Tag: එට්කා ගිවිසුම

ඉන්දියාව සමග එට්කා ගිවිසුම යළි කරලියට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දියාව සමග එට්කා ගිවිසුම යළි කරලියට

ආන්දෝලනාත්මක ඉන්දු - ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇත. මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු - ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය. මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ...