Tag: ඉඩම්

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම්

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම. පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්! චාන්දනී දිසානායක            "තෙකලා විදුලිය, නළ ජලය  සමග සියලු පහසුකම් , විනාඩි දෙකෙන් අහවල් නගරයට .ජනප්‍රිය පාසල්, පුළුල් මංමාවත් .. " "අනේ දැන්වීම් පුවරුවලයි පෝස්ටර්වලයි එහෙම තිබුණා . අපි ඉඩම් ගත්තේ ඒ හින්දා. ඒත් අද අපි කුප්පි ලාම්පුවෙන් එළිය බලනවා . ඔන්ලයින් තියා රෑට ලයිට් එකක්වත් නැති හින්දා අපේ දරුවෝ ඉන්නේ අපේ අම්මලා ළඟ. " වසර ගණනක් විදුලිය නැතිව පීඩා විඳින මවකගේ එම අඳෝනාව තව බොහෝ දීර්ඝය.               ඉඩම් කැබලි කොට විකුණන වෙන්දේසිකරුවෝ  පාරිභෝගිකයන් නතු කර ගත හැකි ආකාරයට විවිධ ප්‍රචාරණ ක්‍රම දියත් කරමින්, උපක්‍රමශීලීව ඉඩම් අලෙවිකරණයේ යෙදී සිටිති.   පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන අලංකාර අත්පත්‍රිකා, බැනර් පෝස්ටර්, මගින් විකුණුම්  ප්‍රචාරණ...
තරුණ ව්‍යවසායකයන් විසි දහසකට මෙම වසරේ රජයෙන් ඉඩම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තරුණ ව්‍යවසායකයන් විසි දහසකට මෙම වසරේ රජයෙන් ඉඩම්

තරුණ ව්‍යවසායකයින් 20,000 ක් සඳහා මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා පවසනවා. තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටනේ මුල් අදියර ලෙස මෙය ක්‍රියාත්මකයි. මෙම ඉඩම් ඒකක ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් එක් ලක්ෂ 35,000 ක් ඉල්ලුම් කර ඇති බව ද ලේකම්වරයා පැවසුවා. තෝරා ගත් ව්‍යවසායකින්ගේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වන අතර එම පරීක්ෂණ ලබන 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි. කෘෂිකාර්මික, සත්ත්ව පාලන, සුළු පරිමාණ ව්‍යාපාර හා දේශීය නිෂ්පාදන ඇතුළු අංශවල නියැලී සිටිනන්ට මෙම ඉඩම් ලබා දීම රජයේ අරමුණයි. ...
සංගක්කාර ගෑවුණු සීගිරිය ඉඩම් ගණුදෙනුවේ ඇත්ත කතාව හෙළිවෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සංගක්කාර ගෑවුණු සීගිරිය ඉඩම් ගණුදෙනුවේ ඇත්ත කතාව හෙළිවෙයි

සීගිරිය ප්‍රදේශයේ රජයේ ඉඩම් ඉඩම් නිීති විරෝධි අයුරින් ලබා ගෙන ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තාවනවා. එම ලිපියේ දැක්වෙන්නේ , බැඳීම්වලින් තොර බවට ඇති පිරිසිදු විශ්වාසය මත අදාළ ඉඩම් මිලදී ගත් බවයි. පසුව එම ඉඩම් ඔප්පු පරීක්ෂාවේදී මෙම ගැටළුව අනාවරණ වූ බවත් ඒ සම්බන්ධයෙන් අදාල අංශ කල්තබා දැනුවක් කර තිබූ බවත් එම ලිපියේ දැක්වෙනවා. ඒ අනුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි ඔවුන් අදාළ අංශ වෙත දන්වා ඇත්තේ. මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා දක්වා යොමුකර ඇති පිළිතුරු ලිපිය පහතින්. ...
ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් වංචනිකව මිලදීගත් සීගිරියේ ඉඩම්වල ඔප්පු අවලංගු කිරීමට උපදෙස්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් වංචනිකව මිලදීගත් සීගිරියේ ඉඩම්වල ඔප්පු අවලංගු කිරීමට උපදෙස්

දඹුල්ල, සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසත්, මේ වන විට ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ මහතා  මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. මෙය ඉතා බරපතල ක්‍රියාවක්. මේ පිළිබදව ප්‍රාදේශීය ලේකම් ඇතුලු සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි. අඩු ආදායම් ලාභි ජනතාවට ලබා දිමට ඇති ඉඩම් සහ ඔවුන්ගේ ඉඩම් මෙලෙස අයථා අන්දමින් කටයුතු කිරිම බරපතල තත්වයක්. වහාම මේ පිළිබදව සොයා බලා අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කිරිමටත් කටයුතු කළ යුතුයි. මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතුයි." මෙහිදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ අදාල ග්‍රාම නිලධාරිවරයාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇ...
අඩු ආදායම් ලාභියකු බව පවසා සුපිරි ක්‍රීඩකයකුගේ බිරිඳක් සීගිරියේ ඉඩමක් ගිලලා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අඩු ආදායම් ලාභියකු බව පවසා සුපිරි ක්‍රීඩකයකුගේ බිරිඳක් සීගිරියේ ඉඩමක් ගිලලා

රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා රාජ්‍ය සේවකයන් සහ තැරැව්කරුවන් එක්ව ව්‍යාපාරිකයින්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ විවිධ ව්‍යාපාරික ප්‍රජාවට අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කෙරෙන බව තොරතුරු දැනගැනීමේ පනත අනුව හෙළිදරව් කිරීමට ඉකුත් දා හැකි විය. දඹුල්ල සහ සීගිරිය අවට ප්‍රදේශවල කාලයක් තිස්සේ රජයේ ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩකඩම් වලට ද ව්‍යාජ ඔප්පු සහ බලපත්‍ර දීමනාපත්‍ර සකසා මෙම ඉඩම් ජාවාරම සිදු කරගෙන යන බව ප්‍රදේශය පුරා මහජනතාව දන්නා කරුණකි . මේ පිළිබඳව කිසිදු අයෙකුගේ අවදානමක් යොමු නොකොට විශාල වශයෙන් සංචාරක හෝටල් සංචාරක කර්මාන්තය මෙන්ම විවිධ බෝග වගා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පැවතිණි .එමෙන්ම ඉඩම් අලෙවි කිරීම කූට ලේඛන සැකසීම පදිංචි සහතික ලබාදීම හැඳුනුම්පත් සැකසීම ආදී සියලු ඉඩ...