Tag: අඟහරු

අරාබි යානය අඟහරුගේ ගත් පළමු ජායාරූපය පොළවට එවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අරාබි යානය අඟහරුගේ ගත් පළමු ජායාරූපය පොළවට එවයි

අඟහරුගේ කක්ක්ෂය වෙත යානයක් යොමුකිරීමට සමත්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම යානයෙන් අඟහරුගේ ජායාරූපයක් ලබා ගැනීමට සමත්ව තිඛෙනවා. එම ජායාරූපය මාධ්‍ය වෙත නිකුත් කරමින් එමීර් රාජ්‍ය අභ්‍යවකාශ ආයතනය පැවසුවේ සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තම ගිනි කන්ද ද මෙම ජායාරූපයේ ඇතුලත් වන බවයි. එසේම ගිනි කදු 3ක් එක පෙළට මෙම ජායාරූපයේ දැකගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ...
චීනයේ පළමු අඟහරු යානය අඟහරු කක්ෂයට ළගාවෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ, විශේෂාංග

චීනයේ පළමු අඟහරු යානය අඟහරු කක්ෂයට ළගාවෙයි

චීනයේ පළමු අඟහරු ගවේෂණ යානය එම ග්‍රහයාගේ කක්ෂය වෙත ළගාවීමට සමත්ව තිබෙනවා. චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිවේදනය කළේ ඊයේ දිනයේ ටියෑන්වෙන් 1 යානය අගහරුගේ කක්ෂයට පිවිසි බවයි. ඒ අනුව අගඟහරුගේ කක්ෂය වෙත යානයක් යොමුකළ 6 වන රට බවට චීනය පත්වනවා. පෙරේදා දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "අමල් "යානය ද අඟහරුගේ කක්ක්ෂයට පිවිසයේ එම හැකියාව පෙන්නුම් කළ 5 වන රට බවට පත්වෙමින්. කෙසේ වෙතත් එම යානය අඟහරු මතට ගොඩ බැසීමක් සිදුවන්නේ නැහැ. චීනයේ ටියෑන්වෙන් 1 යානය ලබන මැයි හෝ ජුනි මාසයේ දී අඟහරු මත ගොඩබෑමට නියමිතයි. ඒ මාස 3ක පමණ කාලයක් අඟහරුගේ කක්ෂය මත රැදීමෙන් පසුවයි. මේ අතර පෙබරවාරි 18 වනදා නාසා හී අඟහරු යානය අඟහරු මත ගොඩබෑමට නියමිතව තිබෙනවා. එකවර රටවල් 3ක් විසින් අඟහරු මෙහෙයුම් සඳහා යානා පිටත්කර යැවීම ද විශේෂත්වයක්....