Tag: කාශ්මීර

කාශ්මීරයේ තත්ත්වය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායමක්
ලෝකය වටා

කාශ්මීරයේ තත්ත්වය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායමක්

ඉන්දු පකිස්ථාන දේශසීමාවට අයත් කාශ්මීර කලාපය තුල විශේෂ නිරීක්ෂණයක් සඳහා ජගත් නිරීක්ෂණ කණ්ඩායමක් ළගාවී තිබෙනවා. ඒ අනුව රටවල් 24කට අයත් නියෝජිතයන් මේ සඳහා එක්වූ බවයි ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පවසන්නේ. මෙහිදී ඉන්දීය හමුදා විසින් කාශ්මීරයේ සිදුකෙරෙන ත්‍රස්ත ක්‍රියාකාරකම් හා ඊට ලැබෙන අනුග්‍රහයන් පිළිබද ජාත්‍යන්තර නිරීක්ෂකයන් දැනුවත් කර තිබෙනවා. පකිස්ථාන හමුදාව විසින් එම ත්‍රස්ත සංවිධාන වෙත උපකාර කරන බවට වන සාක්ෂි මෙහිදී ඉදිරිපත් කර ඇතැයිද එම වාර්තාවේ සදහන්. ඒ අනුව කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් අවි ආයුධ පකිස්ථාන හමුදාවට අයත් බව ද තහවුරු කර ඇති බවයි ඉන්දියාව පවසන්නේ. එසේම ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීනක් භාවිත කළ ඩ්‍රෝන යානා පකිස්ථාන හමුදාව සතු ඒවා බවටද ඔවුන් චෝදනා කර තිබෙනවා. මෙම නිරීක්ෂණ කණ්ඩායම සිය දෙවන අධියරේදී පකිස්ථානය පාලනය කරන කාශ්මීර කලාපයට ළගාවීමට නියමිතයි....
කාශ්මීරයේ අවහිර කර තිබූ අන්තර්ජාලය යළි සක්‍රීය කරයි
ලෝකය වටා

කාශ්මීරයේ අවහිර කර තිබූ අන්තර්ජාලය යළි සක්‍රීය කරයි

කාශ්මීර ප්‍රාන්තයේ දින නියමයක් නොමැතිව අවහිර කර තිබූ අන්තර්ජාල පහසුකම් 4G යලි සක්‍රීය කර තිබෙනවා. මෙම අවහිර කිරීම ඉන්දීය රජය විසින් ගත් තීරණයක් අනුව සිදුවූ අතර එම තීරණය නීති විරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට ඉන්දීය රජය පියවර ගතයුතු බවයි. මේ සම්බන්ධයෙන් සළකා බලමින් කාශ්මීරයේ අන්තර්ජාල පහසුකම් යළි සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ පැවති විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් පසුගිය අගෝස්තු මාසයේ සිට අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගනු ලැබුවා....