Tag: එන්නත්

ප්‍රභූන්ටම වෙන්වූ කොරෝනා එන්නත් මධ්‍යස්ථාන ගැන හෙදියක් හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රභූන්ටම වෙන්වූ කොරෝනා එන්නත් මධ්‍යස්ථාන ගැන හෙදියක් හෙළිකරයි

මේ වන විට මෙරට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල මූලික අධියර තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වෙතත් එය නියමිත සැලසුමක් මත ක්‍රියාත්මක නොවන බවටයි ප්‍රජා වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව චෝදනා කළේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත පළමු අධියරේදී එන්නත් ලබාදීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් වයස අවුරුදු 60 ඉක්මවූ අවදානම් කාණ්ඩයට එන්නත ලබාදීමේ ප්‍රමුඛතාවයක් ලබාදීමට නියමිත වුවද කිසිදු එම කාණ්ඩායට හෝ අවදානමකින් තොර ක්‍රීඩකයන් / දේශපාලනඥයන් ඇතුළු පිරිස් එන්නත් ලබාගත් බවටයි චෝදනා නැගුණේ. මේ අතර බී බී සී සිංහල සේවයට අදහස් දැක්වූ කොරෝනා එන්නත්කරණයට සම්බන්ධව සිටින හෙදියක් හෙළිකර ඇත්තේ අවදානම් කාණ්ඩය වෙනුවට ප්‍රභූන් සඳහා වෙන්වූ එන්නත්කරණ මධ්‍යස්ථානයක තමන් සේවය කරන අතර දේශපාලනඥයන්ගේ ...
කොරෝනා එන්නත් ගත් දෙදෙනකු පසුව මියගිහින් / වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් ගත් දෙදෙනකු පසුව මියගිහින් / වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි

දින 2ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා එන්නත්  මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ,කොරෝනා එන්නත් හා එම මරණ අතර සෲජු සබඳතාවයක් ඇත්ද යන්න පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි. එවැන් තත්ත්වයකදී පරීක්ෂණ සිදුකරන පටිපාටියට අනුව එය සිදුකරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ. මේ අතරින් එක් පුද්ගලයකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙක්. ඔහු පෙරේරා දිනයේ එන්නත ලබාගෙන ඇති අතර අද දිනයේ දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබුණා. ඔහු විවිධ රෝගාබාධවලින් පෙළුණු අයකු බවටද සාධක ලැබී තිබෙනවා. - Daily Mirror...
ලබන ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට එන්නත් 264,000 ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලබන ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට එන්නත් 264,000 ක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා(7) මෙරට ට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. හලාවත රෝහලේදී පැවැති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියා. මේ යටතේ ලංකාවට ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව 264,000 ක්. ඉන් අනතුරුව එම පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 20කට කොරෝනා එන්නත් ලබාදීමට නියමිතයි. මේ දක්වා ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 500,000ක් ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර තවත් එන්නත් මාත්‍රා 500,000ක් ඉන්දියාවේ සේරම් ආයතනයෙන් පසුගියදා මිලදී ගෙන මෙරටට ගෙන එනු ලැබුවා....
කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන දේශපාලන බලපෑම් නතර නොකළහොත් දැඩි පියවරක් වෙත යොමුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ , එන්නත්කරණයේ යෙදෙන නිලධාරීන්ට විවිධ මට්ටමේ බලපෑම් කිරීමේ සිද්ධීන් මේ වන විට වාර්තා වන බවයි. කොළඹ මහ නගර සභා සීමාව තුල එවන් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තාවන බවද ඔහු පැවසුවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් කොරෝනා එන්නත් ලබාදීමේදී අත්‍යාවශ්‍ය කණ්ඩායමෙන් බැහැර පුදු්ගලයන්ට ඒවා ලබාදීමට බලපෑම් කරමින් පැවතීම අනුමත නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. සුදුසුකම් සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදිය යුතු අතර දේශපාලන අවශ්‍යතාවයන් මත බලපෑම් කිරීම පිළිබද සොයා බලන ලෙසයි සංගමය රජයෙන් ඉල්ලීමක් කළේ. නෙඑසේනම් වෘත්තීය සමිති ඒකාබද්ධව දැඩි පියවරකට යොමුවන බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළා....
චීන රුසියානු කොරෝනා එන්නත් එපා / හෙද සංගමයෙන් ඉල්ලීමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

චීන රුසියානු කොරෝනා එන්නත් එපා / හෙද සංගමයෙන් ඉල්ලීමක්

රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බැවින් එම එන්නත මෙරටට නොගෙන්වන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. චීනයේ නිෂ්පාදනය කරනු ලබන සිනොවැක්-කොරෝනාවැක් එන්නත හා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ගෙන්වීමට රජය සාකච්ඡා කරමින් සිටින බව පැවසූ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙම ඉල්ලීම සිදුකළා. දැනට ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අමතරව චීනයේ හා රුසියාවේ නිපදවන එන්නත් ගෙන්වා ගැනීමට ද රජය සාකච්ඡා කරමින් පවතින අතර එම එන්නත්වල 3 වන අධියරේ ලේඛන සපයා නොමැතිවීම මත ඒවා සම්බන්ධයෙන් කටයුතු ප්‍රමාදවී තිබෙනවා. කෙසේ වෙතත් දැනටමත් කොරෝනා එන්නත් මිලියන 14ක් මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය ගිවිසුමට ශ්‍රී ලංකාව එළඹ තිබෙනවා....
තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ළගාවෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ළගාවෙයි

ශ්‍රී ලංකාව ඇණවුම් කළ තවත් කොරෝනා එන්නත් මාත්‍රා 500,000 ක් අද දිවයිනට ළගාවුණා. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තොගයක් මෙරටට යොමුකර තිබුණේ ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්. අදාළ එන්නත් ගුවන් තොටුපලේ ශිතාගාර පද්ධතියට යොමුකර තිබෙනවා.  
කොරෝනා එන්නත් දීමේදී අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාවය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් දීමේදී අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාවය

කොරෝනා එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ ඇතැම් පාර්ශව ගත් තීන්දු තීරණ සමඟ මෙම ගැටළුව මතුවූ බවයි. ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීම සඳහා මේ වනවිට තීරණය කර ඇති බවද අමාත්‍යවරිය අද පැවසුවා. මේ අතර ඉදිරියේදී ලැබෙන එන්නත් මාත්‍රාවන් ද අවදානම් කලාපවල ජනතාව ඉලක්ක කරගනිමින් ලබාදෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ....
කොරෝනා එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවෙන් බැහැරව / ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවෙන් බැහැරව / ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය හෙළිකරයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. "ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාවට නැගීමේදී කලින් හඳුනාගෙන ඇති පරිදි ප්‍රමුඛතාවය ලබාදෙනු ලැබුවේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සහ කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙලට ඝෘජුවම සම්බන්ධ වූවන්ට එන්නත් ලබා දීමට වුවද ප්‍රමුඛතා ලයිස්තුව මග හරිමින් එන්නත්කරණය සිදුවන බවයි ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ. ...
බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. එමෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් ඝෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මේ අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත ලබාගැනීම කඩිනම් කිරීමට හැකිවීම සඳහා කොවැක්ස් යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කරඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ...
ලංකාව තවත් කොරෝනා එන්නත් ලක්ෂ 15ක් ඇණවුම් කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාව තවත් කොරෝනා එන්නත් ලක්ෂ 15ක් ඇණවුම් කරයි

තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් මෙරටට ගෙන්වීම සදහා ඉන්දියාවේ සේරම් ආයතනය සමග ගිවිසුමකට එළඹි බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ ආර් උඩුවාවල මහතා පවසනවා.ඒ අනුව කඩිනමින් එම එන්නත් තොග මෙරටට හිමිවීමට නියමිතයි. මේ දක්වා මෙරට පුද්ගලයන් 237,000 කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී අවසන් කර තිබෙනවා. අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනකු ද එන්නත් ලබා ගත් බවයි අනාවරණ කෙරුණේ....
කොරෝනා එන්නත් ජනතාවට දීම අද සිට / පළමු එන්නත් බස්නාහිර වැඩි අවදානම් කලාපයට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් ජනතාවට දීම අද සිට / පළමු එන්නත් බස්නාහිර වැඩි අවදානම් කලාපයට

කොරෝනා මර්ධන එන්නත් ජනතාවට ලබාදීම අද සිට ආරම්භ කර තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ,මේ යටතේ බස්නාහිර පළාතේ වැඩි අවදානමක් පවතින කලාපවල ජනතාවට එන්නත් ලබාදීම අද සිට සිදුවන බවයි.
නේපාලය කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව දීම අරඹයි
ලෝකය වටා

නේපාලය කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව දීම අරඹයි

තම රට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙළේ දෙවන අදියර ආරම්භ කිරීමට නේපාලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමටයි නේපාලය පියවර ගෙන ඇත්තේ. ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් - ඇස්ට්‍රසෙනිකා එන්නත එරට තුල භාවිත කරමින් පවතිනවා. මූලික අධියරේදී ඉන්දියාව එරටට ප්‍රදානයක් ලෙස එන්නත් තොගයක් ලබාදී තිබූ අතර අවශය අනෙක් එන්නත් මාත්‍රාවන් නේපාලය මිලදී ගැනීමට නියමිතයි....
අදත් 6,000කට කොරෝනා එන්නත් / පළමු මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 167,700ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අදත් 6,000කට කොරෝනා එන්නත් / පළමු මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 167,700ක්

අද දිනයේ තවත් 6,000කට ආසන්න පිරිසකට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ සමග එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 167,700 ක් බවට පත්වන බවයි.
පාසල් ගුරුවරුන්ට ලබන මාසයේ කොරෝනා එන්නත්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාසල් ගුරුවරුන්ට ලබන මාසයේ කොරෝනා එන්නත්

පාසල් ගුරුවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම ලබන මාසයේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ රට පුරා එකවර සිදුකළ නොහැකි වුවද යම් මට්ටමකින් හෝ අවදානම අනුව ගුරුවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සිදුකරන බවයි. “මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියලා. මොකද ගුරුවරයා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. මම ඒ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ලලිත් වීරතුංග මැතිතුමා සමග මම මේ ගැන කතා කළා. ගුරුවරුන්ටත් මේක ලබාදෙන්න ඕනේ කියලා. එතුමා මට කිව්වා පෙබරවාරි මාසයේ අවසානයේ බැරි වුණොත් මාර්තු මාසයේ ගුරුවන්ට සීමිත ප්‍රමාණයක් හෝ ලබාදෙන්න අදියර කිහිපයකින්. මුළු රටට ම එක සැරේ කරන්න බෑ. ඒ පිළිබඳ ආරම්භයක් අපි කළ යුතුයි කියලා මාර්තු මාසයේ වුණත්. නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නෑ කරන...
අදත් 1625 දෙනකුට කොරෝනා එන්නත්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අදත් 1625 දෙනකුට කොරෝනා එන්නත්

අද දිනය තුල මෙරට 1625 දෙනකු සඳහා කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව එන්නත් පළමු මාත්‍රාවක් ලබාගත් සංඛ්‍යාව 161,773 ක් බවටයි පත්ව ඇත්තේ.
කොරෝනා එන්නත් ලැබූ සංඛ්‍යාව 160,000 පසු කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් ලැබූ සංඛ්‍යාව 160,000 පසු කරයි

අද දිනයේ තවත් 3,800 දෙනකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති මුළු සංඛ්‍යාව 160,148 ක් බවයි.
කොරෝනා එන්නත් ගැන ව්‍යාජ මතවලට රැවටෙන්න එපා / ජනතාවට ඉල්ලීමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් ගැන ව්‍යාජ මතවලට රැවටෙන්න එපා / ජනතාවට ඉල්ලීමක්

කොරෝනා එන්නත් පිළිබද මහජනතාව තුල බියක් ඇති කරන මිථ්‍යා සහ වැරදි මත කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ එල් රණසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ සමාජයේ ඇතැම් පාර්ශවයන්ට එන්නත ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳ මේ හරහා සැකයක් මතුවීම සමඟ එන්නත් ලබා ගැනීමට ජනතාව පසුබට විය හැකි බවයි. ඇතැම් සෞඛ්‍ය සේවකයන් තුල ද එම සැකය පවතින බවයි එල් රණසංහ මහතා පැවසුවේ. දැනට ලංකාවේ භාවිත කරන ඔක්ස්ෆර්ස් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නියමිත ක්‍රියාවලියෙන් පසුව ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර තිබෙනවා. එසේම බ්‍රිතාන්‍යයේ හා යුරෝපා සංගමයේ පරීක්ෂණ මගින් ද එන්නත අතුරු ආබාධ අවම හා සාර්ථක බවයි තහවුරුව ඇත්තේ. මේ අනුව, එන්නත සඳහා සුදුසුකම් ඇති සෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය ඉල්ලා සිටියේ කිසිදු ප්‍රමාදයකින් තොරව එය ලබා ගන්නා ලෙසයි. දැනට වසංගතයට එරෙහිව පවතින හොඳම ...
අද තවත් විසි එක් දහසකට එන්නත් කරයි / මුළු ගණන 139,000 යි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද තවත් විසි එක් දහසකට එන්නත් කරයි / මුළු ගණන 139,000 යි

අද දිනය තුල තවත් 21,000 ක පිරිසක් සඳහ කොරෝනා එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරට තුල කොරෝනා එන්නතක පළමු මාත්‍රාව හිමිවූ සංඛ්‍යාව 139,000 ක් බවටයි පත්ව ඇත්තේ.
ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ලංකාවට ගෙන්වීමේ සූදානමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ලංකාවට ගෙන්වීමේ සූදානමක්

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ගෙන්වීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඇස්ට්‍රා සෙනෙකා එන්නත මගින් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම ඉතා හොදින් සිදුවන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පිරිසක් හෙළිකරගෙන තිබෙනවා. කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවම කරන  එකම එන්නත මෙය බවයි  ඔවුන් පවසන්නේ....
අදත් 23,000 කට කොරෝනා එන්නත් / මුල් මාත්‍රාව ලැබූ ගණන 118,000 යි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අදත් 23,000 කට කොරෝනා එන්නත් / මුල් මාත්‍රාව ලැබූ ගණන 118,000 යි

අද දිනයේ තවත් 23,000 ක පිරිසක් සඳහා කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් ලාංකිකයන් ගණන 118,000 ක් ඉක්මවා ගොස් තිබෙනවා.