Tag: කුඩා රාවණා

ගල්පරයේ සිරවූ නැවේ ඉන්ධන කාන්දු වුවහොත් පියවර ගැනීමේ සූදානමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගල්පරයේ සිරවූ නැවේ ඉන්ධන කාන්දු වුවහොත් පියවර ගැනීමේ සූදානමක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප ‍නෞකාව ළගාවී පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම මූලික විමර්ශණයන්ට අනුව අනතුර හේතුවෙන් නෞකාවේ බඳට හානි වීමක් වාර්ථා නොවූ අතර, නෞකාව තුලට ජලය කාන්දු ‍වීමක් හෝ අනතුර හේතුවෙන් සාගරයට ඉන්ධන කාන්දුවීමක් ද වාර්ථා නොවූ බවයි නාවික හමුදාව පවසන්නේ. එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි එම නෞකාවේ කපිතාන් ඇතුළු පිලිපීන ජාතිකයින් 15 දෙනා සහ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනාටද (03) මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බවටද අණාවරණය වුණා. නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් නෞකාවේ දියයට බඳ කොටස වැඩි දුරටත් පුළුල් ලෙස පරීක්‍ෂා කිරීමෙන් (Diving ...