Tag: ඉබෝලා

කොංගෝවේ ඉබෝලා ව්‍යාප්තිය වර්ධනය වන ලකුණු
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

කොංගෝවේ ඉබෝලා ව්‍යාප්තිය වර්ධනය වන ලකුණු

කොංගෝ දේශයෙන් තවත් ඉබෝලා ආසාදිතයන් දෙදෙනකු හඳාුනාගෙන තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ , මේ දක්වා ආසාදිතයන් වාර්තා වූ කලාපයේ සිට කිලෝමීටර 150ක දුරින් නව ආසාදිතයන් හමුවූ බවයි. මේ වන විට ගිනියාවෙන් හා කොංගෝවෙන් නව ඉබෝලා ව්‍යාප්තියක් හටගෙන ඇති අතර එයින් ආසාදිතයන් මියයාමේ ප්‍රතිශතයද ඉහළ මට්ටමකයි පවතින්නේ. මෙම තත්ත්වය තුල කොංගෝවේ ඉබෝලා එන්නත්කරණයද ආරම්භ කර ඇති බව රොයාටර් පුවත් සේවය වාර්තා කළා. ඒ අනුව පළමු අධියරේදී 40,000 ක පිරිසකට එන්නත් ලබාදී තිබෙනවා....
ඉබෝලා  වෛරසය යලිත් මතුවෙයි / ගිනියාවේ ආසාදිතයන් 8කින් 3ක් මරුට
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉබෝලා වෛරසය යලිත් මතුවෙයි / ගිනියාවේ ආසාදිතයන් 8කින් 3ක් මරුට

වසර 5කට පසු මුල්වරට ගිනියාවේ( ගයනා )රාජ්‍යයෙන් ඉබෝලා ආසාදිතයන් 8 දෙනකු හා ඉබෝලා මරණ 3ක් වාර්තාවී තිඛෙනවා. බී බී සී පුවත් සේවය සදහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයද මේ සදහා යොමුව ඇති බවයි. හදිසියේ මතුව ඇති මෙම අවදානමට ලක්වූවන් පාචනය , වමනය හා ලේ වහනය ආදී රෝග තත්ත්වයන් පෙන්නුම් කර තිබුණා. සියයට 66ක මරණ අනුපාතයක් වාර්තාවන ඉබෝලා වෛරසය ලෝකයේ මාරාන්තිකම වෛරසවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. දැනට වසංගතයක් බවට පත්වූ කොරෝනා වෛරසයේ මරණ අනුපාතය සියයට 5කට අඩු මට්ටමක පවතිනවා. මේ වනවිට යළිත් කොංගෝවෙන් හා ගයනාවෙන් ඉබෝලා ආසාදිතයන් මතුවෙමින් පවතින අතර එය වසංගත අවදානමක් බවට පත්වීම වළක්වා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණයි. වවුලන් ,චිම්පන්සි ආදී සතුන්ගෙන් මෙම වෛරසය ලෝකයට ලගාවූ බවට විශ්වාස කෙරෙනවා. දැනට මේ වෙනුවෙන් එන්නත් කිහිපයක් නිපදවා ඇතිඅතර එහි අනාගත විකෘති ප්‍රභේද පිළිබදව බිය පළකිරීමටයි විද්‍යාඥයන්...