Tag: අන්තර්ජාලය

නොමිලේ අන්තර්ජාලය දෙන බවට පැතිරෙන සමාජ මාධ්‍ය පණිවිඩය SCAM අවදානමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නොමිලේ අන්තර්ජාලය දෙන බවට පැතිරෙන සමාජ මාධ්‍ය පණිවිඩය SCAM අවදානමක්

අද පෙරවරුවේ සිට නොමිලේ අන්තර්ජාලය ලබාදෙන බවට පණිවිඩයක් ඇතුලත්ව සමාජ මාධ්‍ය තුල හුවමාරු වන පණිවිඩය සයිබර් ප්‍රහාර අවදානමක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. මේ ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි. සෞඛ්‍ හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ. මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන චයාරූපයක්ද දැකගැනීමට හැකිවිය. මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට පෙන්වා දෙමු. රජීව් යසිරු කුරුවිටගේ මැතිව් ...
වැලන්ටයින් දින අන්තර්ජාල වංචා ගැන පොලිසියෙන් දැනුම්දීමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වැලන්ටයින් දින අන්තර්ජාල වංචා ගැන පොලිසියෙන් දැනුම්දීමක්

ආදරවන්තයින්ගෙන් දිනය නිමිත්තෙනන් අන්තර්ජාලය හරහා ඇතැම් පුද්ගලයින් මුදල් වංචා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තම ආදරවන්තයාට හෝ ආදරවන්තියට යම් ත්‍යාග ලැබී ඇති බවට සඳහන් කරමින් එවැනි දෑ ලබාගැනීම සඳහා අන්තර්ජාලය හරහා මුදල් ලබා දෙන ලෙස සඳහා පණිවුඩ තමන්ගේ දුරකතනවලට ලැබීමට ඉඩ තිබෙන බැවින් එවැනි වංචාවන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේ ය. ...
සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් වංචාවක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් වංචාවක්

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව මහ බැංකුව සදහන් කරයි. එවැනි ණය අයදුම්පත් අයදුම් පත් ඇගැයීමේ ක්‍රියාවලියේදී වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සඳහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවනු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි....