Tag: එන්නත

බෝ නොවන රෝග ඇති අයට කොරෝනා එන්නත ගන්න බාධාවක් නෑ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බෝ නොවන රෝග ඇති අයට කොරෝනා එන්නත ගන්න බාධාවක් නෑ

බෝනොවන රෝග වලින් පෙලෙන පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු කියා සිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බවයි. මේ වන විටත් ලක්ෂ 3 ඉක්මවූ පිරිසකට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර තවත් එන්නත් තොගයක් ඉදිරි දිනවල මෙරටට ලැබීමට නියමිතයි....
AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද? මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක! මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි. මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්...
ඇතැමුන් බලපෑම් කර කොරෝනා එන්නත් ගන්නවා /වෛද්‍ය හේමන්ත හේරත් හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇතැමුන් බලපෑම් කර කොරෝනා එන්නත් ගන්නවා /වෛද්‍ය හේමන්ත හේරත් හෙළිකරයි

ඇතැම් පිරිස් විවිධ බලපෑම් කරමින් කොරෝනා එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතු බවයි. "යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ඉල්ලන තත්ත්වකට පත්වෙලා. එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා." "එන්නත ලබාගැනීමට පෙර තමන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුම්දිය යුතුයි. ගැටලුවක් තියෙනවා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව හමුවෙලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරන්න අවස්ථාව තියෙ...
අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එසේම කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝකයේ කොරෝනා එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවේ දේශපාලකයන් නෑ / රවී කුමුදේශ් – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලෝකයේ කොරෝනා එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවේ දේශපාලකයන් නෑ / රවී කුමුදේශ් – Audio

කොරෝනා එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලනඥයින් නැතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත් ලබාදිය යුතු ප්‍රමුඛතා කණ්ඩායම් සිටියදී වෙනත් පිරිස් වෙත එන්නත් ලබාදීම ගැටළුකාරී බවයි.
ෆයිසර් එන්නත ගැන සුබවාදී අනාවරණයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ෆයිසර් එන්නත ගැන සුබවාදී අනාවරණයක්

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත කොරෝනා වෛරසය මර්දනය සඳහා සාධනීය මට්ටමක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිඛෙනවා. සී එන් එන් පුවත් සේවය පැවසුවේ , ඊශ්‍රායලයේ පරියේෂකයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොරෝනා ආසාදනය සියයට 90කින් අවම කිරීමට ෆයිසර් එන්නත සමත්ව ඇති බවයි. ඊශ්‍රායලයේ දෙවන කොරෝනා එන්නත ලබාගත් දහස් සංඛ්‍යාත පිරිසකගේ දත්ත භාවිත කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිඛෙනවා. ඒ අනුව එන්නත ලබාගත් පසු කොරෝනා වැළදුණු පිරිස සියයට 10කට අඩු මට්ටමේ පවතින අතර ඉන් බහුතරයක්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකල අය වනවා. මේ පිළිබද පැහැදිලි කරන පර්යේෂකයන් පවසන්නේ , අපේක්ෂා කළ මට්ටමට වඩා සාධනීය තත්ත්වයක් ෆයිසර් එන්නතේ පවතින බවයි. එසේම කොරෝනා එන්නත්වල සාධනීයත්වය පිළිබද සුබවාදී බලාපොරොත්තුවක් ලෙසද එය නම් කර තිඛෙනවා....
ප්‍රමුඛතා ලයිස්තුවෙන් පිට, ඇමතිවරයෙකුට එන්නත දුන්නේ කොහොමද ?
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රමුඛතා ලයිස්තුවෙන් පිට, ඇමතිවරයෙකුට එන්නත දුන්නේ කොහොමද ?

වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක ඉකුත් දහවැනිදා නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණ කොවිඩ් එන්නත එසේ නැත්නම් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විද ගත්තේය. ඒ කතාවත් සමග බොහෝදෙනෙක් අැසුවේ ඇමැතිවරයෙක් යුද හමුදා රෝහලේදී කොරෝනා එන්නත විදගත්තේ කොහොමදැයි කියාය. හමුදා රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට ඉඩ දී ඇත්තේ ආරක්ෂක අංශයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටය. ඒ හැරෙන්නට සිවිල් වැසියන්ට හමුදා රෝහලට ඇතුළු වී එයින් ප්‍රතිකාර ගැනීමට හැකියාවක් ඇත්තේ නැත. ඒ නීතිය, දේශපාලනඥයන් අතර, ජනපතිට හෝ අගමැතිට අදාළ වන්නේ නැත. ඔවුන් දෙදෙනා හැර, යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමේ වරප්‍රසාදය හිමි තවත් දේශපාලනඥයෙක් වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු හිටපු යුද හමුදාපතිය. ෆීල්ඩ් මාර්ෂල් නිලය වූ කලී මැරෙන තුරා සක්‍රීය වන නිලයකි. එහෙත් මේ කිසිදු වර්ග කිරීමකට අයත් නොවන ඇමැති සී.බී. රත්නායක නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී එන්නත් ව...
මත්පැන් , දුම්වැටි බොන්නන්ට කොරෝනා එන්නත වැඩක් නෑ / වෛද්‍යවරු ස්ථිර කරයි -Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මත්පැන් , දුම්වැටි බොන්නන්ට කොරෝනා එන්නත වැඩක් නෑ / වෛද්‍යවරු ස්ථිර කරයි -Audio

කොරෝනා එන්නත් ලබාගන්නන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි පානය කිරීම හානිකර නොවන බවට ඇතැම් පුවත්පත් පසුගියදා පළ කළ වාර්තාව වැරදි සහගත එකක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ දුම්පානය හා මත්පැන් පානය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වන බැවින් එවන් පුරුදු සහිත පුද්ගලයන්ට ලබා දෙන කොරෝනා එන්නත මුදල් අපතේ යැවීමක් පමණක් බවයි. මත්පැන් හා දුම්වැටි පානය කොරෝනා එන්නත් සඳහා බලපෑමක් නොවන බවට අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියා කවරෙක්දැයි අනාවරණ කරන ලෙසයි වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අදාළ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ. ...
දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි

දකුණු අප්‍රිකාව විසින් එරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට ෆයිසර් හා මොඩර්නා සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවයි දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට...
කොරෝනා එන්නත අනිවාර්යය ද? එන්නත ගත්තොත් ලැබෙන වාසි මොනවාද ?-Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත අනිවාර්යය ද? එන්නත ගත්තොත් ලැබෙන වාසි මොනවාද ?-Video

කොරෝනා එන්නත ලබාගැනීම කිසිවකුට අනිවාර්ය නොවන අතර තම කැමැත්ත අනුව ඒ වෙනුවෙන් සුදුසුකම් ලැබූ ඕනෑම අයකුට එන්නත ලබාගත හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි. ...
අදත් 10,000 කට එන්නත් / මුළු ගණන 156,000 යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අදත් 10,000 කට එන්නත් / මුළු ගණන 156,000 යි

මෙරට තුල කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 156,000 ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව අද දිනය තුල එන්නත ලබාගත් සංඛ්‍යාව 9,983 ක්.
කොරෝනා එන්නත් ගත් අය දුම්වැටි,මත්පැන් පානය අවදානම් /වෛද්‍ය සමාධි රාජපක්ෂ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් ගත් අය දුම්වැටි,මත්පැන් පානය අවදානම් /වෛද්‍ය සමාධි රාජපක්ෂ

කොරෝනා එන්නතක් ලබා ගත්ත ද , දුම්පානය හා මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වැළදීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ රටවල් ගණනාවක සිදුකරන ලද අධ්‍යයන අනුව මේ බව තහවුරුව ඇති බවයි. කොරෝනා එන්නතක් ලබාගත්තේ නම් අවම වශයෙන් මාස හයක්වත් දුම්පානය හා මත්පැන් පානයෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා. දුම්වැටි තුල විෂ ද්‍රව්‍ය 600 ක් පමණ ඇති අතර එය පිළිස්සීමේදී රසායනික 7000 ක් පමණ නිපදවනු ලබනවා. ඒ අතරින් 69 ක් පළමු පෙළේ පිළිකා කාරක හා ප්‍රතිශක්තීකරණය දුර්වල කරන රසායනිකයන් වනවා. කොරෝනා වෛරසය ශ්වසන පද්ධතියට පහර දෙන අතර දුම්පානය මගින් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය තවත් දුර්වල කිරීමයි මෙම අවදානම වර්ධනයවීමට මූලික වන්නේ. මත්පැන් වර්ග ද අක්මාවට කෙලින්ම බලපාන අතර එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු කිරීමට ...
කොරෝනා ආසාදිතයන් 26 ක් දැඩි සත්කාර ඒකකවල
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා ආසාදිතයන් 26 ක් දැඩි සත්කාර ඒකකවල

කොවිඩ් ආසාදිත රෝගීන් 26 දෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් 6194 ක් අතරිනුයි. මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට කිසිදු පුද්ගලයකු බිය නොවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. සුළු ආසාත්මිකතා හැරුණු විට එන්නතෙන් බරපතළ අතුරු ආබාධ වාර්තා වී නැති බවද ඔහු කියා සිටියා....
රුසියාවේ සුපුට්නික් වී එන්නත සියයට 91 ක් සාර්ථකයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

රුසියාවේ සුපුට්නික් වී එන්නත සියයට 91 ක් සාර්ථකයි

රුසියාවේ නිෂ්පාදනය කළ ස්පුට්නික් වී එන්නත, සියයට 91.6 ක සාර්ථකත්වයකින් යුක්ත බව තහවුරුව තිබෙනවා. ලැන්සෙට් සඟරාව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ,විශාල ප්‍රමාණයෙන් සිදුකළ සායනික පරීක්ෂාවකදී මෙම දත්ත වාර්තා වූ බවයි. එහිදී 20,000 ක පිරිසක් යොදා ගනිමින් පරීක්ෂණය සිදුකර තිබුණා. ස්පුට්නික් වී එන්නත ලෝකයේ රටවල් ගණනාවක් විසින්ම ආරම්භයේ දී ප්‍රතික්ෂේප කර තිබුණේ එහි 3 වන අදියරේ සායනික පරීක්ෂණයකින් තොරව එන්නතට අවසර ලබාදීම මතයි. කෙසේ වෙතත් නව අධ්‍යයනය මගින් එම ගැටළුව විසදෙන බවයි ලැන්සෙට් සඟරාව පවසන්නේ....
කොරෝනා එන්නත ලබාදුන් ලාංකිකයන් ගණන 95,000 ක් තෙක් ඉහළට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත ලබාදුන් ලාංකිකයන් ගණන 95,000 ක් තෙක් ඉහළට

අද දිනය වන විට ලාංකිකයන් 95,000 ට කොරෝනා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අද දිනය තුල එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව 36,000 ක් වීම විශේෂත්වයක්.
එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ / සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය වැදගත්-Video
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ / සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය වැදගත්-Video

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් ලෝකයේ තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එන්නත් ලබාගත් පුද්ගලයන් ද සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි. https://youtu.be/6TErIo2KVCM...
උතුරේ කොරෝනා එන්නත්කරණය අරඹයි – ජායාරූප
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

උතුරේ කොරෝනා එන්නත්කරණය අරඹයි – ජායාරූප

ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද කොරෝනා මර්දන එන්නත උතුරේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වෙත ලබාදීම අද ආරම්භ කෙරුණා. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, මන්නාරම 54 සේනාංකය, කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයන්හි දී මෙම එන්නත්කරණය ආරම්භ කර තිබුණා. යාපනය ශික්ෂණ රෝහලේදීත් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහායි. පෙබරවාරි මාසය ආරම්භයේ සිට උතුරේ සාමාන්‍ය වැසියන්ට ද එමම එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි. ...
ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත 65ට වැඩි අයට වැඩක් නෑ / ප්‍රංශයත් හෙළිකරයි
මතවාද, වැඩියෙන් නැරඹූ

ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත 65ට වැඩි අයට වැඩක් නෑ / ප්‍රංශයත් හෙළිකරයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ට ලබාදීම අත්හිටුවීමට ප්‍රංශය ද අවධානය යොමුකර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රාන් කියා සිටියේ වියපත් පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත ඵලදායී නොවන බව අධ්‍යයන මගින් හෙලිවෙමින් පවතින බවයි. ඊයේ දිනයේ ජර්මනිය විසින් ද ඔක්ස්ෆර්ඩ් එන්නත වයස අවුරුදු 65 ඉක්මවූවන්ට ලබාදීම නවතා දමනු ලැබුවා. ඒ එම වයස් කාණ්ඩය ඉක්මවූ පුද්ගලයන් මෙම එන්නත ලබා ගත් පසු වෛරසයෙන් ආරක්ෂා වූ බවට ප්‍රමාණවත් දත්ත නොමැතිවීම මතයි. කෙසේ වෙතත් අවුරුදු 60 ත් 65 ත් අතර කාණ්ඩයට මෙය බරපතල මට්ටමින් බල නොපාන බවයි මෙමගින් හෙළිකර ඇත්තේ. මෙම දත්ත් තවදුරටත් අධ්‍යයනය කිරීමට නියමිතයි. මේ අතර බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ප්‍රමාද කරමින් පැවතීම පිළිබදව ද ප්‍රංශය ප්‍රශ්න කර තිබෙනවා. - Agence France-Presse ...
වසර තුල ජනගහනයෙන් සියයට 65කට කොරෝනා එන්නත දීමට සැලසුම්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වසර තුල ජනගහනයෙන් සියයට 65කට කොරෝනා එන්නත දීමට සැලසුම්

2021 වසර නිමා වන විට රටේ ජනගහනයෙන් සියයට 65ක් එන්නත් කිරීම ඉලක්කය බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත්කරණය හරහා වසංගතය වැළැක්වීමට හැකි වනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවයි. සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව එන්නත් කිරීම සිදුවන අතර කිසිවකුට ඉන් බාහිරව එන්නත් ලබාගත නොහැකි බවද ඔහු අවධාරණය කළා. මෙම එන්නත් මූලික අදියරේ දී ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිවන්ත වන බවයි ලලිත් වීරතුංග මහතා පැවසුවේ. මේ වන විටත් චීනය එන්නත් ලක්ෂ 3ක් පරිත්‍යාග කිරීමට එකඟ වී ඇති අතර තවත් එන්නත් මිලියන 2ත් 3 ත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය සැලසුම් කරමින් පවතිනවා....
කොරෝනා එන්නත ගත්තත් ප්‍රවේශම් වන්න / ජනතාවට උපදෙස් – Audio
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත ගත්තත් ප්‍රවේශම් වන්න / ජනතාවට උපදෙස් – Audio

කොරෝනා එන්නත් ලබා ගැනීම කොරෝනා වෛරසය නොවැළදෙන බවට වන සහතිකයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක , වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එන්නත් ලැබූ පුද්ගලයන් මෙන්ම අනෙක් පුද්ගලයන් ද අඛණ්ඩව සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගත යුතු බවයි.