Tag: අවුන්සාන් සුකී

මියන්මාරයේ හිටපු නායකයන්ට පොලිසිය චෝදනා ගොනුකරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ හිටපු නායකයන්ට පොලිසිය චෝදනා ගොනුකරයි

හමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් පහකළ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට පොලිසිය චෝදනා ගොනුකර තිබෙනවා. රොය්ටර් පුවත් සේවය සදහන් කළේ නීති විරෝධී සන්නිවේදන උපකරණ ආනයනය කළ බවට චෝදනා ගොනුකරමින් ලබන 15 වනදා තෙක් ඇය පොලිසිය භාරයේ රැදවීමට අවසර ලබාගෙන ඇති බවයි. 75 හැවිරිදි අවුන්සාන් සුකීගේ නිවසේ තිබී නීති විරෝධිව ගෙන්වූ වෝක ටෝකි යන්ත්‍ර 6ක් සොයාගත් බව ද මෙම වාර්තාවේ සදහන්. මේ අතර බලයෙන් පහකළ ජනාධිපති වින් මයින්ට් හට ද මියන්මාර පොලිසිය චෝදනා ගොනුකර තිබෙනවා. ඒ කොරෝනා අවදානම නොතකා හරිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට අවසර ලබාදීම හරහා නියමයන් උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. කෙසේ වෙතත් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පවසන්නේ එරට හමුදා පාලනය නායකයන් සිරගත කිරිම සඳහා ව්‍යාජ චෝදනා ගොනුකරමින් පවතින බවයි....