ඉන්දියාවේ මැදිහත්වීමෙන් ,විග්නේෂ්වරන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ඉන්දියාවේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් කූට්ටනී පක්ෂ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
විග්නේෂ්වරන් මහතා මේ බව පෙන්වා දී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
‘‘ඉන්දියාව සම්බන්ධයෙන් මා මෙතෙක් කාලයක් පැවසු දෙයම අද සිදුවී තිබේ. එදා සිට අද දක්වාම මෙරට ආණ්ඩු විසින් ඉන්දියාව රවටමින් සිටී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එයයි. ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් පසුව එය සිදුවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මෙවර එය ටිකක් වේලාසනම සිදුව ඇත. යාපනය ආසන්නයේ පිහිටි දුපත් තුනක් බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් චීනයට ලබාදී ඇති මාධ්‍ය වාර්තා කරයි. එය සැ...