Tag: කේබල් කාර්

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අප්‍රේල් 23 ඇරඹෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අප්‍රේල් 23 ඇරඹෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර රැසක් ආවරණය කරමින් දැවැන්ත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අප්‍රේල් මස 23 වන දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා. මේ යටතේ නුවරඑළිය තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කර පාපන්දු පිටියක්, මලල ක්‍රීඩා පුහුණු පිටියක්, වොලිබෝල් පිටි 02 ක්, බාස්කට්බෝල් පිටි 02 ක්, ක්‍රිකට් පිටියක්, කේබල් කාර් ව්‍යාපෘතියක්, ඇවිදින  මංතීරුවක්, අශ්වරේස් මංතීරුවක් සහ සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක්, අවන්හල් ජාලයක් ඉදිරිකිරීමට නියමිතයි. මෙම සියළු ඉදිකිරීම් තුරග තරග පිටිය පිටත ඇති මංතීරුවලට ඇතුළත පිටියේ ඉදිකෙරෙන අතර  මෙයට අමතරව ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. තවද තුරග තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ කාර් රේස් ධාවන පථයක් ඉදිකිරීමට නියමිතයි. තුරග තරග පිටියේ අශ්...
නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්

ස්වභාව සෞන්දර්යයෙන් අගතැන් ගත් පුරාවිද්‍යාත්මක සහ පාරිසරික උරුමයක් වන ජාතික නාමල් උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටා තිබේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් අතර මේ ස්ථානය ප්‍රකටය. අදින් වර්ෂ 30කට පෙර වනගතව පැවති මේ භූමියේ ගසක අටවාගත් පැලක පදිංචි වී එය සංචාරක ගමනාන්තයක් සහ විහාරයක් ලෙස සංවර්ධනය කිරීමට මුල් වූයේ වනවාසී රාහුල හිමියෝ වෙති. මේ වසරේ මාර්තු 28දාට එහි 30 වැනි සංවත්සරය යෙදී තිබේ. පසුගිය 2018 වර්ෂයේදී වනවාසී රාහුල හිමි විසින් මෙම පූජනීය ස්ථානයේ භාරකාරත්වය මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දුන්හ. මෙහි පුරාවිද්‍යාත්මක නටබුන් සහිත බිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයකි. වර්ෂ 2018 දී ජාතික නාමල් උයනේ පරිපාලනය හා නඩත්තු කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුමකින් පවරා දීමේදී නාමල් උයන රෝස තිරිවානා කන්ද සංස්කෘතික කලාප...
නුවරඑළිය නානු ඔය කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නුවරඑළිය නානු ඔය කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින්

නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඒ සදහා යුරෝ මිලියන 52ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බවයි. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දිවයින පුරා නව සංචාරක ස්ථාන 6059ක් හදුනාගෙන ඇති බවත්, ඉන් 318ක් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් බවයි. මෙම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන අතර, නුවරඑළිය කේන්ද්‍ර කරගත් සංචාරක කලාපයක් බවට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා....