Tag: ඔක්ස්ෆර්ඩ්

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි

දකුණු අප්‍රිකාව විසින් එරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට ෆයිසර් හා මොඩර්නා සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවයි දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට...
ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත 65ට වැඩි අයට වැඩක් නෑ / ප්‍රංශයත් හෙළිකරයි
මතවාද, වැඩියෙන් නැරඹූ

ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත 65ට වැඩි අයට වැඩක් නෑ / ප්‍රංශයත් හෙළිකරයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ට ලබාදීම අත්හිටුවීමට ප්‍රංශය ද අවධානය යොමුකර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රාන් කියා සිටියේ වියපත් පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත ඵලදායී නොවන බව අධ්‍යයන මගින් හෙලිවෙමින් පවතින බවයි. ඊයේ දිනයේ ජර්මනිය විසින් ද ඔක්ස්ෆර්ඩ් එන්නත වයස අවුරුදු 65 ඉක්මවූවන්ට ලබාදීම නවතා දමනු ලැබුවා. ඒ එම වයස් කාණ්ඩය ඉක්මවූ පුද්ගලයන් මෙම එන්නත ලබා ගත් පසු වෛරසයෙන් ආරක්ෂා වූ බවට ප්‍රමාණවත් දත්ත නොමැතිවීම මතයි. කෙසේ වෙතත් අවුරුදු 60 ත් 65 ත් අතර කාණ්ඩයට මෙය බරපතල මට්ටමින් බල නොපාන බවයි මෙමගින් හෙළිකර ඇත්තේ. මෙම දත්ත් තවදුරටත් අධ්‍යයනය කිරීමට නියමිතයි. මේ අතර බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ප්‍රමාද කරමින් පැවතීම පිළිබදව ද ප්‍රංශය ප්‍රශ්න කර තිබෙනවා. - Agence France-Presse ...
ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 2-3 ක් මිලදී ගැනීමට ලංකාව සූදානම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 2-3 ක් මිලදී ගැනීමට ලංකාව සූදානම්

ඉදිරි දින 2 තුල කොරෝනා එන්නත් මිලියන 2ක් හෝ 3ක් මිලදී ගැනීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරන මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මේ යටතේ මිලදී ගැනීමට නියමිත බවයි.
ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අනුමැතිය
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් මේ බව සඳහන් කර සිටියේය.