Tag: කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්

පාස්කු ප්‍රහාරය සිදුකළ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ප්‍රහාය සිදුකර වසර 2ක් පමණ ගතව තිබුණත් ඊට සම්බන්ධ මහ මොළකරුවන්, අනුබලදුන් කිසිවකුත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකිවීම ප්‍රශ්නාර්තයක් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය මේ පිළිබද නිසි අයුරින් පරීක්ෂණ සිදුකළාදැයි සැකයක් පවතින බව ද කාදිනල් හිමි මෙහිදී පැවසීය. මෙම විමර්ශන සිදුකළ ඇතැම් නිලධාරීන්ට අයුතු දේශපාලන බලපෑම් සිදුකළ බව කියන පුද්ගලයින් පිළිබද ආරංචි වී ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා....
පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය. මේ අතර, ඒ මහතා විසින් අද (01)පෙරවරුවේ එම කොමිෂන් සභා වාර්තාව මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ට මල්වතු මහා විහාරයේදීත්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට අස්ගිරි මහා විහාරයේදීත් අදාළ වාර්තාව පිළිගන්වා තිබේ. ...
කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට කාදිනල් හිමි තීරණය කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට කාදිනල් හිමි තීරණය කරයි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලැඛෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිඛේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝතික මන්ත්‍රීවරුන් සහ කාදිනල් හිමි අතර පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව ද කල් දමා ඇත. කිසිදු දේශපාලනඥයෙකුට තමන් හමුවීමට නොපැමිණෙන ලෙස කාදිනල් හිමි දැනුම් දී තිඛෙනවා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යනයට ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිළිබදව කාදිනල් හිමි දැඩි විරෝධය පළකර තිබුණා....