Friday, September 20News That Matters

Tag: ආණ්ඩුව

අර්බුධයේ වගකීම 225 ට නොවේ / ආණ්ඩුවටයි – පොහොට්ටුව -Audio

අර්බුධයේ වගකීම 225 ට නොවේ / ආණ්ඩුවටයි – පොහොට්ටුව -Audio

මේ වන විට රට තුල මතුව ඇති තත්ත්වයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අඛේගුණවර්ධන මහතා සදහන් කළේ මෙම අර්බුධයේ වගකීම පාර්ලිමේන්තුවේ සියළුම දෙනා භාරගත යුතු බවට රජය සිදුකරන ප්‍රකාශ පිළිනොගන්නා බවයි.
ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවසුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.
ආණ්ඩුව අර්ථසාධක අරමුදල බිල්ලට දීලා / ජවිපෙන් චෝදනා

ආණ්ඩුව අර්ථසාධක අරමුදල බිල්ලට දීලා / ජවිපෙන් චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට එල්ලවූ බලපෑම් සමනය කිරීමට රජයේ අර්ථසාධක අරමුදල යොදාගනිමින් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කළේ කොටස් මිල පහතයමින් තිබියදී කොටස් වෙළදපල ආයෝජනයට මෙම අරමුදලේ මුදල් වැය කරමින් පවතින බවයි.  
අර්බුධ නැහැ / ආණ්ඩුව හොදට යනවා

අර්බුධ නැහැ / ආණ්ඩුව හොදට යනවා

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පලකරන අදහස්. ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ ඇතුළෙම අර්බුද මතු වෙලා නේද? ආණ්ඩුවේ අර්බුද මතු වෙලා නැහැ. ආණ්ඩුව හොඳට යනවා. කිසි ගැටලුවක් නැහැ. ජනතාව වෙනුවෙන් කළයුතු සේවය කරමින් යනවා. එහෙම කිව්වට කොකේන් බොන ඇමැතිවරු ඉන්නවා කියලා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා කියලා තිබුණේ. මේක අර්බුදයක් නොවෙයිද? මම නම් කියන්නේ ඇමැතිවරු වගකීමෙන් කතා කරන්න ඕනේ කියලයි. මෙතනදී ඒ අය කතා කරපු විදිය හොඳ නැහැ. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා කළ ප්‍රකාශය අද මුළු පාර්ලිමේන්තුවටම ප්‍රශ්නයක් වෙලා. අදහස් ප්‍රකාශ කරද්දී මේ ඇමැතිවරු ටිකක් කල්පනා කරන්න ඕනේ තමන් කියන්නේ මොකක්ද කියලා. මම නම් දකින්නේ මෙය ජනප්‍රියවීමේ අදහසින් කළ ප්‍රකාශයක් ලෙසයි. ඇත්තටම කොකේන් භාවිත කරන මැති ඇමැතිවරු නැද්ද? මම නම් හිතන්නේ