Tag: කැටගොල්ල ඔය

දිය ඇලි දුසිමකට පණ දෙන මහ වන මැද සැගවුණ ඔය
වැඩියෙන් නැරඹූ, සංචාරය

දිය ඇලි දුසිමකට පණ දෙන මහ වන මැද සැගවුණ ඔය

දිය ඇලි පිළිබද ඔඛේ මතකය තුළ අමතක නොවන සටහනක් බොහොමයක් තිඛෙන්නට පුළුවන්. සමහරවිට මෙරට ප්‍රධාන දිය ඇලි නරඹන්ට ගිහින් ඇති. ඒත් ගොඩක් දෙනෙක් නොදන්න දිය ඇලි හ සබැදි කතාවක් පිළිබද තොරතුරු මේ ලිපිය මගින් අපි ඔබට ලබා දෙනවා. දිය ඇලි දුසිමක් ඒ කියන්නෙ දිය ඇලි 12කට පණ දෙන කැටගොල්ල ඔය ගැන මේ සටහන තැබීමට අප තීරණය කළා. මහා ඝණ වනයක සැගව තියෙන මේ ඔයේ නම සම්ප්‍රධායෙන් බැහැර ටිකක් වෙනස් විදෙහෙ නමක් තමා කැටගොල්ල කියන්නේ. මේ ඔය උපත ලබන්නේ මගවැලි ගගේ අතු ශාකාවක් ලෙසයි. ලංකාවේ ප්‍රධාන ජලාශ තුනක් පිහිටි රක්‍ෂිතය තුළ තමා මේ ඔය තියෙන්නේ. කෙටියෙන් මේ රක්‍ෂිතය හදුන්වන්නේ VRR ලෙසයි(වික්ටෝරියා,රන්දෙණිගල,රන්ටැඹේ). කදු, හෙල්, මිටියාවත්, පතන සේම අලංකාර දියඇලී රාශියකින් මේ රක්‍ෂිතය සමන්විතයි. කැටලාගොල්ල ඔය මගින් නිරිමානය වන දියඇලි 12ක් මේ රක්‍ෂිතය පූරා විහිදී පවතිනවා.. එක දවසකින් මේ ඔක්කොම බලන්න පුලුවන්. හරි උප...