Tag: ඇවිදින පුස්තකාලය

අපෙන් සමුගත් “ඇවිදින පුස්තකාලය”
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

අපෙන් සමුගත් “ඇවිදින පුස්තකාලය”

ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදියාට කාලය ගෙවීයනු නොදැනේ. එනිසාම ඔහු වයසට යන බවක්ද නොසිතන්නට ඇත. ඔහුගේ හොඳහිත නිසාම අදහන ආගම විසින් ඔහුට ඒ ආශිර්වාදය හිමිකර දී ඇත්තේ පූර්ව පින් මයහිමය හේතුකොටගෙනය. මේ භාග්‍යවන්තයා අන් කිසිවෙකු නොව එඩ්වින් ආරියදාස නම් සම්මානනීය ප්‍රවීණ පුවත්පත් කලාවේදියාය. ජනමාධ්‍යවේදියාය. ඔබතුමන් ගැන යමක් ලියන්න ඕනෑ යයි කී විට ‘‘ඔව් ඒකට නිමිත්තක් තියනවා. මගේ උපන්දිනය මේ 03 වැනිදා ට එනවා. විශේෂයකුත් තියනවා. මා ඉපදුන දවසත්   ජන්ම දිනය එළඹෙන දිනයත් දෙකම ඉරිදා දවසක් වගේම පසලොස්වක පෝය දවසක්“ යැයි කීවේ සතුටිනි. පරසිදු දකුණු ලක ගාල්ල උණවටුනේ වී.කේ. ඒබ්‍රහම් අප්පුහාමි මහතා සහ සිසිලියානා හමීනේ දෙදෙනාගේ බාල දරුවා ලෙසින් එක්වූ   එඩ්වින් ආරියදාස  අද දැවැන්ත චරිතයකි. ප්‍රවීණ පුවත්පත් කලා ...