Tag: ඊලොන් මස්ක්

ඊලොන් මස්ක්ට දිනක් තුල ඩොලර් බිලියන 15ක් අහිමි වෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඊලොන් මස්ක්ට දිනක් තුල ඩොලර් බිලියන 15ක් අහිමි වෙයි

ලොව ධනවත්ම මිනිසා බවට වරින් වර පත්වෙමින් සිටින ටෙස්ලා හිමිකරු ඊලොන් මස්ක්ට දිනක් තුල ඩොලර් බිලියන 15ක මුදලක් අහිමිවී තිබෙනවා. ඒ ටෙස්ලා සමාගමේ කොටස් මිල සියයට 8කින් දිනක් තුල පහත වැටීම සමගයි. ඒ අනුව ඊලොන් මස්ක්ගේ සමස්ථ වත්කමෙන් සියයට 8ක් දිනක් තුල අහිමිවීම විශේෂත්වයක්. ඒ අනුව ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර දෙවන තැනට ඇදවැටී ඇත්තේ ඩොලර් බිලියන 183 ක් සහිතවයි. ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 185 ක් සමග මේ වන විට මුල් තැන පසුවනවා.ඔහුගේ වත්කම ද පසුගිය දින කිහිපය තුල ඩොලර් බිලියන 4කින් පහතවැටී තිබෙනවා. ධනවතුන්ගේ ලයිස්තුවේ 3 වන තැන පසුවන බිල් ගේට්ස් ඩොලර් බිලියන 135 ට හිමිකම් කියන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියනයකින් ඉකුත් දිනවල පහත වැටී තිබුණා....
පැය 24ක් තුල යළිත්, ඊලොන් මස්ක් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වෙයි
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

පැය 24ක් තුල යළිත්, ඊලොන් මස්ක් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වෙයි

බ්ලූම්බර්ග්ගේ බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ජෙෆ් බෙසෝස් පරදා යලිත් වරක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලොන් මස්ක් සමත්ව තිබෙනවා. ඒ ඔහුගේ ස්පේස් එක්ස් සමාගමට නව ආයෝජනයක් හිමිවීම සමගයි. ඒ අනුව දිනක් තුල ඩොලර් බිලියන 11කින් වත්කම ඉහළයාම සමග ඊලොන් මස්ක් යලිත් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වුණා. පෙරේදා දිනයේදී ඊලෝන් මස්ක් ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන තැනට ඇද වැටුණේ ටෙස්ලා කොටස් මිල සියයට 2කින් පහත යාම සමගයි. කෙසේ වෙතත් අද දිනයේදී යළිත් වත්කම ඉහළයාම සමග ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ක් බවට පත්වුණා. ජෙෆ් බෙසෝස් ගේ වත්කම අද සටහන් වූයේ ඩොලර් බිලියන 194 ක් ලෙසයි. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මයික්‍රොසොෆ්ට් හි බිල් ගේට්ස් තුන් වන තැන පසුවන අතර ,එල්වීඑම්එච් හි ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් සහ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ඉදිරි පෙල ලයිස්තුවේ අනෙක් ධනවතුන් වනවා....