Tag: කාංචන ජයරත්න

සෞඛ්‍ය ඇමතිනියට බරපතල නෑ / පවුලේ සාමාජිකයන් කියයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සෞඛ්‍ය ඇමතිනියට බරපතල නෑ / පවුලේ සාමාජිකයන් කියයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය ද ඇය බරපතල තත්ත්වයක පසු නොවන බව වන්නිආරච්චි මහත්මියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ යම් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඇයට ඔක්සිජන් සැපයීම සිදුකළ ද අමාත්‍යවරිය ඉක්මන් සුවය ලබමින් පවතින බවයි. අධික උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයී ඩී එච් රෝහලට මාරු කර යැවීමට මුල්වී තිබුණා. අමාත්‍යවරිය හැර පවුල් කිසිදු සාමාජිකයකු කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරුව තිබුණ ද ඔවුන් නිරෝධායනයට ලක්වෙමින් පවතින බවයි කාංචන ජයරත්න මහතා සදහන් කළේ. මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය හදුනා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. කෙසේ වෙතත් කාංචන ජයරත්න මහතා පවසන්නේ විවිධ රෝහල්වල කාර්ය මණ්ඩල මුණ ගැසීම හා පාර්ලිමේන්තුවේ ආසාදිත මන්ත්‍...