Tag: ඉම්රාන් ඛාන්

ශ්‍රී ලංකා- පාකිස්ථාන අගමැතිවරු අරලියගහ මැදුරේ දී හමුවෙති
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා- පාකිස්ථාන අගමැතිවරු අරලියගහ මැදුරේ දී හමුවෙති

අරලියයගහ මන්දිරයේ දී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ රාජ්‍ය තාන්ත්‍රික ද්විපාර්ශවික අද(23) සාකච්ඡාවක නිරත විය. එහිදී දෙරට පිළිබදව අදහස් හුවමාරු කරගැනීම සිදුව තිබෙන අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද අත්සන් කිරීමට නියමිතව තිබේ. පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළකළ සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමනි, ඔබ හා ඔබගේ දූත පිරිස සුහඳ හා උණුසුම් ලෙස මම පිළිගනිමි. අග්‍රාමාත්‍යතුමනි, පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසු මම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා ඔබයි. මගේ ආරාධනය පිළිගනිමින් කොවිඩ්-19 අවදානම ඇතුළු විශාල අභියෝග මධ්‍යයේ වුවද, ඔබ ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට පැම...
පකිස්ථාන අගමැති දිවයිනට ළගාවෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, ලෝකය වටා

පකිස්ථාන අගමැති දිවයිනට ළගාවෙයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ දිවයිනට ළගාවුණා. ඒ දෙදින නිල සංචාරයක් සදහායි. 40 දෙනකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටිනවා. සිය සංචාරය අතරතුර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා....
පකිස්ථාන අගමැතිගේ සංචාරයේදී ,ආරක්ෂක සබඳතා වැඩි කර ගැනීමේ එකඟතා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පකිස්ථාන අගමැතිගේ සංචාරයේදී ,ආරක්ෂක සබඳතා වැඩි කර ගැනීමේ එකඟතා

ශ්‍රී ලංකාවේ සිදුකරන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ආරක්ෂක හා සංස්කෘතික යන අංශවලට අදාළව ද මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතයි. පාකිස්තාන විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පකිස්ථාන අගමැතිවරයා සමග එරට තැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම සංචාරයට එක්වන බවයි. සංචාරය තුල පකිස්ථාන අගමැතිවරයා ,ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග ද සාකච්ජා පැවැත්වීමට නියමිතයි.  ...