Tag: ඉන්දීය

ඉන්දීය ධීවරයෝ උතුරු මුහුද ආක්‍රමණය ඉහළම මට්ටමකට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දීය ධීවරයෝ උතුරු මුහුද ආක්‍රමණය ඉහළම මට්ටමකට

උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් ඇතුළුවීම ඉහළ ගොස් ඇති බවට ධීවර වෘත්තිය සමිති චෝදනා කරනවා. සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ , තහනම් ආම්පන්න ක්‍රම භාවිතා කර ධිවර කටයුතු වල නිරත වීම නිසා මෙරට සාගරයට මෙන්ම මත්ස්‍ය සම්පතට ද දැඩි ලෙස හානි සිදුව ඇති බවයි. පසුගිය මාසයේ මෙරට මුහුදු තීරයට පිවිසි ඉන්දීය ධිවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක් සමග ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එහිදී ඉන්දීය ධිවරයන් 4 දෙනකු ද මරණයට පත්ව තිබුණා....
ජිනීවා සැසිවාරයේදි සහාය ඉල්ලා ලංකාවෙන් මෝදිට ලිපියක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා සැසිවාරයේදි සහාය ඉල්ලා ලංකාවෙන් මෝදිට ලිපියක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සහයෝගය ලබාදෙන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තාවී තිබෙනවා. ඒ ලබන සතියේ මානව හිමිකම් සැසිවාරයට ලංකාව සම්බන්ධ නවතම යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීයි. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත මෙරටට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස බලකරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ද මෙවර සිය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා....
ඉන්දීය හමුදා සමග ගැටුමේදී තම සෙබළුන්ද මියගිය බව චීනය මුල්වරට පිළිගනියි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉන්දීය හමුදා සමග ගැටුමේදී තම සෙබළුන්ද මියගිය බව චීනය මුල්වරට පිළිගනියි

පසුගිය වසරේ ජුනි මාසයේදී ඉන්දීය හමුදා සමග ලඩාක් හී හටගත් ගැටුමේදී තම හමුදා භට පිරිසක්ද මරණයට පත්වූ බව , චීනය මුල්වරට පිළිගෙන තිබෙනවා. චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ , එම ගැටුමේදී මිය ගිය සෙබලුන් 4 දෙනකුට උසස්වීම් ලබාදුන් බවයි. මේ දක්වා එම ගැටුමේදී තම සෙබලුන්ට හානියක් නොවූ බව චීනය අවධාරණය කරමින් පැවතියා. Four Chinese soldiers, who were sacrificed in last June's border conflict, were posthumously awarded honorary titles and first-class merit citations, Central Military Commission announced Friday. A colonel, who led them and seriously injured, was conferred with honorary title. pic.twitter.com/Io9Wk3pXaU — People's Daily, China (@PDChina) February 19, 2021 ...
ඉන්දීය දේශ සීමාවේ රදවා තිබූ චීන යුධ ටැංකි ආපසු හරවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉන්දීය දේශ සීමාවේ රදවා තිබූ චීන යුධ ටැංකි ආපසු හරවයි

මතභේදයට ලක්ව තිබූ ඉන්දු චීන දේශ සීමාවේ පැන්ගොන් කලාපයෙන් සිය යුධ ටැංකි ඇතළු ප්‍රහාරක රථවාහන යළි ඉවත් කර ගැනීමට චීනය කටයුතු කර තිබෙනවා. ඒ දෙරටේ සෙබළුන් අතර ගැටුම හටගත් සීමාව ආශ්‍රිතව සන්නද්ධ රථ ඉවත් කර ගැනීමට දෙරට සාකච්ජාමය එකඟතාවයකට පිවිසීම සමගයි. දේශසීමා ආශ්‍රිත ගැටුමෙන් පසු යුධ රථ 100ක් චීනය විසින් දේශසීමාවට යොමුකර තිබූ අතර ඒ ආශ්‍රිත කලාපයේ මාර්ග , කඳවුරු හා ගුවන් පළ ඉදිකිරීමට ද පියවර ගනු ලැබුවා. මේ අතර ඉන්දියාවද එම කලාපයේ හමුදාව රදවා තිබූ අතර කඳවුරු රැසක් පිහිටුවීමටයි පියවර ගෙන තිබුණේ. මෙම යුධ රථ ඉවත් කර නොගන්නේ නම් තමන්ද එවන් පියවරක් ගන්නා බවත් , මීට අදාළ සාකච්ජාවේදී ඉන්දියාව අවධාරණය කළ බවයි හින්දුස්ථාන් ටයිම්ස් පවසන්නේ. ඒ අනුව ඇතිවිය හැකි යුධ අවදානම පහත හෙළමින් සිය සන්නද්ධ රථ දේශසීමාවෙන් ඉවත් කර ගැනීමට චීනය කටයුතු කර තිබුණා. එය දේශසීමාවේ යුධ ගැටුමක් හටගැනීමේ අවදානම යම් මට්ටමකින්...
චීනයේ දේශසීමා ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් / ඉන්දියාව කියයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයේ දේශසීමා ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් / ඉන්දියාව කියයි

දේශසීමා උල්ලංඝනය කිරීමට චීනය ගත් පියවරයන්ට එරෙහිව ඉන්දියාව නිසි ප්‍රතිචාරයක් ලබා දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ එන් අයි පුවත් සේවය වාර්තා කළේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී මතුවූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය , වී මුරලිදරන් මෙම අදහස් පල කළ බවයි. චීන ක්‍රියාකාරකම්වලට එරෙහිව දේශසීමාවේ අවි ස්ථානගත කිරීම මෙන්ම ,රාජ්‍යත්‍රාන්ත්‍රික පියවරයන් ද ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. ටිබෙටයේ බ්‍රහ්මපුත්‍ර ගඟේ ඉන්දීය දේශ සීමාවට කිලෝමීටර් තිහකට පමණ ආසන්නයෙන් විශාල වේල්ලක් ඉදිකිරීමට චීනය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද ඉන්දියාව විමසිල්ලෙන් පසුවන බවද ඔහු කියා සිටියා. ඉන්දියාව ඒ සම්බන්ධ අදහස් චීන බලධාරීන් වෙත දැනුම් දී ඇති අතර තම රටට බලපෑම් නොවන පරිදි ඔවුන්ගේ කටයුතු සිදුකරගන්නා ලෙස දැනුම් දී ඇති බව ද ඉන්දියාව අවදාරණය කර තිබෙනවා....