Tag: අමෙරිකාව

චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ජපානය හා චීනය අතර දූපත් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී , ජපානයට සහාය පල කරන බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත් ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් වර්ධනය වීම හා ඊට ජපානය දැඩි විරෝධය පළ කිරීමෙන් පසුවයි අමෙරිකාව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. චීනය මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවටයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , ජෝන් කිර්බි පැවසුවේ. දැනට එම දූපත්වල අයිතිය ජපානය සතුවන බැවින් එහි සැබෑ හිමිකරුවන් ලෙස ජපානයට සහාය දක්වන බවද මෙමගින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් චීනය පෙන්වා දෙන්නේ සෙන්කාකු දූපත් ආශ්‍රිත කළාපය චීන මහා ගොඩබිමට අයත් වන බවයි. එහි වෙනත් කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවද චීනය අවධාරණය කරනවා. ඒ අනුව අනවරසයෙන් එම මුහුදු කලාපයට පිවිසෙන්නන්ට පහරදීමටයි චීන හමුදාවට අවසර ලබාදී ඇත්තේ...
ඉන්දියාවෙන් සහ අමෙරිකාවෙන් ලංකාවට අධි තාක්ෂණික ගුවන් යානා 2ක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දියාවෙන් සහ අමෙරිකාවෙන් ලංකාවට අධි තාක්ෂණික ගුවන් යානා 2ක්

ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කරගෙන සිදු කෙරෙන සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට මෙරටට අයත් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම පිණිස අධිතාක්ෂණික පහසුකම් ඇති නවීන ගුවන් යානා 2ක් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් මෙරටට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා. මුහුදු මඟින් සිදු කෙරෙන මත්කුඩු ඇතුළු තහනම් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම අනවසර ආගමන විගමන වැළැක්වීමද මේ මඟින් වැළැක්වෙන බව ඒ මහතා සදහන් කළා. එහි ආරම්භක පියවරක් ලෙසින් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේ නොමැති අධි තාක්ෂණික නවීන පහසුකම් ඇති ගුවන් යානා දෙකක් මේ වසර තුළදී මෙරටට නොමිලේම ලැබෙන බවයි ගුවන් හමුදාපතිවරයා පැවසුවේ. ශ්‍රී ලංකාව මෙන් 24 ගුණයක් විශාල මෙරට මුහුදු සීමාව ආරක්ෂා කිරීම නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් ගැටලුවක් වූ නමුත් නවීන යානා ලැබීමෙන් පසු ඒ කටයුත්ත පූර්ණ වශය...
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සමග ක්වාඩ් සන්ධානය ගොඩනගනවා / අමෙරිකාව කියයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සමග ක්වාඩ් සන්ධානය ගොඩනගනවා / අමෙරිකාව කියයි

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර ක්වාඩ් කණ්ඩායම ශක්තිමත් කිරීම කඩිනමින් සිදුකළ යුතු බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා. නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. චීනයේ හමුදා බලය ආසායාතික කලාපය තුල වර්ධනය කරමින් පවතින අතර එය නිදහස් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ අනුව යුධමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද මෙම සන්ධානය පුළුල් කිරීමටයි නියමිත වන්නේ. මේ අතර චීන විදේශ අමාත්‍යාංශය විසින් මෙම ක්වාඩ් සංවිධානය ගොඩනැගීමට විරෝධයක් පල කර තිබුණා. එහෙත් එම විරෝධතා නොතකා හරින බවයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශකවරිය අවධාරණය කර තිබුණේ....
චීනය හදන කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන්න / ලංකාවෙන් අමෙරිකාවට ඇරයුම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

චීනය හදන කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන්න / ලංකාවෙන් අමෙරිකාවට ඇරයුම්

චීනය මගින් අරමුදල් සපයන කොළඹ වරාය නගරයේ ​(​​ෆෝට් සිටි) ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු වෙළෙඳ නියෝජිත ක්‍රිස්ටෝපර් විල්සන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම ආරාධනය සිදුකර තිබුණා. මෙම සාකච්ඡාවේදී තානාපති ආරියසිංහ ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී කොළඹ වරාය නගරය විවෘත කිරීමත් සමග එක්සත් ජනපද ආයෝජකයන් එහි බහුකාර්ය සංවර්ධන අවස්ථා සඳහා ප්‍රවේශ වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය ක්‍රියාත්මක කරවීම තවදුරටත් සක්‍රීය කරවීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා....
අමෙරිකානු චීන වෙළද යුද්ධය යලිත් වර්ධනය වන ලකුණු
ලෝකය වටා

අමෙරිකානු චීන වෙළද යුද්ධය යලිත් වර්ධනය වන ලකුණු

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයන තහනම් කරන ද්වි පාර්ශවීය පනතක් නැවතත් හදුන්වා දී තිනෙවා. පසුගිය සැප්තැම්බරයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුල සම්මත කළ යෝජනාවට මෙය සමාන බවයි රොයිටර් පුවත් සේවය පැවසුවේ. ෂින්ජියැන් හි සුළුතර උයිගර්වරුන් හෝ වෙනත් මුස්ලිම්වරුන් හිංසනයන්ට ලක් කරන බවට චීනයට එල්ලවන චෝදනා පදනම් කර ගනිමින් මෙම ආනයන සීමා පැනවීමට නියමිතයි. මෙම හිංසනයන් සඳහා වගකිව යුතු ඕනෑම කෙනෙකුට එරෙහිව සම්බාධක හෝ සීමාවන් පැනවීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට නව නියමයන් මගින් බලය ලබාදෙනු ලබනවා. මේ වන විට චෝදනා එල්ලවන ආකාරයට මිලියනයක පමණ උයිගර්වරුන් චීනයේ කදවුරු තුල රදවා ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. කෙසේ වෙතත් මෙම චෝදනා චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම තත්ත්වය තුල අමෙරිකානු චීන වෙළඳ යුද්ධයක අවදානම යළි ඉහළ යන බවයි මාධය වාර්තා පෙන්වා දෙන්නේ....
චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි

අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් දකුණු චීන මුහුදට යොමුකිරීම අමෙරිකානු නව ජනපතිවරයා විසින් චීනය පරීක්ෂාවට ලක් කිරීමක් බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසනවා. එම පුවත්පතේ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුල තායිවානය මුල් කරගත් චීනයේ හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා මෙම යුධ නැව් දකුණු චීන මුහුදට ළගාවන බවයි. පසුගිය දිනවල අඛණ්ඩව චීනයේ ප්‍රහාරක ගුවන් යානා තායිවානයට ඉහළින් පියාසර කර තිබුණා. එය තර්ජනාත්මක හැසිරීමක් ලෙසයි අමෙරිකාව ඇතුළු බටහිර රටවල් පෙන්වා දී තිබුණේ. ඒ අනුව යම් ඉදිරි පියවරක් සඳහා චීනය යොමුවන්නේ දැයි අවධානය යොමුකරමින් චීනයේ හැසිරීම හදුනා ගැනීමට අමෙරිකාවේ නව ජනපතිවරයා උත්සාහ දරමින් සිටින බවද මෙම වාර්තාවේ දැක්වෙනවා. කෙසේ වෙතත් තම මුහුදු කලාපය ආක්‍රමණය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව උපරිම පියවර ගැනීමට පසුබට නොවන බවයි චීනය අවධාරණය කළේ. ඒ සඳහා ගැලපෙන මිසයිල තමන් සතු බවද...
අමෙරිකාවේ නව කොරෝනා ප්‍රභේදය බරපතල මට්ටමක
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අමෙරිකාවේ නව කොරෝනා ප්‍රභේදය බරපතල මට්ටමක

අමෙරිකාවෙන් වාර්තාවන නව කොරෝනා ප්‍රභේදය බරපතල මට්ටමකින් පැතිර යන බව කැලිෆෝනියාවේ ලා ජොල්ලා හි පිහිටි ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනය අනාවරණ කර තිබෙනවා. බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට සොයාගත් කොරෝනා වයිරසයේ වඩාත් බෝවන ප්‍රභේදයක් මෙසේ අමෙරිකාව තුලින් පසුගිය මාසයේ හදුනාගත් අතර එහි ආසාදිතයන් ගණන සෑම දින 10කට වරක් දෙගුණ වන බවයි අනාවරණ කර ඇත්තේ. ඉදිරි මාසය තුල මෙය බරපතල මට්ටමකට පත්විය හැකි අතර කොරෝනා මරන ඉහළ යා හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙය බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයට සමාන වුව ද එහි ව්‍යාප්තිය හා බරපතල මට්ටම දකුණු අප්‍රිකානු ප්‍රභේදයට සමානකම් දක්වා තිබෙනවා. වෛරස් රෝග විද්‍යාඥ ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පැවසුවේ ,මෙම අනාවරණය අමෙරිකානුවන්ගේ ඇස් ඇරවීමට හේතුවක් විය යුතු බවයි....
අමෙරිකාව යළිත් චීනයට ඇඟිල්ල දිගු කරයි / චීනයෙන් ප්‍රතිචාර
ලෝකය වටා

අමෙරිකාව යළිත් චීනයට ඇඟිල්ල දිගු කරයි / චීනයෙන් ප්‍රතිචාර

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාම සම්බන්ධයෙන් අමෙරිකාව යලිත් චීනයට චෝදනා කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ එල්ල කළ මෙම චෝදනාව යළි තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබද පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මාරාන්තික වෛරසය පිළිබඳ අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමට හා සැපයීමට චීන රජය අසමත් වීම ලෝකයටම අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කළ බවයි. අද පවා චීනය ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ලබා දීමේදී දැඩි සීමාවන් මත කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් චීනයට පැමිණ සිටිය ද දැඩි සීමා මත පරීක්ෂණ සිදුකිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි අමෙරිකානු මාධ්‍ය චෝදනා කළේ. ඉදිරියේදී මෙවන් තත්ත්වයන් මතුවීම වැලැක්වීම සඳහා චීනය වඩාත් විනිවිද භාවයෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළා. කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක...
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත ක්‍රිස්ටින් මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙලාදකිමින් මෙහිදී අදහස් දක්වා තිබුණා. ඇය පෙන්වා දී ඇත්තේ , මියන්මාරයේ ජනතාව ජන්ද බලයෙන් ලබාදුන් තීරණය අභිබවා යාමට හමුදා පාලනයකට හැකියාව නොමැති බවයි. මේ අතර සිංගප්පූරු සරසවියේ විශේෂඥයකු වන Elliott Prasse-Freeman බී බී සී ය වෙත කියා සිටියේ චීනය වක්‍රාකාරයෙන් මියන්මාරයේ තත්ත්වය පිළිබද ඉඟියක් ලබාදෙන බවයි. චීන මාධ්‍ය විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් ...
තායිවානයට අත තිබ්බොත් ඉවසන්නේ නෑ / අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

තායිවානයට අත තිබ්බොත් ඉවසන්නේ නෑ / අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්

තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට වහාම සුදුසු ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු ආරක්ෂක උපදේශක , ජේක් සුලිවාන් හිටපු අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් මේ බව අවධාරණය කර තිබෙනවා. මේ වන විට හොංකොං හා සීජියෑන් කලාපවල තත්ත්වයන් සම්බන්ධයෙන් ද දැඩි අවධානයෙන් පසුවන අතර කිසිදු තර්ජනයකට අමෙරිකාව බිය ගැන්විය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ. පසුගිය වසර කිහිපයක සිට අමෙරිකාව දැඩි ඉවසිලිවන්තව අභියෝග සඳහා මුහුණ දී ඇති බවත් එය දුර්වලතාවයක් නොවන බවත් අමෙරිකානු ආරක්ෂක උපදේශක , ජේක් සුලිවාන් පවසනවා. දකුණු චීන මුහුද සම්බන්ධයෙන් දැඩි හා ස්ථීර ප්‍රතිපත්තියක තම රට පසුවන බවත් ,ලෝකයේ රටවල් බහුතරයක් එම ස්ථාවරයේ පසුවන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා. හොංකො නව ආරක්ෂණ නීතියේ සිට මේ දක්වා චීනය ගත් පියවර නිවැරදි නොවන අතර ඒවා අනාගතයේදී අර්බුධ මතුකරනු ඇති බව...
තායිවානයට එරෙහි යුද්ධයක් ගැන චීනය අනතුරු අඟවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

තායිවානයට එරෙහි යුද්ධයක් ගැන චීනය අනතුරු අඟවයි

තායිවානය නිදහස් රටක් බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිඵලය යුද්ධයක් විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , වූ කියෑන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව අවධාරණය කළා. චීනය තායිවානයේ කොටසක් වන අතර එරටට ස්වාධීන වීමට ඉඩ නොතබන බවයි චීනය පවසන්නේ. මේ අතර තායිවානය ආරක්ෂා කිරීමට බව පවසමින් විදේශ හමුදා දකුණු චීන මුහුදුට ගෙන්වා ගැනීම තායිවානයට අහිතකර විය හැකි බව ද ඔහු පැවසුවා. චීනයට එරෙහිව කලාපයේ අවි දල්වන්නා එම අවි වලින්ම වැනසී යනු ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ. මේ අතර අමෙරිකාව ද දැඩිව අවධාරණය කර ඇත්තේ තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවන බවයි. හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය නිවැරදි බව ද අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා....
අමෙරිකාව හා යුරෝපය නව අභියෝගය වෙනුවන් එකම මඟකට
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අමෙරිකාව හා යුරෝපය නව අභියෝගය වෙනුවන් එකම මඟකට

අමෙරිකාවේ නව රජය හා යුරෝපා සංගමය අතර සබදතා ශක්තිමත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හා යුරෝපා සංගමයේ ,යුරෝපීය කොමිසමේ උප සභාපති ජොසෙප් බොරෙල් අතර පැවැති සාකච්ජාවකදීයි මෙම එකඟතාවයට එළඹ ඇත්තේ. චීනය සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර තත්ත්වයන් තුල දී අමෙරිකාව හා යුරෝපය පොදු එකතාවයකින් ක්‍රියාත්මක වීමට ද මෙහිදී කැමැත්ත පල කර තිබෙනවා. පසුගිය සමයේ අමෙරිකානු යුරෝපා සබදතා අඩපණ වූ අතර ඒ හේතුවෙන් යුරෝපය හා චීනය අතර සබදතා තරවී තිබුණා. කෙසේ වෙතත් විවිධ ගැටළු හේතුවෙන් චීනය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් පවතින බවයි යුරෝපා සංගමයේ නියෝජිතයා පෙන්වා දී ඇත්තේ. එම තත්ත්වයට මුහුණදීම සදහා මෙම අමෙරිකානු යුරෝපා එකඟතාවය ඉදිරියට රැගෙන යාමට නියමිතයි....
තායිවානය ආශ්‍රිතව චීන , අමෙරිකානු මෙහෙයුම් අනතුරුදායක මට්ටමක
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

තායිවානය ආශ්‍රිතව චීන , අමෙරිකානු මෙහෙයුම් අනතුරුදායක මට්ටමක

තායිවානයේ නිරිතදිග ප්‍රදේශයට ඊයේ දිනය තුල චීන ප්‍රහාරක ගුවන් යානා හයක් සහ එක්සත් ජනපද ඔත්තු බැලීමේ ගුවන් යානයක් ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. චීන ගුවන් යානා ඇතුළු වූ මොහොත තුලම අමෙරිකානු යානය ද එම කලාපයට පිවිසි බවයි තායිවානය පවසන්නේ. දකුණු චීන මුහුදේ උතුරු කලාපයේ තායිවානය පාලනය කරන ප්‍රටාස් දූපත් වලට ආසන්න ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුලම චීන ප්‍රහාරක ගුවන් යානා ඇතුළුවී තිබුණා. තායිවානය එය විවේචනය කළ අතර එම කාල සීමාව ආශ්‍රිතවයි අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දකුණු චීන මුහුදු කලාපයට ඇතුළුවී තිබුනේ. එක්සත් ජනපදය, තායිවානය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද එරට ප්‍රධානතම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු ද වනවා. මේ පිළිබද වාර්තා කරන යූ එස් නිවුස් වෙබ් අඩවිය පවසන්නේ චීනය තායිවානයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් අමෙරිකාව නිරන්තර අවදානයකින් පසුවන බවයි. දකුණු ...
අමෙරිකාවෙන් චීනයට දැඩි ප්‍රතිචාරයක් / දකුණු චීන මුහුද උණුසුම් වන ලකුණු
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අමෙරිකාවෙන් චීනයට දැඩි ප්‍රතිචාරයක් / දකුණු චීන මුහුද උණුසුම් වන ලකුණු

දකුණු චීන මුහුදේ සියයට 90ක් තමන් සතු බවට චීනය සිදුකළ ප්‍රකාශය අමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කෙන් පැවසුවේ එම කලාපයේ සම්ප්‍රදායික හිමිකරුවන් වන නැගෙනහිර ආසියාතික රටවල් වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවයි. මේ වන විට අමෙරිකානු යුධ නැව් සමූහයක් , දකුණු චීන මුහුදට ළගාවී සිටින අතර ඊට චීනයේ දැඩි විරෝධයක් පළව තිබෙනවා. තම මුහුදු කලාපය ආක්‍රමණයෙන් අමෙරිකාව වැළකිය යුතු බවයි චීනය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ. කෙසේ වෙතත් චීනයේ එම අයිතිවාසිකම් කීම නීති විරෝධී හා ජාත්‍යන්තර නීතීන් කඩ කිරීමක් බවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසනවා. ලෝකයේ නාවික ගමනාගමනයෙන් 3 න් 2ක් සිදුවන මුහුදු කලාපය චීනයට යටත් කර ගැනීමට ඉඩ නොදෙන බවයි ඔහු අවධාරණය කළේ. මෙම තත්ත්වය සමග චීනය හා අමෙරිකාව අතර මතභේදය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. මෙතෙක් දකුනු චීන මුහුදේ අයිතිය පැවැති රටවල් ස...