Tag: එන්නත්කරණය

ලංකාවේ කොරෝනා එන්නත ලබාදීම 28 වනදා සිට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවේ කොරෝනා එන්නත ලබාදීම 28 වනදා සිට

ජනවාරි 28 වනදා සිට මෙරට කොරෝනා එන්නත්කරණය ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා බවසනවා. ඔහු අද පෙරවරැවේ රෑපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් කියා සිටියේ ලබන 27 වනදා ඉන්දියාවෙන් එන්නත මෙරටට ලැබෙන බවයි. ආධාරයක් ලෙස ලැබෙන මෙම එන්නත් වයස අවුරැදු 18 ට වැඩි පිරිස වෙනුවෙන් භාවිත කරන අතර ඊට අඩු වයස් කාණ්ඩයට එන්නත් ලබාදීමක් සිදුවන්නේ නැහැ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත මෙසේ තොරෝගත් පිරිසකට ලබාදීමට නියමිතයි. . ඒ සඳහා කිසිදු මිලක් වැය වන්නේ නෑ. අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබාදීමේ ප්‍රයෝජනයක් තියෙන්නේ. අපේ රටේ 18 වැඩි ජනතාව ගත්තාම සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට. ඉන්පසු අවුර...