Tag: අවුන් සාන් සුචී

හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය තමභාරයට ගත් බව මියන්මාර හමුදාව අද නිවේදනය කළා. ඒ මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම තහවුරු කරමිනුයි. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළා. පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට රටේ බලය පැවරීමට ක්‍රියා කරන බවයි, මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර තිබෙනවා. නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අ...