Tag: කොලඹ

කොලඹ වරාය සංවර්ධනයට ජපානය හා ඉන්දියාව සමග ගිවිසුමක්

කොලඹ වරාය සංවර්ධනයට ජපානය හා ඉන්දියාව සමග ගිවිසුමක්

දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුමට ඊයේ අත්සන් තැබුණා. මේ ඊට අදාළව වරාය හා නාවික අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි. ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ එහි වරායන් විවෘතවීම ඉතාම වැදගත් කාරණයකි. මෙම ව්‍යාපෘතිය මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ  සහයෝගීත්වය මෙනෙහි කරනු ලබයි. ජපානයඑක්දහස් නවසීය අසූව දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙනු ලැබීය. එසේම කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් වලින්  සීයට හැත්තෑවක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදුවේ. ඒ අනුව,  කොළඹ වරායේ ඉදිරිසංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ  කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැන
කොලඹ ව්‍යාපාරිකයින් ආණ්ඩුවෙන් සහනයක් ඉල්ලයි

කොලඹ ව්‍යාපාරිකයින් ආණ්ඩුවෙන් සහනයක් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයන් හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර සියල්ල යළි නඟා සිටුවීම සඳහා ව්‍යාපාරිකයින් ලබාගෙන ඇති ණය වාරික ආපසු ගෙවීමට වාහන ලීසිං සහ බදු ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දෙන්නැයි කොළඹ ව්‍යාපාරික සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. මේ ඒ පිළිබද අදහස් දැක්වූ කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආචාර්ය ඩී. වෙන්කටේස්වරන් මහතා අද වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයන් සිදු වී මාසයකට අධික කාලයක් ගත වී තිබෙනවා. ඒ ප්‍රහාරයන් හේතුවෙන් ලොකු කුඩා පරිමාණ ව්‍යාපාර රාශියක් බිඳ වැටී තිබෙනවා. මේ බිඳ වැටීමෙන් නැවත ගොඩඒමට අපි රජයට යෝජනා කරන්නේ අපට ව්‍යාපාරික ප්‍රජාවට සහන සලසන ලෙසයි. අප ඉල්ලා සිටින්නේ අප ලබා ගත් ණය නිසි පරිදි ආපසු ගෙවීමට යම් කාලයක්, ලීසිං හා බදු ගෙවීමට අමතර කාලයක් ලබා දෙන ලෙසයි. මේ අමතර කාලය ලබාදීමෙන් රජයට පාඩුවක් සිදු වන්නේ නැහැ. ර
ජාතික තවුහිද් ජමාත් කොලඹ සංවිධායක යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාත් කොලඹ සංවිධායක යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 21 වනදා තෙක් යලිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ.. ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතිරවීමේ සිද්ධියට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් අතර සැකකරු සතුව තිබී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය අධිකරණයට දන්වා තිඛෙනවා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළද මෙම සැකකරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බව ද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.
ත්‍රස්තයින්ගේ කෝටි 700ක වත්කම් හා කෝටි 14 මුදල් හමුවෙයි

ත්‍රස්තයින්ගේ කෝටි 700ක වත්කම් හා කෝටි 14 මුදල් හමුවෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ හා ඔවුන්ට සහාය දැක්වුවන්ගේ බව කියන රුපියල් කෝටි 14 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද(06) ප්‍රකාශ කළා. ඉන් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර අනෙක් මුදල් සැකකරුවන්ගේ ගිණුම් තුල පවතින බව හෙලිවී තිඛෙනවා. එසේම අදාළ ත්‍රස්තවාදීන් සතු රුපියල් බිලියන 7 ක දේපළ ඇතුලූ වත්තම් පිළිබඳව ද තොරතුරු හෙළිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. මෙම මුදල් හා බැංකු ගිණුම් රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් දේපළ තහනම් කිරීමේ කටයුතු ද සිදුකරමින් යන බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.
අගරදගුරු හිමියන්ගෙන් දේවස්ථානවලට පණිවිඩයක්

අගරදගුරු හිමියන්ගෙන් දේවස්ථානවලට පණිවිඩයක්

ලබන 5 වන දා ඉරුදින පූජාව නොපවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ දේවස්ථාන වෙත දැනුම් දීමක් සිදුකර සිදුකර තිඛෙනවා. පවත්නා තත්ත්වය තුල ආරක්ෂාව පිළිබද අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇතැයි සදහන්.
විදේශිකයන්ගේ මළ සිරුර12ක් තවමත් හදුනාගෙන නැහැ

විදේශිකයන්ගේ මළ සිරුර12ක් තවමත් හදුනාගෙන නැහැ

මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය විදේශිකයින් 42නකු මේ වන විට හදුනාගෙන ඇති බව බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි දැක්වෙන්නේ ඒ අතරින් මළ සිරුරු 25ක් යලි අදාළ රටවලට යොමුකර ඇති බවයි. තවත් මළ සිරුරු 12ක් හදුනාගත නොහැකිව ඇති අතර ඒවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මෝචරිය තුල රදවා ඇතැයි සදහන්. සිද්ධියෙන් තුවාල ලැබූ විදේශිකයින් අතරින් 5දෙනකු දකුණු කොලඹ ශික්ෂණ රෝහල හා පුද්ගලික රොහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි එහි දැක්වෙන්නේ.
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා දෙමටගොඩදී අල්ලයි

ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා දෙමටගොඩදී අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී කොලඹ ෂැංග්‍රීලා හෝටලය තුල පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීයාගේ සොහොයුරා බව කියන මොහොමඩ් ඊබ්‍රහිම් ඉෆ්තිකාර් දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරු සමග කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බවයි වාර්තාවන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
පොලිසියට උවමනා කර සිටි දෙදෙනෙක් අල්ලයි

පොලිසියට උවමනා කර සිටි දෙදෙනෙක් අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට උවමනා කර සිටි ප්‍රධාන සැකකරුවන් දෙදනකු නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මෙම සැකකරුවන්ගේ ජායාරූප පසුගියදා ජනතාව වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් හදුනාගෙන ඇත්තේ සදීක් අබ්දුල් හක් හා ෂහීඩ් අබ්දුල් හක් ලෙසයි. ඔවුන් මෙම බෝම්බ ප්‍රහාර මාලාවට සෘජුවම සම්බන්ධ බවයි මේ දක්වා සිදුකළ විමර්ෂණවලදී අනාවරණවී ඇත්තේ. සිද්ධියට අදාළ පහත අනෙක් සැකකරුවන්ද සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අයෙක් දුම්මලසූරියදී අල්ලයි

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අයෙක් දුම්මලසූරියදී අල්ලයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර(අප්‍රේල් 21) එල්ල කළ කණ්ඩායම් සමග සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු දුම්මලසූරිය, ඇතුල්ගහකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.පොලිසිය සදහන් කළේ සැකකරු මොහොමඩ් සනාස්ඩීන්(38) ලෙස හදුනාගෙන ඇති බවයි. සැකකරු පිළිබද ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් මේ වන විට සිදුවනවා. මේ අතර මහනුවර, දවුලගල ප්‍රදේශයේදී ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මීවලදෙණිය හා අමතරඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුගෙන් පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇති අතර අනෙක් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොම්පඤ්ඤවීදීයේ කඩු 46 ට කොලඹ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදීයේ කඩු 46 ට කොලඹ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

කොලඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක තිබී තියුණු ආයුධ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිසිය සදහන් කළේ මේ වන විටත් සිද්ධියට අදාළව 3 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ සිදුකළ හදිසි සෝදිසියකදී කඩු 46 ක්, කිනිසි 15 ක් සහ යුද හමුදා නිල ඇඳුම් 25 ක් පොලීසිය භාරයට ගත් අතර ඊට මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමට සම්බන්ධ සැකකරුවකුගේ සබඳතාවයක් ඇතැයිද අනාවරණවී තිඛෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඇමති රිෂාඩ්ට එස් බී ගෙන් බරපතල චෝදනාවක්

ඇමති රිෂාඩ්ට එස් බී ගෙන් බරපතල චෝදනාවක්

ලංකාව තුල ප්‍රහාර සිදුකළ අන්තවාදී ත්‍රස්ත සංවිධානය හා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රිෂාඩ්  බදියුදීන් අතර සබඳතා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා චෝදනා කරනවා. ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සදහන් කළේ.  
පිපිරීම්වලින් මිය ගිය නිවැරදි ගණන 253යි / නිවේදනයක් නිකුත් වෙයි

පිපිරීම්වලින් මිය ගිය නිවැරදි ගණන 253යි / නිවේදනයක් නිකුත් වෙයි

අප්‍රේල් 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 253 ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි දැක්වෙන්නේ මරණ සංඛ්‍යාව 359ක් ලෙස දැක්වීම සාවද්‍ය බවයි. මීට පෙර මරණ සංඛ්‍යාව වැඩි වශයෙන් ගණනය කර තිබුණේ සිරුරු කොටස් විශාල වශයෙන් වෙන්වී පැවතීම මත වුවද මේ වන විට සිදුකළ පරීක්ෂණ මගින් එම මරණ ප්‍රමාණය නිවැරදිව 253 ක් ලෙසයි තහවුරු කර ඇත්තේ.
පොලිසිය සොයමින් සිටි ලොරිය වත්තලදී අල්ලයි

පොලිසිය සොයමින් සිටි ලොරිය වත්තලදී අල්ලයි

පොලිසියට අත්‍යාවශ්‍යව තිබූ සැක සහිත WP DAE 4197දරණ ලොරි රථය කොටහේන පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා.ඒ වත්තල ප්‍රදේශයේදීයි. වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබුණා. ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා විමර්ෂණ සිදුකෙරෙනවා. පොලීසිය පවසන්නේ ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරුණු එක් පුද්ගලයකුගේ නමට බවයි.
බුර්කාව පැළද නොයන්න /ජම්ඉයියතුල් උලමා සංගමය දන්වයි

බුර්කාව පැළද නොයන්න /ජම්ඉයියතුල් උලමා සංගමය දන්වයි

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරනවා. මේ එම නිවේදනයයි.
මරාගෙන මැරුණු මිනීමරුවන් ගැන තොරතුරු රැසක් හෙලිවෙයි

මරාගෙන මැරුණු මිනීමරුවන් ගැන තොරතුරු රැසක් හෙලිවෙයි

පසුගිය ඉරිදා කොච්චිකඩේ,කටාන හා මඩකළපුව ප‍්‍රදේශවල සිදුවූ ප‍්‍රහාරවලට සම්බන්ධව මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකුම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසනවා. මෙම ප‍්‍රහාරය සිදුකළ සංවිධානයේ සාමාජිකයින් ශ‍්‍රී ලංකාවේ ධනවත් පවුල්වලට අයත් විදේශයන්හි උසස් අධ්‍යාපනය ලැබූ අය බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇතිබව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විදේශ මාධ්‍ය සඳහා අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා අනාවරණ කළා. මෙම පිරිසට විදේශ මූල්‍ය ආධාර හා විදේශ පුහුණුව ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මෙම ප‍්‍රහාරය පිළිබඳව සැකපිට පුද්ගලයින් 60 ක් මේ වන විට
තවත් 18 ක් අල්ලයි / දැනට 60 දෙනෙක් අත්අඩංගුවේ

තවත් 18 ක් අල්ලයි / දැනට 60 දෙනෙක් අත්අඩංගුවේ

මෙරට තුල එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව මේ වන විට පුද්ගලයින් 60 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ තවත් 18 දෙනකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බවයි.
පිපිරීම්වල මරණ 359ක් තෙක් ඉහළට

පිපිරීම්වල මරණ 359ක් තෙක් ඉහළට

පාස්කු ඉරිදා(21)  සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඒ අතරට විදේශිකයින් 38 දෙනකුද වන බවයි. මේ වනවිට සිද්ධියෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 375ක්.. පසුගිය ඉරිදා දින ප්‍රහාරයෙන් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර තවත් කිහිපදෙනෙකු බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බවයි කොලඹ ජාතික රෝහල සදහන් කළේ.
තැපල්පතිවරයාගෙන් විශේෂ නිවේදනයක්

තැපල්පතිවරයාගෙන් විශේෂ නිවේදනයක්

දැනට දිවයිනේ පවත්නා ආරක්ෂක තත්වය පිළිබඳව සැලකිල්ට ගෙන, දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකෙරෙන පාර්සල්, තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හො බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක්,තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස සියළු තැපැල් ස්ථානාධිපතිවරු වෙත දැනුම් දී තිඛෙනවා. ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස මහජනතාව වෙත තැපැල්පතිවරයා දැනුම් දෙන අතර බැහැර සිට ඇසුරුම් කර රැගෙන එන පාර්සල් භාරගැනීම,කවුළු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම හෝ විවෘත කර පෙන්වා යළ ඇසුරුම් කරන ලෙස ,මහජනතාව වෙත තැපැල් කාර්යාලයේදී උපදෙස් ලැබිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කරයි. එහෙයින් සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සඳහා සියළු පාර්සල්, තැපැල් කාර්යාලය තුලදී ඇසුරුම් බාරදෙන ලෙස මහජානතාව වෙත දැනුම් දෙන බවද පාර්සල් භාර දෙන අය තමන්ගේ අනන
තවත් ප්‍රහාරයක් ගැන ඉන්දියාව අනතුරු අගවයි / හින්දුස්ථාන් ටයිම්ස්

තවත් ප්‍රහාරයක් ගැන ඉන්දියාව අනතුරු අගවයි / හින්දුස්ථාන් ටයිම්ස්

ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ තවත් කණ්ඩායමක් මෙරට තුල බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තාකර තිඛෙනවා. ඒ අනුව රිල්වාන් මර්සාග්( ජලාල් ) නැමැත්තකු මෙම ප්‍රහාරයට නායකත්වය ලබාදෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. පසුගියදා ප්‍රහාරවලට සම්බන්ධ හෂීම් නැමැත්තාගේ ඥාතී සොහොයුරකු(නවුෆර් මවුලවි නැමැත්තෙක්  )ද මීට සම්බන්ධ බවයි දැක්වෙන්නේ. එක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ දේවස්ථාන තුනකට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය බවයි මේ වන විට තහවුරු කර ඇත්තේ. 2014 වසරේදී කාත්තන්කුඩිහීදී අරඹන ලද එම සංවිධානයේ නායකයා බව කියන පුද්ගලයා කොලඹදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සම්බන්ධව මියගොස් තිබුණා. එම සංවිධානයේ
කොලඹ නගරය ආශ්‍රීතව ඛෙල් 212 හෙලිකොප්ටරයක් සූදානමින්

කොලඹ නගරය ආශ්‍රීතව ඛෙල් 212 හෙලිකොප්ටරයක් සූදානමින්

හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට කොළඹ නගරය ආශ්‍රිතව බෙල් 212 වර්ගයෙන් හෙලිකොප්ටර් යානයක් සූදානමින් තබා ඇති බව ගුවන් හමුදාව අනාවරණ කරනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ හදිසි ගිනි ගැනීම් වැනි ආපදා තත්ත්වයකදී යානයට වහා ක්‍රියාත්මකවීමේ හැකියාව පවතින බවයි. එම යානයට ජලය ලීටර් 900ක් රැගෙන යාමේ හැකියාව පවතිනවා.
සැක කටයුතු ලොරියක් හා වෑන් රථයක් සොයා කොලඹ මෙහෙයුම්

සැක කටයුතු ලොරියක් හා වෑන් රථයක් සොයා කොලඹ මෙහෙයුම්

සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක්  කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත  කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා  පියවර ගෙන තිඛෙනවා. මේ පිළිබඳව කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ දිසාවේ සිළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා කොළඹ දිසාවේ සියළුම පොලිස්ථාන  දැනුම්වත් කර ඇතැයි ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. මේ හේතුවෙන් කොළඹ වරායේ ආරක්ෂාවද තර කිරීමට  වරාය ආරක්ෂක අංශ මගින් පියවර ගෙන ඇතැයි වරාය පොලිසිය සඳහන් කළා. මේ අතර පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිඛෙනවා. යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර