Tag: ක්‍රිකට්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කරයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කරයි

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රිකට් ක්‍රීඩාංගය නිල වශයෙන් විවෘත කර තිබෙනවා. එහි මංගල තරගය ලෙසින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගය ඊයේ (24 වැනිදා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කෙරුණා. 110,000 ක ආසන ධාරිතාවකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙය සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය ලෙසද  නම් කර තිබෙනවා. එසේම ලෝකයේ අලංකාරම ක්‍රිකට් ක්‍රීඩාංගන අතරටද එය එක්වන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයට සීලරතන හිමියන්ගෙන් නාම යෝජනා –  Audio
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයට සීලරතන හිමියන්ගෙන් නාම යෝජනා – Audio

මීළග නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද සිය නාමයෝජනා භාර දුන්නා. ඒ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් . මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතයි. මේ නාම යෝජනා භාරදීමෙන් පසු අදහස් දැක්වූ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ...
කොදෙව් සංචාරය හෙට – වාස් ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා

කොදෙව් සංචාරය හෙට – වාස් ඉල්ලා අස්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස  කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට  බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි....
කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න

ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේ ,20 යි 20 හා එක්දින ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත සංචිතයක් නම් කර තිබෙනවා. කොදෙව් දූපත් හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබන මාර්තු 3, 5 හා 7 යන දිනවල 20 යි 20 තරග පැවැත්වීමට නියමිතයි. 1 දිමුත් කරුණාරත්න (එක්දින නායක) 2 ධනුෂ්ක ගුණතිලක 3 පැතුම් නිශ්ශංක 4, දිනේෂ් චන්දිමාල් 5 ඇන්ජලෝ මැතිවුස් 6 නිරෝෂන් දික්වැල්ල 7 ඕෂධ ප්‍රනාන්දු 8 කමිදු මෙන්ඩිස් 9 අශේන් බණ්ඩාර 10, දසුන් ශානක (ටී 20 නායක), 11 තිසර පෙරේරා 12, රමේෂ් මෙන්ඩිස් 13 වනිදු හසරංග 14 දුෂ්මන්ත චමීර 15 නුවන් ප්‍රදීප් 16 ලහිරු කුමාර 17 අසිත ප්‍රනාන්දු 18 දිල්ෂාන් මධුශංක 19 ලක්ෂන් සඳකැන් 20 අකිල ධනංජය...
පුහුණු එක්දින තරගයේදී චන්දිමාල් , මැතිවුස් ශතක වාර්තා කරයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

පුහුණු එක්දින තරගයේදී චන්දිමාල් , මැතිවුස් ශතක වාර්තා කරයි

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව අද (19 ) නිමාවට පත්විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට පත්වූහ. දිනයේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 149 ක් ලබා ගත්තේය. අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා කණ්ඩායමේ ඉනිම හමාර වන තෙක්ම පන්දුවට පහර දෙමින් හතරේ පහර 14 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කරගනු ලැබුවේ පන්දු 123 ක් පමණක් වැය කරමිනි. ඔහුට අමතරව වනිඳු හසරංග සහ නායක දසුන් ශානක අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ ද...
විවියන් රිචර්ඩ්ස් ටිඛෙට් නිදහස් සටනට දිරි දෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

විවියන් රිචර්ඩ්ස් ටිඛෙට් නිදහස් සටනට දිරි දෙයි

ලෝක පූජිත ඉටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක විවියන් රිචර්ඩ්ස් නිදහස් ටිඛෙට් දේශයක් වෙනුවෙන් සහාය පල කර තිඛෙනවා. පසුගිය සමයේ මේ සම්බ්නධයෙන් අදහස් පල කළ ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් නිදහස් ටිඛෙටයක් වෙනුවෙන් දිරිගැන්වීම් ලබාදී තිබුණා. මේ සමඟ ෆ්‍රීඩම් ඔෆ් ටිඛෙට් නම් හෑෂ් ටැග් එකක් ද ඔහු විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. “Happy Independence Day, Tibet" Way To Go #FreedomForTibet — Sir Vivian Richards (@ivivianrichards) February 13, 2021 ...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය කමනාකරු ලෙසින් කටයුතු කරන ලද පෝල් කෝරි මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ සම්බන්ධ වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් ජනවාරි මස 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ. 2018 වසරේ පෙබරවාරි මස 15 වැනිදා සිට අදාළ ධුරයේ රාජකාරි ඇරඹූ කෝරි මහතා ගෙවී ගිය වසර 3 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළේය. පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෝරි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ....
ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ගේ PCR වාර්තා නිකුත් වෙයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ගේ PCR වාර්තා නිකුත් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනකුට සිදුකළ පරීක්ෂණවල වාර්තා නිකුත්වී තිබෙනවා. ඒ අනුව එම සියළු ක්‍රීඩකයන්ගේ පරීක්ෂණ වාර්තා කොරෝනාවට සෲණාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. මෙම ක්‍රීඩකයන් කොදෙව් සංචාරය වෙනුවෙන් වූ පුහුණු සංචිතය සඳහා තෝරාගත් ක්‍රීඩකයන් වනවා. ඒ අනුව මෙම සියළු ක්‍රීඩකයන් හෙට දිනයේ ශාරිරක යෝග්‍යතා පරීක්ෂණයට ලක්කිරීමට නියමිතයි. අනතුරුව ලබන 16 වනදා ඔවුන් කොදෙව් සංචාරය සඳහා වන පුහුණු කටයුතු ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. මීට පෙර ළහිරු තිරිමාන්න හා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා ආසාදනයවී ඇතැයි අනාවරණවී තිබුණා....
ලංකාවේ ක්‍රිකට් හදන්න අරවින්ද ,මහනාම , මුරලි හා සංගක්කාර ඇතුළු කමිටුවක්
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ලංකාවේ ක්‍රිකට් හදන්න අරවින්ද ,මහනාම , මුරලි හා සංගක්කාර ඇතුළු කමිටුවක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. එහි සාමාජිකයන් ව්නනේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා මහතා (සභාපති)රොෂාන් මහානාම ,මුත්තයියා මුරලිදරන් ,කුමාර් සංගක්කාර යන මහත්වරුන්. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද එම කමිටුව පත්කර තිබුණා. කමිටුවේ මූලික කාර්යභාරය වන්නේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බව අමාතයාංශය සදහන් කළා....
ලෝකයේ පළමු හිම ක්‍රිකට් ශූරතාවලිය ඇරඹෙයි
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ලෝකයේ පළමු හිම ක්‍රිකට් ශූරතාවලිය ඇරඹෙයි

ලෝකයේ පළමු හිම ක්‍රිකට් තරගාවලිය ජම්මු කාශ්මීරයේ දී ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හිම තුල තැනූ ක්‍රිකට් පිටියක මෙම තරගාවලිය පැවැත්වීම විශේෂත්වයක් බවයි. එය වින්ටර් ක්‍රිකට් චැම්පියන්ස් යන නමින් නම් කර තිබෙනවා. කාශ්මීරයේ බොහෝ කලාපවල වසර පුරා හිම තත්ත්වයන් පවතින අතර එම කලාපය ක්‍රිකට් ක්‍රීඩාවට උචිත වන්නේ නැහැ. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් මෙය ඵලදායි වනු ඇති බවයි එම වාර්තා පවසන්නේ....
“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්
ක්‍රීඩා, මතවාද, වැඩියෙන් නැරඹූ

“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්

යම් ආගමික කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හසුරුවන බවට එල්ලවන ප්‍රචාරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ ඊට අදාළව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයයි. මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අප, එහි කිසිදු සත්‍යතාවයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ජන කතාව බොරුවක් / ක්‍රිකට් සභාපති කියයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ජන කතාව බොරුවක් / ක්‍රිකට් සභාපති කියයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ විවේචන තවදුරටත් පැවතියහොත් ක්‍රිකට් වර්ජනයක නිරත වන බවට තමන් ප්‍රකාශයක් සිදු නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසුවා.
විනය කඩ කිරීමේ චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

විනය කඩ කිරීමේ චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයකු සහ කාර්ය මණ්ඩලයට අයත් සෞඛ්‍ය නිලධාරිනියක අතර යම් අනිසි සිදු වීමක් වී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා මාධ්‍ය වාර්තා කර ඇති සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතාට උපදෙස් ලබාදී  තිබෙනවා. මේ වාර්තාව ලැබුණු පසු අවශ්‍යතාව පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද විශේෂ පරික්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වෙනවා. එම විමර්ශනය මගින් අනාවරණය වන තොරතුරු පදනම් කරගනිමින් වැරදි සහගත ආකාරයෙන් කිසියම් පාර්ශ්වයක් කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ....