Tag: කෆීර්

කොටි මර්දනයට පෙරමුණ ගත් කෆීර් යානා විස්කම්
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

කොටි මර්දනයට පෙරමුණ ගත් කෆීර් යානා විස්කම්

වසර තිහකට ආසන්න කාලයක් මෙරටට මහා විනාශයක් සිදු කරමින් ජනතාව භීතියට පත් කළ කොටි ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර වසර එකොළහක් ගතව තිබේ. මානුෂීය මෙහෙයුම ලෝකයේම ජනතාවගේ මතකයේ රැ‍ඳෙන්නට තරම් විශිෂ්ට ලෙස ජය ගන්නට මෙරට රණවිරුවන් දක්ෂ විය. ගුවනින්, මුහුදෙන් මෙන්ම ගොඩබිමෙන් සන්නද්ධව සිටි කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා මෙරට හමුදාවන්ට විවිධ උපක්‍රම භාවිතා කිරීමට සිදු විය. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ප්‍රහාරක ශක්තිය වැඩි කරමින් කෆීර් (Kfir) ගුවන් යානා වලින් සැදුම් ලත් නව ගුවන් හමුදා ප්‍රහාරක බළගණයක් හඳුන්වා දෙනු ලැබීය. එය අංක 10 ප්‍රහාරක බළගණය ලෙස නම් කෙරිණි. මෙම ප්‍රහාරක බළගණය පිහිටුවා ඉකුත් ජනවාරි මාසයට වසර 25ක් සපිරේ. ඩොලර් මිලියන 18 කට ආසන්න වටිනාකමක් ඇති කෆීර් ප්‍රහාරක යානය මුල්වරට ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන්නේ 1996 වසරේදීය. ලෝකයේ රටවල් සුළු සංඛ්‍යාවක භා...