Tag: ඇස්ට්‍රසෙනිකා

බ්‍රසීලයේ විකෘති කොරෝනා ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා සාර්ථක බවට වාර්තාවක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

බ්‍රසීලයේ විකෘති කොරෝනා ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා සාර්ථක බවට වාර්තාවක්

ඇස්ට්‍රසෙනිකා කොරෝනා එන්නත බ්‍රසීලයේ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය මර්ධනය කිරීමට සමත් බව ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. බ්‍රසීලයේ නව කොරෝනා විකෘතිය සම්බන්ධයෙන් සිදුකළ මෙම අධ්‍යයනයේදී අනාවරණවී ඇත්තේ , ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයන් මෙම වෛරස ප්‍රභේදයට ගොදුරුවීමේ හැකියාව අවම මට්ටමක පවතින බවයි. කෙසේ වෙතත් එම ප්‍රතිශත දත්ත මේ දක්වා මාධ්‍ය වෙත අනාවරණ කර නැහැ. මේ වන විට බ්‍රසීලයේ පැතිරයන නව කොරෝනා විකෘති ප්‍රභේදය කොරෝනා මරණ වර්ධනය කරමින් පවතිනවා. ඒ අනුව ඉකුත් සතියේ පමණක් බ්‍රසීලයෙන් කොරෝනා මරණ 10,000 ක් වාර්තා වුණා. එය වැලැක්වීමේ හැකියාව පෙන්වූ එකම එන්නත ලෙස ඇස්ට්‍රසෙනිකා නම් කළද ඊට අදාළ දත්ත් ඉදිරිපත් කළ යුතු බවයි පර්යේෂකයන් පවසන්නේ....
බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. එමෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් ඝෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මේ අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත ලබාගැනීම කඩිනම් කිරීමට හැකිවීම සඳහා කොවැක්ස් යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කරඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ...
දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි

දකුණු අප්‍රිකාව විසින් එරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට ෆයිසර් හා මොඩර්නා සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවයි දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට...
65ට වැඩි අයට ඔක්ස්ෆර්ඩ් එන්නත වැඩක් නෑ / ජර්මනිය කියයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

65ට වැඩි අයට ඔක්ස්ෆර්ඩ් එන්නත වැඩක් නෑ / ජර්මනිය කියයි

ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කළ ඇස්ට්‍රසෙනිකා එන්නත වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට ලබා නොදීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. ඒ එන්නත ලබාදුන් වැඩිහිටි පුද්ගලයන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බ්නධ ප්‍රමාණවත් මට්ටමේ සාධක නොමැතිවීම මතයි. එම එන්නත ලබාගත් අවුරුදු 65 ඉක්මවූ වැඩි පිරිසක් කොරෝනා අවදානමට ලක්ව තිබීම ද මේ සඳහා බලපා තිබෙනවා. කෙසේ වෙතත් අනෙක් වයස් කාණ්ඩවල පුද්ගලයන්ට එය ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් සපයන බවයි හෙළිව ඇත්තේ. දැනට පරීක්ෂණ මගින් හෙළිව ඇත්තේ ඇස්ට්‍රසෙනිකා එන්නතේ සාර්ථකත්වය සියයට 65ක් පමණ වන බවයි....