

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව…

රුපියල තවදුරටත් පල්ලම් බසී

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල  298.9958  ලෙස සටහන් විය. මහ බැංකුව විසින් අද…

ලිට්‍රෝ ගෑස් මිල ඕනෑම මොහොතක වැඩි විය හැකියි / සභාපති කියයි

ලිට්‍රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු මුදලකින් මිල ඉහළ යනු ඇති බවත්, මිල වැඩිකරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.…

රුපියලේ කඩා වැටීම: සැලසුම් සහගතව සිදුකරන ලද්දක්ද?

”මට මතක් වන්නේ එවකට මහ බැංකු අධිපති ජයවර්ධනයන්, ළතැවිල්ලෙන් පසු වූ ජනපති චන්ද්‍රිකා මැතිනියගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් ආකාරයයි, ඇයට දැනගැනීමට අවශ්‍ය වූයේ රුපියල පා කිරීම පිළිබඳ නිවේදනය ප‍්‍රකාශයට පත්…

යාපනයේ දූපත් තුනක් හයිබි‍්‍රඩ් විදුලි ව්‍යාපෘතියකට ඉන්දියාවට

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර් මහතාගේ ශී‍්‍ර ලංකා නිල සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව යාපනයේ දූපත් තුනක දෙමුහුන්…

ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රශ්න විසඳන්නේ ඉන්දියාවේ ඇමතිලා – හරිණි අමරසූරිය

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට තරම් ඉන්දියාව සිය අණසක පතුරුවමින් සිටින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය චෝදනා කරයි. “ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් අපි ඉන්න…

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය නවතයි

‍ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි. ප්‍රවාහන අමාත්‍යවරයා සමග ඊයේ(29) රාත්‍රීයේ සිදුකළ දුරකථන සංවාදයෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව…

මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට විදුලි කප්පාදුවක් නෑ / විදුලිය නොකැපෙන තැන් මෙන්න

ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී නිල නිවාස යෝජනා ක්‍රමය ඇතුළු විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් රට තුල පවතින බව මහජන උපයෝගිතා කොමිසම අනාවරණ කර තිබෙනවා. මේ ඊට අදාලව නිකුත් කර…

ඩීසල් නෑ / දවස් දෙකක්(30-31) ඩීසල් පෝලිමේ ඉන්න එපා -ජනතාවට දන්වයි

ඩීසල් ටොන් 37,500ක් රැගත් නෞකාවක් සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් හෙට (30) සහ අනිද්දා (31) ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට…

ඉන්ධන ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ / ඇමති ලොකුගේ

මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා. ලොව ප්‍රමුඛපෙලේ පරීක්ෂණාගාර තහවුරු කිරීම්වලින් පසුව ඉන්ධන තොග මෙරටට රැගෙන එන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඩීසල්…

ගෑස් මිල ස්ථිරවම යළි වැඩි වෙනවා / ඇමති ලසන්ත අලගියවන්න

ගෑස් මිල තවදුරටත් ඉහළ යෑමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න…