Tag: එඩ්වින් ආරියදාස

අපෙන් සමුගත් “ඇවිදින පුස්තකාලය”
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

අපෙන් සමුගත් “ඇවිදින පුස්තකාලය”

ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදියාට කාලය ගෙවීයනු නොදැනේ. එනිසාම ඔහු වයසට යන බවක්ද නොසිතන්නට ඇත. ඔහුගේ හොඳහිත නිසාම අදහන ආගම විසින් ඔහුට ඒ ආශිර්වාදය හිමිකර දී ඇත්තේ පූර්ව පින් මයහිමය හේතුකොටගෙනය. මේ භාග්‍යවන්තයා අන් කිසිවෙකු නොව එඩ්වින් ආරියදාස නම් සම්මානනීය ප්‍රවීණ පුවත්පත් කලාවේදියාය. ජනමාධ්‍යවේදියාය. ඔබතුමන් ගැන යමක් ලියන්න ඕනෑ යයි කී විට ‘‘ඔව් ඒකට නිමිත්තක් තියනවා. මගේ උපන්දිනය මේ 03 වැනිදා ට එනවා. විශේෂයකුත් තියනවා. මා ඉපදුන දවසත්   ජන්ම දිනය එළඹෙන දිනයත් දෙකම ඉරිදා දවසක් වගේම පසලොස්වක පෝය දවසක්“ යැයි කීවේ සතුටිනි. පරසිදු දකුණු ලක ගාල්ල උණවටුනේ වී.කේ. ඒබ්‍රහම් අප්පුහාමි මහතා සහ සිසිලියානා හමීනේ දෙදෙනාගේ බාල දරුවා ලෙසින් එක්වූ   එඩ්වින් ආරියදාස  අද දැවැන්ත චරිතයකි. ප්‍රවීණ පුවත්පත් කලා ...
ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

අභාවප්‍රාප්ත ,කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජන සන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ක්‍රියාධරයෙකු මෙන්ම සුවිශේෂි විෂය දැනුමක් ලොවට දායාද කළ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. එඩ්වින් ආරියදාස මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඒ මහතා 99 වන වියේ පසු වුණා....