Tag: කුරුළු උණ

කුරුළු උණ(H5N8) මිනිසාට වැළදුණත් වසංගත අවදානමක් නෑ / ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

කුරුළු උණ(H5N8) මිනිසාට වැළදුණත් වසංගත අවදානමක් නෑ / ලෝක සෞඛ්‍ය සංවිධානය

H5N8 කුරුළු උණ මිනිසුන්ට ආසාදනය වන බව පසුගියදා හඳුනාගනු ලැබුවද එය මිනිසා අතර පැතිරයාමේ අවදානම ඉතා අවම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. රුසියාවෙන් ආසාදිතයන් 7 දෙනකු හදුනාගැනීම පිළිබද අධ්‍යයනය කිරීමෙන් පසු ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ එහි වසංගත අවදානමක් නොමැති බවයි. 2009 වසරේදී H1N1 කුරුළු උණ ලෝකය පුරා පැතිර ගිය අතර එය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමටයි පියවර ගනු ලැබුවේ. එහෙත් H5N8 වෛරසය හරහා එම අවදානම අවම බවයි පර්යේෂකයන් අනාවරණ කළේ. ඉතිහාසයේ මුල්වරට එම වෛරසය මිනිසාට වැළදෙන බව හෙලිකර ගැණුනේ රුසියාවෙන් හමුවූ ආසාදිතයන් මගිනුයි. ඔවුන් සියලු දෙනා මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ පිළිබද තවත් අධ්‍යයනය කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ....
ලෝකයේ පළමුවරට කුරුළු උණ  (H5N8) මිනිසුන්ට වැළදෙයි / රුසියාවෙන් ආසාදිතයන් 7ක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ලෝකයේ පළමුවරට කුරුළු උණ (H5N8) මිනිසුන්ට වැළදෙයි / රුසියාවෙන් ආසාදිතයන් 7ක්

 (H5N8) කුරුළු උණ රෝගය කුකුළන් හරහා මිනිසුන්ට වැළදුණු පළමු අවස්ථාව රුසියාවෙන් වාර්තාවී තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියා හෙල්ත් වොච්ඩෝග් ආයතනය පැවසුවේ මෙවන් තත්ත්වයක් ලෝකයෙන් හදුනාගත් පළමු අවස්ථාව මෙය බවයි. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර ඇති අතර , දැනට රෝගීන් 7 දෙනකු වාර්තාවූ බවයි රුසියාව පැවසුවේ. දකුණු දිග රුසියාවේ කුකුළු මස් ගොවිපළක සේවකයන් අතර ව්‍යාප්ත වූ උණ රෝගයක් පිළිබද සිදුකළ පරීක්ෂාවකදී ඔවුන් ආසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර පසුව හඳුනා ගැණුනේ එය කුරුළු උණ රෝගය බවයි. කෙසේ වෙතත් මෙය මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන්නේදැයි මෙතෙක් හදුනාගෙන නැහැ. දැනට විශ්වාස කරනු ලබන්නේ මෙම වෛරසය කුකූළන් මගින් සෘජුවම එම පුද්ගලයන්ට වැළදෙන්නට ඇති බවයි. රෝගීන් වෙන්කර ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇතැයි ද වෛද්‍ය ඇනා පැබෝවා ප්‍රකාශ කළා. මෙම තත්ත්වයට අදාළ සි...