Tag: ඉන්දියාව

හිමාලයේදී යළිත් ඉන්දීය -චීන සෙබළුන් ගැටෙයි / මරණ සිදුවූ බවට වාර්තා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හිමාලයේදී යළිත් ඉන්දීය -චීන සෙබළුන් ගැටෙයි / මරණ සිදුවූ බවට වාර්තා

හිමාලයේ ඉන්දු චීන දේශසීමාවේදී යළිත් ඉන්දීය හා චීන දේශසීමා ආරක්ෂකයන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙහිදී දෙපාර්ශවයේම කිහිපදෙනකු මරණයට පත්ව සැළකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය හමුදා තහවුරු කළ බවයි. සිකීම් හී නකුලා කලාපය ආශ්‍රිතව මෙම ගැටුම හටගෙන තිබුණා. එහිදී අවි ආයුධ භාවිත වී නොතිබුණු අතර අත් පා භාවිත කරමින් එකිනෙකාට ප්‍රහාර එල්ලකර ඇති බවයි අල්ජසීරා පැවසුවේ. චීන හමුදා ඉන්දීය දේශසීමා කලාපයට ඇතුළුවූ අවස්ථාවේ දී ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෙම තත්ත්වය හටගෙන තිබුණා. එම කලාපයේ චීනය විසින් අනවසර හමුදා කදවුරු හා ගම්මාන ඉදිකරන බවටයි ඉන්දියාව චෝදනා කළේ. ...
ඉන්දියාව සමග ශක්තිමත් යුධ සහයෝගීතාවයකට අමෙරිකාව සූදානමින්
ආසියාව, ලෝකය වටා

ඉන්දියාව සමග ශක්තිමත් යුධ සහයෝගීතාවයකට අමෙරිකාව සූදානමින්

එක්සත් ජනපදය හා තමන් ඉන්දියාවේ ,ප්‍රධාන ආරක්ෂක සහකරු තත්ත්වයෙන් ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසන්නේ දැනට චීනයෙන් පවතින තර්ජන සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව එක්සත් ජනපදය හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීත්වය ඉදිරියේ දී වඩාත් ශක්තිමත් වනු ඇතැයි ද අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම්වරයා පවසනවා. ඒ අනුව ඉන්දියන් සාගරය තුල නව ආරක්ෂක සහයෝගීතාවයක් මෙන්ම එහි පාර්ශව ශක්තිමක් කිරීමයි අමෙරිකාවේ අරමුණවී ඇත්තේ. චීනය ගැන අදහස් දක්වමින් නව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ චීනය ගෝලීය වශයෙන් යුධ බලය තර කර ගැනීමට උත්සාහ දරන බවක් පෙනී යන බවයි. එය එක්සත් ජනපදයට හවුල්කරුවන්ට සැලකිය යුතු හා දිගු කාලීන ආරක්ෂක තර්ජනයක් බව ද ඔහු කියා සිටියා....