උපාධියක් අවශ්‍ය නැති වැඩිම ඉල්ලුමක් ඇති ඔස්ට්‍රේලියාවේ රැකියා 9 ක්
කොරෝනා වසංගතයත් සමග ලොව සෑම රටකම රැකියා ක්ෂේත්‍ර වල විශාල වෙනසක් සිදුවිය.
ඔස්ට්‍රේලියාවේ රැකියාවලද මේ හේතුවෙන් වෙනස්කම් රාශියක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ.
ඇතැම් පුද්ගලයින්ට රැකියා අහිමිවන විට ඇතැම් රැකියා ක්ෂේත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවෙමින් පවතී.
උපාධියක් අවශ්‍ය නැති නමුත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ ප්‍රධානම වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය පසුගිය දා අනාවරණය කළේය.
එහිදී ඔවුන් එවැනි රැකියා 9 ක් පිළිබඳ මෙසේ කරුණු ඉදිරිපත් කළේය
01. Merchandiser
පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියාව තුළ Merchandiser වරුන් සඳහා අයදුම්පත් කැඳවන රැකියා දැන්වීම් 257% කින් වර්ධනය වී ඇති බව වාර්තා වෙනවා.
අලෙවි සහායකයකු ලෙස රැකියා කිරීමෙන් පසු බොහෝ අය මෙම වෘත්තියට පිවිසෙනවා.
Merchandiser වරයෙකු වීමට උපාධියක් වැනි ඉහළ පෙළේ අධ්‍යාපනික සුදුසුකමක් ...