Tag: අගමැති

ජනපති ,අගමැති කොරෝනා එන්නත් අරන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජනපති ,අගමැති කොරෝනා එන්නත් අරන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී තහවුරු කළා. ඒ අනුව ඔවුන්ට ඉදිරියේ දී එම එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියමිතයි.
ලංකාවට එන පකිස්ථාන අගමැතිගේ ගුවන් යානයට ඉන්දීය අහසට පිවිසීමට අවසර
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට එන පකිස්ථාන අගමැතිගේ ගුවන් යානයට ඉන්දීය අහසට පිවිසීමට අවසර

ශ්‍රී ලංකාවට පැමිණෙන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශ්‍ය භාවිත කිරීමට ඉන්දීයාව අවසර ලබාදී තිබෙනවා. පකිස්ථාන් ඔබ්සර්වර් පුවත්පත මේ බව අනාවරණ කළා. කෙසේ වෙතත් ඉන්දීය ගුවන් අවකාශ්‍ය භාවිත කිරීමට පකිස්ථාන අගමැතිවරයාගේ යානයට අවසර නොලැබුණහොත් විකල්ප පියවරකට යාමේ සූදානමක් පැවැති බවද එම පුවත්පත පැවසුවා. ඒ පකිස්ථාන අගමැතිවරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කරමින් ලංකාවට පැමිණීමටයි. කෙසේ වෙතත් 2019 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සවුදි අරාබි හා අමෙරිකානු ගුවන් ගමන් සඳහා සිය ගුවන් අවකාශය විවෘත කිරීම පකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබුණා....
පකිස්ථාන අගමැතිගේ සංචාරයේදී ,ආරක්ෂක සබඳතා වැඩි කර ගැනීමේ එකඟතා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පකිස්ථාන අගමැතිගේ සංචාරයේදී ,ආරක්ෂක සබඳතා වැඩි කර ගැනීමේ එකඟතා

ශ්‍රී ලංකාවේ සිදුකරන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ආරක්ෂක හා සංස්කෘතික යන අංශවලට අදාළව ද මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතයි. පාකිස්තාන විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පකිස්ථාන අගමැතිවරයා සමග එරට තැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම සංචාරයට එක්වන බවයි. සංචාරය තුල පකිස්ථාන අගමැතිවරයා ,ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග ද සාකච්ජා පැවැත්වීමට නියමිතයි.  ...
ඉන්දියාව අපේ සමීපතම මිතුරා /ගැටළු සාකච්ජාවෙන් විසදිය හැකියි / අගමැති
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ඉන්දියාව අපේ සමීපතම මිතුරා /ගැටළු සාකච්ජාවෙන් විසදිය හැකියි / අගමැති

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා වන අතර ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විසඳා ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවට වඩා විශාල ගැටලුවක් පවා දෙරටට එකිනෙකා සමඟ සාකච්ඡා කිරීමෙන් විසඳිය හැකි බවයි අගමැතිවරයා ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ. ,ඉන්දියාව අපේ සමීපතම මිතුරා. එකිනෙකා සමඟ කතා කිරීමෙන් පසුව අපට ඔවුන් සමඟ ඇති ඕනෑම ආරවුලක් විසඳා ගත හැකියි “India is our closest friend. We can resolve any d කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාව හෝ වෙනත් රටක් සමඟ හවුල් නොවීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමෙන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබද පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර තිබුණා....
ඉන්දී්‍ය අගමැති ලංකාවට සුබ පතයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දී්‍ය අගමැති ලංකාවට සුබ පතයි

හෙට (04) යෙදී තිබෙන මෙරට 73 වන නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට සුබ පැතුම් පල කර තිබෙනවා. ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් , නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත මෙම සුබ පැතුම එක්කර ඇති බවයි. දෙරට අතර වසර දහස් ගණනක් පුරා පවතින ආර්ථික , සමාජීය හා සංස්කෘතික සබඳතා ඉදිරියට ගෙනයාමට ඉන්දියාව කැපවී සිටින බවද නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වසංගතය මැඩලීම සඳහා ද දෙරට එක්ව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරම දෙරටේ ජනතාවටම ප්‍රතිලාභ ලබාදෙන සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කැපවන බවයි අවධාරණය කර ඇත්තේ....
කොළඹ වරාය ගැන අගමැති අවසන් තීරණය කියයි – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොළඹ වරාය ගැන අගමැති අවසන් තීරණය කියයි – Audio

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. තංගල්ල කාල්ටන් නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය මණ්ඩලයේ සියයට 99ක් මෙන්ම ජනාධිපතිවරයා ද එම ස්ථාවරයේ පසුවන බවයි අගමැතිවරයා පැවසුවේ.  ...