Tag: අත්‍යවශ්‍ය භාණ්ඩ

මාස 3ක් මිල වෙනස් නොවන අත්‍යාවශ්‍ය භාණ්ඩ ලයිස්තුව මෙන්න
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මාස 3ක් මිල වෙනස් නොවන අත්‍යාවශ්‍ය භාණ්ඩ ලයිස්තුව මෙන්න

ඉදිරි මාස තුනක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක මිළ ස්ථාවර අගයක පවත්වාගෙන යාමේ ගිවිසුමකට අද අත්සන් තැබුණා. තෝරා ගැනුණු දේශීය නිෂ්පාදකයන් හා ඍජු ආනයනකරුවන් සමඟ මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සැලසුමක් මතයි. ඒ අනුව  රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු-ඕස්ට්‍රේලියන්, ලොකු ළූණු-ඉන්දියන්, අර්තාපල්-දේශීය, අර්තාපල්-පකිස්තාන්, කඩල, වියළි මිරිස්, ටින් මාළූ-දේශීය, ටින් මාළු- (ආනයනික), හාල්මැස්සන්- තායිලන්ත, කුකුළු මස් (සම සහිත), ලුණු කැට, කිරිපිටි, සෝයාතෙල්, රෙදි සෝදන සබන්, රෙදි සෝදන බාර් සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුව ආවරණ(SLS සහතික ලත්) යන භාණ්ඩ වර්ග 27 ක මිළ ස්ථාවර අගයක මාස 3ක් පුරා පවත්වාගෙන යනු ඇති. එමෙන්ම ගිවිසුම්ගත වූ පරිදි ඉදිරි මාස තුන තුළදී සිය නිෂ්පාදනයන්ගේ ගුණත...