Tag: ඉතාලි

ඉතාලියේ තවත් ගම්මානයක් ඩොලරයකට නිවාස විකිණීම අරඹයි
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ඉතාලියේ තවත් ගම්මානයක් ඩොලරයකට නිවාස විකිණීම අරඹයි

ඉතාලියේ ඇතැම් ගම්මානවල නිවාස ඩොලරයක අගයකට අලෙවි කිරීමේ මෙහෙයුමක් මෑත කාලීනව ආරම්භ කර තිබෙනවා. ඒ එම ගම්මාන හැර යමින් ජනතාව නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණයවීමට පියවර ගැනීම සමගයි. මේ යටතේ ඉතාලියේ බිකාරි නගරය තුලද ඩොලර් 1 ක අවම මුදලකට නිවාස අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි CNN පුවත් සේවය පවසන්නේ. එම නගරයේ නගරාධිපති ජියැන්ෆිලිපෝ මිග්නොග්නාගේ සැලසුමක් අනුව අලෙවිකරන මෙම නිවාස ඉතාලි ජාතිකයන්ට මෙන්ම විදේශිකයන්ටද මිලදී ගත හැකියි. මේ වන විට බිකාරි හී ජනගහණය 2,000ක් දක්වා පහත වැටී ඇති අතර එය තවදුරටත් පහල යා හැකි බවයි නගරාධිපතිවරයා පවසන්නේ. බොහෝ දෙනෙකු සුපිරි පහසුකම් සොයා ප්‍රධාන නගර වෙත සංක්‍රමණයවීම මෙම තත්ත්වයට බලපා තිබුණා. කෙසේ වෙතත් නගරාධිපතිවරයා පවසන්නේ බිකාරි හී සියළු මූලික අවශ්‍යතා හා පහසුකම් අඩුවක් රහිතව පවතින බවයි. ඒ අනුව ගම්මානය යලි ගොඩනැගීම සඳහා එහි ස්ථිරව පදිංචිවීමට කැමති පුද්ග...