Tag: කාන්තා පොලිස්

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් කඩ කර නැහැ / පොලිසිය කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් කඩ කර නැහැ / පොලිසිය කියයි

ශ්‍රී ලංකා පොලිසිය කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කර නොමැති බව පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් හට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට අනුව ශ්‍රී ලංකා පොලිසියේ ද තනතුරුවලින් සියයට 15ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් සඳහා සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බවයි. පොලිස් නිලධාරිනියන් පුද්ගලික පළිගැනීම්වලට ලක්ව ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා. ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක්, කාන්තා නියෝජ්‍යය පොලිස්පති තනතුරු 4ක්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු 12ක් ...