Tag: කොවිඩ්

මිනුවන්ගොඩ මංගල්‍යයක කොරෝනා පැටව් ගහලා – ආසාදිතයන් 62 ක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මිනුවන්ගොඩ මංගල්‍යයක කොරෝනා පැටව් ගහලා – ආසාදිතයන් 62 ක්

මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ආසාදිතවූවන් අතර මනාළයා ද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නොමැති බවයි තහවුරුව ඇත්තේ. විවාහ උත්සවයට සහභාගි වූ තුන්සියක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. මනමාලියගේ පාර්ශ්වයෙන් විවාහ උළෙලට සහභාගි වූ අයගේ PCR  ප්‍රතිඵල අද ලැබීමට නියමිත බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසන්නේ....
ආසාදිතයකු හරහා මුල් දින 10 තුල රෝගය පැතිරීම ඉහළ මට්ටමක
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ආසාදිතයකු හරහා මුල් දින 10 තුල රෝගය පැතිරීම ඉහළ මට්ටමක

කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ තවත් පුද්ගලයන්ට වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. විෂය භාර ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වා දෙන්නේ එම කාලය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු අතර එය හඳුනාගෙන පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. එමෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 4 නිවෙස් තුළ වෛද්‍ය පරීක්ෂණ යටතේ තැබීමට පියවර ගත යුතු බවද ඇය කියා සිටියා. පවත්නා තත්ත්වය මත වසංගතය මර්දනය ස‍දහා දැනට පවත්නා කොවිඩ් පාලන උපාය මාර්ග තවදුරටත් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවා....
හුදකලා කෙරෙන සහ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හුදකලා කෙරෙන සහ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ

තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කර තිබෙනවා. මේ අතර කල්මුනේ ග්‍රාම සේවා වසම් 10ක් හුදකලා බවින් ඉවත් කරන බවයි රජෙය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.    ...
ලබන මාසය මැද වන විට ලංකාවේ ඉහළ කොවිඩ් අවදානමක්
ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ලබන මාසය මැද වන විට ලංකාවේ ඉහළ කොවිඩ් අවදානමක්

පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි. ” අපිට පෙන්න තියෙන දේ තමයි දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට ගමන් කරලා තියෙනවා. අද බස්නාහිරෙන් හමුවන රෝගින් සංඛ්‍යාව 50%කට විතර අඩු වෙලා තියෙනවා. නමුත් අනිත් පළාත් වලින් 15%ක් විතර වාර්තා වුණේ මීට මාසෙකට විතර පෙර දෛනික රෝගින් ප්‍රමාණය. ඒක 50% දක්වා වැඩි වෙලා තියෙනවා. අපි අසාර්ථක වෙලා තියෙනවා යම් මට්ටමකින් රටක් විදියට බස්නාහිර කේන්ද්‍රගතවෙලා තියෙන අවදානම එතන කළමනාකරණය කරලා සමස්ථ රට පුරා ව්‍යාප්තවන එක වලක්වන්න. ඒ නිසා ඊයේ රට පුරා රෝගීන් 800ක් වාර්තා වුණා නම් අපිට පෙන්නේ ඒ රෝගීන් 800 නමුත් මහජන සෞඛ්‍ය පද්ධතියට 800ක් නෙමේ. මොකද මේ 800ය ආශ්‍රිතව, ආශ්‍රිතයින් බිහි වෙනවා. ප්‍රශ්ණ තිබුණා වුනත් මේ මොහොතෙදී අපේ රටේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ,...
ආශ්‍රි­ත­යන් නැති රෝගීන් 85ක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආශ්‍රි­ත­යන් නැති රෝගීන් 85ක්

ආශ්‍රිතයන් හඳුනා ගත නොහැකි කොවිඩ් 19 රොගීන් 85 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රෝගය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් නැති බවට සෞඛ්‍ය අංශ පැවසුවද මේ තත්ත්වය මත රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම පවා වඩාත් දුෂ්කර කාර්යයක් වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. රෝග ව්‍යාප්තිය පිළිබඳව කරුණු වාර්තා වන විට තවත් විශාල පිරිසක් කරා රෝගය ව්‍යාප්ත වී තිබෙන්නට බොහෝ ඉඩ ඇතැයි පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය මත රෝග ව්‍යාප්තිය පාලනයට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද පෙන්වා දුන්නේය....