සාධාරණය ඉටු වනතුරු විරෝධය අඛණ්ඩව – කාදිනල් හිමි
පාස්කු ප්රහාරයේ පීඩාවට පත්වූවන්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අඛණ්ඩව විරෝධාතා ක්රියාමාර්ගවල නිරතවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද ප්රකාශ කළා.
අගරදගුරු පදවිය විසින් ප්රකාශයට පත්කළ කළු ඉරිදා විරෝධයට සමගාමීව කොච්ච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති සාමකාමි විරෝධතාවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළා.
"අපි මේ විරෝධතාවය පවත්වන්නේ සාධාරණය ඉෂ්ඨ වෙයි කියන බලාපොරොත්තුවකින්. මේ ප්රහාරය පිටිපස්සේ හිටියෙ කවුද කියන එක දැනගන්න තමයි කොමිෂන් සභාවෙන් අපි අපේක්ෂා කළේ. ඒක කොයිතරම් දුරට ක්රියාත්මක වෙලා තියෙනවා ද කියලා අපි දන්නේ නෑ. මම මේ දවස්වල ඒ වාර්තාව කියවමින් සිටිනවා. මේ වාර්තාවේ නිර්දේශ කරලා තියෙන හුගාක් කරුණු ක්රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම වරදකරුවන් කරලා තියෙන අයට විරුද්ධව නීතිය ක්රියාත්මක කිරීම වැදගත් වෙනවා. අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීටවඩා කැපවීමෙන් ක...