Tag: ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථානයට සාමය දෙන්න අමෙරිකාවෙන් ලිපියක්
ලෝකය වටා

ඇෆ්ගනිස්ථානයට සාමය දෙන්න අමෙරිකාවෙන් ලිපියක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ . බ්ලින්කන් ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයේ ස්ථීර සාමයක් සදහා වන සාකච්ජාවට රටවල් 5ක සැසිවාරයක් කැඳවිය යුතු බව දන්වමින්. රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය, ඉන්දියාව සමග එක්සත් ජනපදය මේ සඳහා නම් කර තිබෙනවා. තානාපති මට්ටමේ මෙම සාකච්ජාව තුලින් ඇෆ්ගනිස්ථානයට ස්ථීර සාමයක් ලබාදිය හැකි බවටද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විශ්වාසය පළකර තිබෙනවා. ...
පකිස්ථානයට එරෙහිව පාර්ශව කිහිපයක් අන්තර්ජාතික අධිකරණයට
ලෝකය වටා

පකිස්ථානයට එරෙහිව පාර්ශව කිහිපයක් අන්තර්ජාතික අධිකරණයට

ඉන්දියාව, බංග්ලාදේශය. පාකිස්තානය. බලුකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ජන සංහාර සිදුකළ බවට චෝදනා කරමින් පාකිස්තානයට එරෙහිව අන්තර්ජාතික අධිකරණයේ නඩු පවරන්නැයි ජම්මු හා කාශ්මීර එක්සත් පදනම ඉල්ලීමක් කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්කු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, මාධ්‍යවේදී ෆ්‍රැන්කොයිස් ගෝටියර් හා බංග්ලාදේශ , ඉන්දීය හා ඇෆ්ගනිස්ථාන නියෝජිතයන් පිරිසක් විසින් මෙම ඒකාබද්ධ ඉල්ලීම සිදුකර ඇති බවයි. ආගමික වශයෙන් බලහත්කාරය පෑම හා දේශසීමා ආශ්‍රිත ත්‍රස්තවාදී චෝදනා මුල් කර ගනිමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් මෙවන් පැමිණිල්ලක් නිල වශයෙන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් වී නොමැති බවයි පකිස්ථාන මාධ්‍ය පවසන්නේ. මෙය තම රටට එරෙහි සැලසුම් සහගත මෙහෙයුමක් බවද පකිස්ථාන මාධ්‍ය පෙන්වා දී තිබෙනවා....