Tag: ආයෝජනය

උතුරේ දූපත් ගැන තීරණය ලංකාවේ වැඩක් /අනවශ්‍ය බාධා එපා ,චීනය ඉන්දියාවට කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

උතුරේ දූපත් ගැන තීරණය ලංකාවේ වැඩක් /අනවශ්‍ය බාධා එපා ,චීනය ඉන්දියාවට කියයි

උතුරේ දූපත් 3ක් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ඉන්දීයව විරෝධයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිඛෙනවා. ඒ අනුව චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙම ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදීම , ජාත්‍යන්තර මට්ටමේ ටෙන්ඩර් කැදවීමේ ක්‍රියාවලියක් අනුව සිදුව ඇති බවයි. ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස තමන්ට ගැලපෙන සුදුසු කොන්ත්‍රාත්කුරුවකු තෝරා ගැනීමේ අයිතියක් ඇතැයිද චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මෙම ආයෝජනයට සම්බන්ධ චීන සමාගම පුද්ගලික එකක් බවද මෙම පැහැදිලි කිරීමේ සදහන්. තමන්ට සුදුසු ආයෝජකයන් තෝරා ගැනීමේ අයිතිය හා නියමිත පටිපාටිය අනුව , මෙම ආයෝජනය පිළිබද ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවද චීන තානාපති කාර්යාලය පවසනවා. එය කිසිදු රටකට තර්ජනයක් නොවන බවද මෙහිදී අවධාරණය කර තිබුණා. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ මෙම ව්‍යාපෘතිය චීන සමාග...
නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද අදහස් පල කළා. ඒ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුරයි. එහිදී තානාපතිනිය කියා සිටියේ ඉන්දියාව කොළඹ වරායේ ආයෝජනයක් සඳහා එක්වීම ලංකාවේ නාවික අනාගතයට සුබදායක බවයි. එය මෙරට ප්‍රති අපනයන ආදායම් හා කාර්යක්ෂමතාවයන් වර්ධනය කරනු ඇතැයි යන්න අමෙරිකාවේ අපේක්ෂාව බවයි තානාපතිනිය පැවසුවේ. පුද්ගලික අංශය සමග එක්ව ආයෝජන සිදුකිරීම ශ්‍රී ලංකාවට පවතින හොඳම ආර්ථික විසදුමක් බවද ඇය පැවසුවා....