Tag: කොටුගොඩ ධම්මාවාස හිමි

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් දැයෙන් සමුගනී
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් දැයෙන් සමුගනී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අද (25) දැයෙන් සමුගත්තේය. උන්වහන්සේගේ දේහය පිලිබඳ ආදාහන පූජෝත්සවය අද සවස නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.30ට උන්වහන්සේ වැඩ සිටි ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පිටත්විය. එතැන් සිට භික්‍ෂුන් වහන්සේ සහ දායක පිරිස දේහය ගාලු පාර දක්වා රැගෙන එනු ලැබීය. දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව ඉදිරිපිටදී දේහයට පුෂ්පෝපහාර පුද කිරීමක් ද සිදු කෙරිණ. අනතුරුව රිය පෙරහැර බම්බලපිටිය ඔස්සේ තුම්මුල්ල දක්වාත්, එතැන් සිට නිදහස් චතුරශුය දක්වාත් ළඟාවිය. ආදාහන පූජෝත්සවය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. මහ නාහිමියන්ගේ දේහයට අ...