ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සමග ක්වාඩ් සන්ධානය ගොඩනගනවා / අමෙරිකාව කියයි
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර ක්වාඩ් කණ්ඩායම ශක්තිමත් කිරීම කඩිනමින් සිදුකළ යුතු බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා.
නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
චීනයේ හමුදා බලය ආසායාතික කලාපය තුල වර්ධනය කරමින් පවතින අතර එය නිදහස් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව යුධමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද මෙම සන්ධානය පුළුල් කිරීමටයි නියමිත වන්නේ.
මේ අතර චීන විදේශ අමාත්‍යාංශය විසින් මෙම ක්වාඩ් සංවිධානය ගොඩනැගීමට විරෝධයක් පල කර තිබුණා.
එහෙත් එම විරෝධතා නොතකා හරින බවයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශකවරිය අවධාරණය කර තිබුණේ....