Tag: ඕස්ට්‍රේලියා

සේද මාවත ව්‍යාපෘතියෙන් ඕස්ට්‍රේලියාව ඉවත්වීමේ සූදානමක
ලෝකය වටා

සේද මාවත ව්‍යාපෘතියෙන් ඕස්ට්‍රේලියාව ඉවත්වීමේ සූදානමක

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය චීනය සමඟ ඇති කර ගත් මතභේදාත්මක බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආරම්භක ගිවිසුම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වන බව ඩේලි මේල්  වෙබ් අඩවිය වාර්තා කරනවා. එරට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කලේ 2018 දී චීනය සමඟ ඩොලර් ට්‍රිලියන 1.5 ක ගිවිසුමක් නව සේද මාවත ව්‍යාපෘතිය තුල අත්සන් තබා තිබුණ ද එයින් තම රටට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවයි. ඒ අනුව ලබන මාර්තු 10 වන විට ඔස්ටේ්‍රලියාවේ සියළු ප්‍රාන්ත. විදේශ බලවතුන් සමඟ ඇතිකරගත් සියලු ගිවිසුම් විස්තර කළ යුතු අතර එය ෆෙඩරල් රජය විසින් තක්සේරු කරනු පබනවා. මේ යටතේ චීනය සමග ඇති කරගත් ගිවිසුම පිළිබද ගැටළු පවතින බැවින් සති කිහිපයකින් එය ඉවත් කළ හැකි බවයි ස්කොට් මොරිසන් මහතා පවසන්නේ. මෙය දෙරට අතර වෙළද යුද්ධය වර්ධනය කරන අවස්ථාවක් ලෙසටයි අනාවැකි පලවන්නේ....
චීනය ආර්ථිකයට පහර දෙනවා / ඕස්ට්‍රේලියාවෙන් චෝදනා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනය ආර්ථිකයට පහර දෙනවා / ඕස්ට්‍රේලියාවෙන් චෝදනා

චීනය විසින් තම රටේ ආර්ථිකයට උපක්‍රමිකව පහර දෙමින් සිටින බව ඕස්ට්‍රේලියානු ලිබරල් සෙනෙට් සභික ජේම්ස් මැක්ග්‍රාත් පවසනවා. ආරම්භයේදී ඕස්ට්‍රේලියානු හරක් මස් අපනයනයට බලපෑම් කළ චීනය ල වයින් අපනයනය සහ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වෙත පැමිණෙන චීන සිසුන්ද වළක්වාලමින් සිටින බවයි සෙනෙට් සභිකයා පවසන්නේ. මෙය වඩාත් පැහැදිලිව හදුනා ගනිමින් ඕස්ට්‍රේලියාව උපක්‍රමශීලී ප්‍රතිචාර පළ කළ යුතු බවද ඔහු කියා සිටියා. ඕස්ට්‍රේලියානු හා චීන අර්බුධය ආරම්භ වූයේ කොරා්නා වසංගතයේ ආරම්භය පිළිබද ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශය බවට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සිදුකළ ප්‍රකාශය සමගයි. ඉන් පසු දෙරට අතර වෙළද ගනුදෙනු රැසකටම මේ වන විට බලපෑම් එල්ලවී තිඛෙනවා....
ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමතිවරයා චීනයට විරෝධය පළකරයි
ලෝකය වටා

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමතිවරයා චීනයට විරෝධය පළකරයි

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් චීනය එරට සිසුන්ට අනතුරු ඇඟවීමෙන් පසුව ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඇලන් ටඩ්ජ් චීනයට විරෝධය පල කර තිබෙනවා. ඒ තම රට සම්බන්ධයෙන් වැරදි මතවාදයන් ව්‍යාප්ත කරන බවට චෝදනා කරමිනුයි. කොරෝනා වසංගතය සමඟ දෙරට අතර හටගත් මතභේදයෙන් පසු අධ්‍යාපනය ලැබීම සඳහා ඕස්ට්‍රේලියාවට යාම පිළිබඳව පූර්ණ අවදානම් තක්සේරුවක් සිදු කරන ලෙස චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සිකුරාදා එරට සිසුන්ට දැනුම් දී තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේ තම රට ජාත්‍යන්තර සිසුන් සඳහා වඩාත් ආරක්ෂිත හා පිළිගත හැකි ගමනාන්තයක් බවයි. ඕස්ට්‍රේලියාව අනෙක් බොහෝ රටවලට වඩා උසස් මට්ටමක පවතින බවත්- ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය නොඉවසන බවත් ඔහු අවධාරණය කළා. මේ වන විට දෙරට අතර මතභේදාත්මත තත්ත්වය දෙරටේ වෙළධ ක්‍රියාකාරකම් සඳහා පවා බලපෑම් එල්ල කර තිබෙනවා....